
(අජන්ත කුමාර අගලකඩ)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2016 සිට 2019 දක්වා කාලය තුළ රුපියල් කෝටි 1,100 ක පමණ (රුපියල් මිලියන 11,059) මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් සිය වාර්තාවෙන් පවත්වා දී ඇත.
පිටු 142 කින් සමන්විත එම කමිටු වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අරලිය ගහ මන්දිරයේදී අද (28) බාර දෙනු ලැබීය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉකුත් 2016 සිට 2019 දක්වා කාලය තුළ සිදුවූ අක්‍රමිකතා සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණි සරත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් මීට මාස කිහිපයකට ඉහතදී පත්කරනු ලැබීය.
හිටපු අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වූහ.
නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු ආපසු ගැනීම හා තැන්පතු පොලී ආදායම අහිමිවීමෙන් රුපියල් කෝටි 260 ක් පමණ ද (රුපියල් මිලියන 2,608) බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා තනතුරු සඳහා බඳවා ගැනීම වැටුප් හා දීමනා ලෙස ගෙවීමෙන් රුපියල් කෝටි 306 ක් පමණ ද රුපියල් මිලියන 3,060 විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික හා ආගමික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදීමෙන් රුපියල් කෝටි 231 ක් පමණද (රුපියල් මිලියන 2316 ) ක් ආවභාවිත වී ඇතැයි ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සඳහන් කර ඇත.
තීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවන දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීමට රුපියල් කෝටි 75 ක මුදලක් (රුපියල් මිලියන 753) ක් ගෙවා ඇති අතර අරමුදලේ සංචාරක ප්‍රවේශ පත්‍රවල ඩොලර් ආදායම රුපියල් වලට පරිවර්තනය කිරීමේදී රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක (රුපියල් මිලියන 48) ක අලාභයක් සිදුව ඇතැයිද වාර්තාවෙන් පෙන්වා දී ඇත.
පුරාවිද්‍යාභාරය සඳහා නියමිත දායකත්ව මුදල නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා රුපියල් කෝටි 226 ක ( රුපියල් මිලියන 2,266) මුදලක් වැය කර ඇති අතර අපේ ගම ව්‍යපෘතියේ දේපල පැවරීමේදී රුපියල් ලක්ෂ 80 ක අලාභයක් සිදුව ඇතැයිද කමිටු වාර්තාව සඳහන් කරයි.
මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදල සතු ඩොලර් ගිණුමෙන් නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇතැයිද ඉකුත් ජනාධිපතිවරණ සමයේදී අරමුදලේ ස්ථාවර ගිණුමෙන් රුපියල් කෝටි 40 ක් ( රුපියල් මිලියන 400 ක් ) කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ඇතැයිද වාර්තාවේ සඳහන් වේ.
මධ්‍යම සංස්කෘතික අරමුදල මහා භාණ්ඩාගාරයේ ඇනුමැතියකින් තොරව ජංගම ගිණුම් 25 ක් ආරම්භ කර ඇතැයි ද මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනීම් විදේශ ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ ඇතැයිද වාර්තාවේ සඳහන් වේ.
මේ අතර ගෙවීම් සම්බන්ධයෙන් බැහැරව මුදල් ගෙවීම සඳහා පසුව ලේඛන සකස් කර ඇති බව අනාවරණය වී ඇතැයිද කමිටු වාර්තාවේ සඳහන් වේ.
ඉකුත් 2019 වසරේදී කළ අවිධිමත් වියදම් පියවා ගැනීමට පසුගිය වසරේ නොවැම්බර් මස 15 වැනිදා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති අතර ඊට සහභාගි වී ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 5 දෙනෙකු වුවද සහභාගි නොවූ සාමාජිකයන්ගේද අත්සන් ලබා ගෙන ඇතැයිද කමිටු වාර්තාවේ සඳහන් වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මෙම තත්ත්වය තුළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බැවින් සාමාජික අත්සන් තහවුරු කර ගැනීම සඳහා බවට කමිටුව නිර්දේශ කර ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කමිටු වාර්තාව අගමැතිවරයාට බාරදීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් , අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න සහ ගනේෂ් ධර්මවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ අපි හිතුවේ මීට කලින් මේක කරයි කියලා.
හොරු දන්නේ නැහැ ඔවුන් හොරු බව, ඒත් අපි දන්නවා ඔවුන් හොරු බව.
වංචාවක් වෙලා නැහැනේ, වියදම් කරලානේ තියෙන්නේ.
දෙගොල්ලොම එකවගේ හොරු කියන කීම දැන්වත් නවත්වමු.
සජිත් මාධ්‍ය සාකාඡ්ඡාවක් පවත්වා මෙහි සදහන් චෝදනාවලට කරුණාකර රටට වගකීමෙන් පිළිතුරක් ලබා දෙන්න. මෙම චෝදනා අබුත චෝදනාද නැතිද කියා වහාම රටට හෙළිකරන්න. ඔබ ඇතුළු ඔබගේ පක්ෂයේ ඔබගේ සමීප තමයන් විසින් බැදුම්කරය සම්බන්දව කරගෙන යනු ලබන චෝදනා වලට රවී කරුණානායක සමග විවාදයකට පැමිණෙන මෙන් ඔහු ප්‍රසිද්දියේ ලබාදී ඇති අබියෝගය බාරගෙන පිළිතුරක් රටේ ජනතවට ලබා දෙන්න. ඔබට එම අබියෝගය බාරගැනීමට එතරම් අපහසු වන්නේ මන්ද ?
එය ජාතික අපරාධයකි.
හරි හරි... යහපාලන ආණ්ඩුවෙන් විතරයි මහජන මුදල් කොල්ල කෑවේ. හරිම නරක හොරු ටිකක්.
2016 සිට 2018 දක්වා කාලය තුල එස්. බි. නාවින්න, විජයදාස රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමති පදවි දැරුවත් මෙම වංචාවල් සජිත් පිටම දමලා ඡන්දෙට බලපෑමක් කරන්න මේ හදන්නේ.
කිසිම සමාවක් නොදී දඬුවම් කලයුතු අතර, පාඩුව ඔවුන්ගෙන්ම පියවා ගැනීමට කටයුතු කලයුතුයි.
මම දන්නේ නැති නිසා අහන්නේ අර හෙල්පින් හම්බන්තොට වංචාවටත් සජිත්ව ඔයගමන්ම ගාවන්න බැරිද ආයුබෝවන්.?
අපරාදේ අපේ පුරාණ රජවරු තවත් පෞරාණික ස්ථාන තවත් හදා තිබුනානම් තමා හොඳ.
අම්මෝ සජිත් ඔයා මාරයිනේ...
මේක තමයි ලංකාවේ තුට්ටු දෙකේ දේශපාලනය. ඡන්දේ කිට්ටු වෙද්දී මේවා එන්නේ.
ජනාදිපතිවරනෙට, මහ ඡන්දෙට අතදිගඇරලා වියදම්කරලා තියෙන්නෙ අපේ රට දියුණුකරන්න තියන සල්ලිවලින්.
සොහොන් කොත් හදපුවට නඩු නෑ හාමුදුරුවනේ...
මේ වාර්තාව සත්‍යනම් මේ කරපු වැඩ වැරදියි.
මේ මඩ ගැහිල්ලට මහා ජනතාව 5 දා ලස්සනට පිලිතුරුදේවි රනිල්ටයි, මහින්දටයි. 6 වෙනිදා ප්‍රභල මහජන දායකත්වයකින් සජිත් රටේ අගමැතිවෙනවා නියතයි....!!! සජිත් මහත්තයෝ. ඔබතුමා එදා මෙදා හිටපු හොරු ඔක්කොම අල්ලලා කුඩු කරන බව ජනතාවට කියන්න. ඒවගේම කරන්න. ජයවේවා !!!
සොහොන්කොත් ඩෝසර් කරන යුගයක් උදාවේවා...!!!