කොරෝනා රෝගීන් සංඛ්‍යාව 654 ට නගී වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 654 දක්වා ඉහළ ගොස් තිබේ. 14 July 2020
කැකිරාව කිතුල්හිටියාව 30ක් ස්වයං-නිරෝධායනයට කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ නිවාස 7ක පුද්ගලයින් 30ක් ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 14 July 2020
රාජාංගනයේ සංචරණය නවතයි කොරෝනා ආසාදිතයන් හමු වූ රාජාංගනය ප්‍රදේශ කිහිපයක සංචරණය සම්පූර්ණයෙන් ම අඩාල කර, නවතා දමා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය. 13 July 2020
කන්දකාඩුවේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකුට කොරෝනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට නැවත කොරෝනා ආසාදනය වී ඇතැයි අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. 13 July 2020
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 623 ට නගී අද (12 වැනිදා- ඉරිදා) රාත්‍රී 10.00 වන විට ජාතික බෝවන රෝග මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් 10 කින් වැඩිවී තිබේ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 623 කි. 12 July 2020
පොහොට්ටුවේ ප්‍රධාන ප්රචාරක රැළි නවත්වයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද සියලු ප්රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත. 12 July 2020
තවත් 43දෙනෙකුට කොරෝනා කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයට සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවියට අනුව, ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අද උදෑසන 07.34 වනවිට නිකුත් කරන ලද දත්ත අනුසාරයෙනි. 12 July 2020
ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 468 දක්වා ඉහළට වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවිය අනුව අද (11 වැනිදා) සවස් වන විට ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 468 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අද පස්වරු 6.15 ට නිකුත් කරන ලද දත්ත අනුසාරයෙනි. 11 July 2020
තවත් ආසාදිතයින් 10 ක් හඳුනාගැනේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 10 July 2020
මීගමු බන්ධනාගාරයේ ගලියක තිබූ දුරකථන 12 ක් සොයාගනී මීගමුව බන්ධනාගාරයේ ජේලර් නේවාසිකාගාරයේ පිටුපස මළ අපද්‍රව්‍ය ගලියක සඟවා ඉටිකවරයකු බහා තිබී ජංගම දුරකථන 12 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (10) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 10 July 2020
කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් 196ක් කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 196 ක් අද (10) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 10 July 2020
නාකොටික් නිලධාරීන්ට අයත් තවත් වාහන කිහිපයක් සොයාගනී හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා යටතේ දැනට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නෑදැයෙකුට හා පොලිස් සැරයන්වරයකුට අයත්බව කියන ලොරි රථ හතරක් , වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ. 09 July 2020
කොරෝනා ආසාදිතයින් 57 ක් හමුවෙයි කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිත 56 දෙනකු පිළිබඳව අද (09) තහවුරු කරගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි . 09 July 2020
ඒකක 90ට අඩු විදුලි බිල්පත්වල ගාස්තුවෙන් සියයට 25ක් අඩුකරයි ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට මාර්තු ,අප්‍රේල් සහ මැයි මාසවල බිල්පත් සඳහා 25% ක ගාස්තු සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 09 July 2020
ඉහළ ගිය විදුලිබිලෙන් කොටසක් දැරීමට රජය තීරණය කරයි මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 July 2020
බන්ධනාගාර රැඳවියන් බැලීම අද සිට තහනම් ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීම නැවත දැනුම් දෙනතුරු අද ( 8) සිට අමුත්තන්ට තහනම් කර ඇතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය. 08 July 2020
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 18 වැනියත් අත්අඩංගුවට අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය , කුඩු ජාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියට අදාල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරියෙක් අද (07) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 07 July 2020
කොත්මලාඔය ඉවුරේ ගල්බෙනයකින් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගනී නාවලපිටිය පොලිස් වසමට අයත් මාවතුර දඹගල්ල ප්‍රදේශයේ කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක තිබී පුපුරන ද්‍රව්‍ය රැසක් සොයාගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.පි.කළුගම්පිටිය මහතා පැවසීය. 07 July 2020
කිලිනොච්චියෙන් බෝම්බ හමුවීමත් සමඟ උතුරේ ආරක්ෂාව තර කෙරේ කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. 07 July 2020
රැඳවියා ආසාදිතයකු වීමෙන් කන්දකාඩුවේ 605 ක් නිරෝධායනයට වැලිකන්ද,කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත යවා සිටි පුනරුත්ථාපන ලාභියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසුව කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දැනට සිටින පුනරුත්ථාපනලාභීන් 474ක් සහ එහි කාර්ය මණ්ඩලය 131ක් නිරෝධායනයට ලක්කිරීම සඳහා අද(07) පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ,වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය. 07 July 2020
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු කෝවිඩ්-19 ආසාදිතයකු වශයෙන් අද(07)තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 07 July 2020
පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කෙරේ මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. 07 July 2020
කුසල් මෙන්ඩිස්ට ඇප පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයකු මරණයට පත්කළැයි කියන සිද්ධියට අදාළව ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (6) නියෝග කළේය. 06 July 2020
නීතී විරෝධී ප්‍රචාරණ මඩින්න කෝටි හතහමාරක් මහමැතිවරණය වෙනුවෙන් අපේෂකයන්ගේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු ඉවත් කිරීම සදහා පොලිසිය වෙත ලක්ෂ 758 ක මුදල් ප්‍රතිපාදන හිමිව ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි. 05 July 2020
බහරේනයේ සිටි 290 ක් ලංකාවට ගෙන එති මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (5) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 05 July 2020
කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, පානදුර ගොරකාන ප්‍රදේශයේ දී අද (5) පෙරවරු 5.15 ට පමණ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 05 July 2020
ආණ්ඩුවට වන අවාසිය නතර කරන්න විමර්ශන නතර කළා ලෝක කුසලාන 2011 තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාවා දුන්නේද? නැද්ද? යන්න සෙවීම සඳහා ආරම්භ කෙරුණු විමර්ශනය ආණ්ඩුව මැදිහත්වෙලා යටගැසූ බවත්, එය තව දුරටත් පවත්වා ගෙන ගියහොත් තමන්ට අවාසි වන බව දැන්ගත් ආණ්ඩුව එය ඉදිරියට යාම වැළැක්වූ බවත්, ක්‍රීඩාව සම්බන්ධයෙන් බොරු චෝදනා කළහොත් රටේ ක්‍රීඩා නීතිය යටතේ වසර 3ක සිර දඬුවමකට යටත් කරන්නට හැකි බවත් හිටපු විදෙස් කටයුතු සම්බන්ධීකරන ලේකම් 04 July 2020
සී.අයි.ඩීය හිටපු අගමැතිගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (03) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මූලස්ථාන කියයි. 03 July 2020
2011 ලෝක කුසලාන පාවාදීමේ පරීක්ෂණ අවසන් වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 03 July 2020
පොලිසිය මහේලට අද එන්න එපායි කියයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි. 03 July 2020
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026