කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් පෝලන්ත ජාතිකයින් 04ක් අයි.ඩී.එච්. රෝහලට
ශ්රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ, එය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයින් 04දෙනෙකුගේ කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා, කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. වසංගත රෝග රෝහල වෙත යැවීමට අද (14) උදෑසන පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.