
(නිමල කොඩිතුවක්කු)
පසුගිය වසරේදී විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 85,000ක් පාඩු ලැබූ බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කොළඹදී අද (30) පැවසීය.
මේ වසරේදී පාඩුව රුපියල් කෝටි 90,000ක් බවට පුරෝකථනය කළත් රුපියල් කෝටි 63,000 ක සීමාවකට එම පාඩුව අවම කරගැනීමට හැකියාව තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ඉන්ධන සහනය හිමිවීම සහ කර්මාන්ත ශාලාවල පරිභෝජනය අඩුවීම හේතුවෙන් තාප විදුලිය නිෂ්පාදනයට යන වියදම අවම වීමෙන් මෙම පාඩුව අවම කිරීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව පාන් ගෙඩියෙන් ගෙවන බදු. විදුලිය ලොකු පොඩි භේදයකින් තොරව හැමෝටම දෙන්නෙ එකම ගාණට. ආණ්ඩුවට බිස්නස් කරන්න බෑ කියලා ලෝකෙම පිළිගත්තත් ලංකාවේ තාම 70 ගණන්වල ස්ටයිල් එකමයි. වහා පුද්ගලීකරණයට ලක්කර රටේ මුදල් නාස්තිය අඩුකරන්න...
අනවශ්‍ය සේවකයින් සහ අනවශ්‍ය වියදම් අවම කළාම පාඩුව තව අඩුකර ගතහැකියි. තවම ප්‍රමාද නැහැ.
මේ පාඩුවලට වගකිව යුත්තෝ නැතිද?
වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියන්නද? රැකියා දෙන්න පොරොන්දු වෙච්චි විදිහට ඡන්දෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා බලමුකෝ.. ප්‍රයිවට් බසයක පාපුවරුවේ පවා එල්ලගෙන යන ආකාරයට පත්වෙයි. පලාබබත් එන නිසා..