
(ඡායාරූපය - රේඛා තරංගනී)
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
අඟුලාන පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බව කියන තවත් පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය.
ඒ අතර කාන්තාවන් හත් දෙනෙකු වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
අඟුලාන පොලිසියේ ජනේල් වීදුරු වලට ,නාම පුවරුවට සහ වාහන කිහිපයකට හානි සිදුවී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

අඟුලානේ සිද්ධියට සම්බන්ධ තිදෙනෙක් පොලිසියට බාර වෙති
(රේඛා තරංගනී ෆොන්සේකා)
අගුලාන පොලිසිය ඉදිරි පිට ඇති වු කලබලයට සම්බන්ධ බව කියන තිදෙනකු පොලීසියට බාර වී තිබේ.
කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු පොලීසියට බාර වී ඇති අතර බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඔවුන් ගල්කිස්ස පොලීසියට බාර දී තිබේ.
සිදු වූ දේපළ හානි සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් , මරණකරුගේ පාර්ශවයට යම් ආසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලීසියට උපදෙස් ලබා දී තිබේ.
අඟුලාන පොලීසියට එස්ටීඑෆ් ආරක්ෂාව
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගුලාන පොලිසිය ඉදිරිපිට ඇතිව කලබලකාරී තත්වය පාලනය කිරීම සදහා මේ වන විට පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවා ඇත.
ඇතිව තිබෙන තත්වය සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටින උසස් පොලිස් නිලධාරීන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටිති.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද අඟුලාන පොලිසියට පැමිණ සිටී.
ඒ අවට ඇති වූ කලබලකාරී තත්වය මේ වනවිට පාලනය කර ඇති අතර, පොලිසිය ඉදිරිපිට නවතා තිබූ වාහන කිහිපයකටද හානි වී ඇත.
අඟුලාන පොලීසියට කලබල කළ පිරිසට කදුළුගෑස් ප්‍රහාර
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
අගුලාන පොලිසිය ඉදිරිපිටට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරීමත් සමඟ පොලිසිය අද(16) කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබේ.
එම පිරිස පොලිසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමගම එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.
ඉකුත් 10 වෙනිදා රාත්‍රියේදී පොලිස් වෙඩි පහරින් මියගිය අමිත් කරුණාරත්න නැමැති හත් දරු පියාගේ නඩු විභාගය අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවැත්විණි. එම මරණයට අදාළ සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන නොමැතිවීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුනොවීම මත මෙම කලහකාරී තත්වය ඇතිවිය.




(ඡායාරූප - එච් එම් ධර්මපාල)






(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
COMMENTS
දැනට නඩුවක් දාලා පස්සේ නිදහස් කරයි. 2013 බන්ධනාගාරේ ඝාතන නඩුවටත් ඕක තමයි වුණේ...
අපේ කස්ටියත් ඇමරිකාව කොපි කරනවා වගේ. මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ ඔය විනාශ කරන්නේ තමන්ගේම දේපල කියලා. සාමකාමීව උද්ඝෝෂණ කරන්න පුරුදු වෙන්න.
ආණ්ඩුවටත් ළඟදීම ඔයවගේ කන්න වෙනවා.
වාර්තා කරන ඡායාරූප හා වීඩියෝ වලින් පැහැදිලියි තුන්දෙනෙක් නෙමෙයි පොලිසියේ දේපළවලට අලාභහානි කලේ කියලා... ඔක්කොම වැල්ලේ අය... අනිවාර්යයෙන් අධිකරණයට ඉදිරියට ගෙනියන්න වෙනවා. එකඑක අයට ඕන විදියට රටේ නීතිවෙනස් කරන්න හෝ අතට නීතිය ගන්න බැහැ. අනික පොලීසියේ දේපළ කියන්නේ රාජ්‍ය දේපළ.. එවිට ඇප නැහැ මහාධිකරණයෙන් හැර පොලිසියේ අයත් මැරුණු කෙනාට වෙඩි තිබ්බෙ ඇයි කියලා පැහැදිලි කරන්න යන්න සාක්ෂි නැහැ... සීසීටීවී නැතිනිසා පොලීසියට එරෙහිවයි සාක්ෂි තියෙන්නේ... අඟුලානේ අය කොහොමත් සීමාව ඉක්මවලා යනනිසා රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම යටතේ අඟුලානේ පොලිසියට ගල්ගහපු අය සියල්ලම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළයුතුයි. නැත්නම් ඔය දේ පූර්වාදර්ශයක් වෙනවා.. එ්වා වැළැක්විය යුතුයි..
අඟුලානේ සිද්ද වෙච්ච නිසා ඔයින් ගියා.. බැරිවෙලාවත් ඕක පුත්තලමේ, බේරුවල හරි කාත්තන්කුඩියේ වුණා නම්... මෙලහකටත් හාමුදුරු ගොල්ලෝ කීයක් පාරට බැහැලා ඇද්ද අන්තවාදීන් කියලා.. අඟුලානේ වුණු නිසා කලබලේ පුත්තලමේ වුණා නම් අන්තවාදේ...
අපි නොදන්න දේශබන්දු ..
පොලිසිය මිනිසෙකුව මරා, පොලිස් බලයට මුවා වී කරබාගෙන සිටී නම් එහි යම් වැරැද්දක් ඇත. එවැනි අවස්ථාවක මහජනයාගේ නැගීසිටීමේ වරදක් නැහැ. ඇමෙරිකාවේ සිදුවූයේත් කළු මිනිසුන්ව අසාමාන්‍ය ලෙස ඉලක්ක කර පහර දීමට විරුද්ධව මහජනයාගේ නැගී සිටීමකි...
ජනතාව විසින් නීතිය ක්‍රියාත්මක කරවීම...
අවශ්‍ය නම් මිනිසුන්ට පුලුවන් සාමකාමීව විරෝධය පලකරන්න. නීතියට ගල්ගහන එක සුදුසු දෙයක් නෙවෙයිනේ. හැම දෙයක්ම පාට පාට කණ්ණාඩිවලින් බලන අමන ජනයාට මේවා වීර ක්‍රියා වුණාට, අද පොලිසියට ගල්ගහන කෙනා හෙට ඇවිත්... සාමාන්‍ය මිනිහට වෙඩි තියයි. විනයක් නැතිකම තමයි.
ප්‍රශ්නය තමන්ගේ නොවන තෙක් පිළිතුර දාර්ශනිකයි.
උදේ 5ට පොලිසියෙන් පැමිණ නඩුවක සාක්කිකරුවන් උස්සාගෙන ගියාම ගමක් කැළඹෙනවා තමයි. ගමේ මිනිසුන් එකතුවීම තමයි ඒ මිනිසුන්ට තියෙන ශක්තිය. සාක්කිකරුවන් අල්ලන් ගිහිල්ලා මරා පුලුස්සා දැමුවොත් මොකද කරන්නේ..? මේ උද්ඝෝෂණය නිසා තමයි රටම දැනගත්තේ මේ පොලිසියේ කෙරුවාව..