රැම්සා තෙත් බිම ඩෝසර් කළ ඩෝසර්කරු අත්අඩංගුවට ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කිරිමට යොදා ගත් ඩෝසරය හා එහි ක්රියාකරු අද (28) අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. 28 August 2020
’19 අහෝසි කිරීමට එරෙහිව සියලු කණ්ඩායම් එක වේදිකාවට කැඳවනවා’ දහනවවන ව්යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව ප්රජාතන්ත්රවාදයට ගරු කරන සියලු කණ්ඩායම්වලට එක වේදිකාවකට එන්නැයි සමගි ජන බලවේගය ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(28)පැවසීය. 28 August 2020
සා.පෙළ ලබන ජනවාරියට කල් යයි මෙවර අධ්යයන පොදු සහතික පත්ර (සාපෙළ) විභාගය ලබන ජනවාරි මස 18 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පැවසීය. 28 August 2020
කුඩු ජාවාරම්කරුවන්ගේ කෝටි 264 ක ගිණුම් අත්හිටුවයි මත්කුඩු ජාවාරම්කරුවන්, මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් කෝටි 264 ක මුදල් සංසරණය වී තිබු ගිණුම් 102 ක් මේ වනවිට අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 27 August 2020
කෝටි තුනක මත්කුඩු සමඟ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් දැලේ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් කොළඹ කෙසෙල්වත්තේ දී රුපියල් කෝටි තුනකට අධික වටිනා හොරෙයින් මත්කුඩු , මුදල් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 27 August 2020
අඩි 100ක් උස සල් ගසකට නැගුණු කතක් උපවාසයක බලන්ගොඩ දියඉන්න ප්රදේශයේ කාන්තාවක් බලංගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අඩි 100 ක් පමණ උස සල් ගසකට නැගී අද (27) උපවාසයක් ආරම්භ කළාය. 27 August 2020
විදුලිය බිඳවැටී ඇත්තේ විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් දිවයිනපුරා ඉකුත් 17 වැනිදා විදුලිය බිඳවැටීම කෙරවලපිටිය උප බලාගාරයේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් ඇති වූවක් බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇත. 26 August 2020
කෝටි 42කට අධික මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගනී ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනාගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී අඹතලේ ප්රදේශයේ නිවසක සගවා තිබූ කෝටි 42 කට අධික හොරෙයින් මත්කුඩු, ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 26 August 2020
ජනාධිපති කොමිසමේ සාමාජිකයෝ හිටපු ජනපති සොයා ගෙදරට යති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ප්රකාශයක් ලබා ගැනීමට ජනාධිපති කොමිසමේ නිලධාරීහු පිරිසක් ඒ මහතා පදිංචි කොළඹ පිහිටි නිවසට පැමිණියහ. 26 August 2020
රත්මලානේ උකස් ආයතනයක කෝටි 2 ක රන් බඩු සොරු ගනිති රත්මලාන බෙලෙක් කඩේ හන්දියේ පිහිටි රන්භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් කෝටි 2 පමණ වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 25 August 2020
කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 ට නිකුත්කළ වරෙන්තුව වළක්වාලමින් අතුරු නියෝගයක් කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්රාත්වරයා නිකුත් කළ වරෙන්තු ක්රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය. 25 August 2020
සිරගෙවල් 4 කට එස්.ටී.එෆ් කොළඹ ප්රධාන බන්ධනාගාර හතරේ ආරක්ෂාව සඳහා භටයන් 150 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා (S.T.F) අනුඛණ්ඩයක් ඊයේ (24) සිට යොදවනු ලැබීය. 25 August 2020
වැලිකඩ බන්ධනාගාරයට සී.සී.ටී.වී වැලිකඩ බන්ධනාගාරයට නොබෝ දිනකින් සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවිකරන බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය. 24 August 2020
අංගජන්ට-අතාවුල්ලාට ඇමැතිකම් දෙන්නැයි විමල් කියයි යාපනයෙන් මැතිසබයට ආ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී අංගජන් රාමනාදන් මන්ත්රීටත්, නැගෙනහිර පළාතෙන් ජාතිවාදය ප්රතික්ෂේප කරමින් නොයෙක් බාධක මැද පාර්ලිමේන්තුවට ආ අතාවුල්ලා මන්ත්රීටත් ඇමතිකම් දිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් විරවංශ මහතා ප්රකාශ කළේය. 24 August 2020
එජාප නායකත්වය භාරගැනීමට සූදානම් බව කරු කියයි පක්ෂයෙත් ශ්රී ලංකාවෙත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකියැයි හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 24 August 2020
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන තීරණය හෙට කුරුණෑගල නගරයේ පවතින ‘ බුවනෙක හෝටලය ’ නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්රාත්වරයා නිකුත් කර ඇති වරෙන්තුව ක්රියාත්මක වීම හෙට (25) දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය අද(24) නියෝග කළේය. 24 August 2020
දේශපාලන දොරෙන් තානාපති කාර්යාලවලට ගිය අය ආපසු ගෙන්වයි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනතේ විධිවිධානවලට පටහැනිව පසුගිය සමයේ විදේශ රටවල තානාපති කාර්යාලවල සේවය සඳහා කම්කරු සුභසාධන නිලධාරින් යවා ඇතැයි විදේශ රැකියා ප්රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ අමාත්ය ප්රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 23 August 2020
කොකාවිල් බහුසම්ප්රේෂණ කුලුන පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කරයි කිලිනොච්චිය, කොකාවිල් බහුසම්ප්රේෂණ කුලුන පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන ඇත. 23 August 2020
අංගොඩ ලොක්කාගේ ප්රධාන වෙඩික්කරුවා පොලිස් වෙඩි පහරින් මරුට ඝාතනයට ලක්වූ බව කියන, අංගොඩ ලොක්කාගේ පාර්ශවයේ ප්රධාන වෙඩික්කරුවා වූ ’මල්වතු හිරිපිටිය චමින්ද එදිරිසූරිය’ හෙවත් ’චමියා’ නැමැත්තා පොලිස් වෙඩි පහරින් මියගිය බව පැහැදිලි ගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 23 August 2020
අලව්වේ අනතුරකින් 5ක් මරුට කුරුණෑගල කොළඹ ප්රධාන මාර්ගයේ අලව්ව වළකුඹුර ප්රදේශයේදී අද (22) අලුයම 5.00 ට පමණ වැලි පිරවූ ටිපර් රථයක් මහ කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි. 22 August 2020
‘අපේ ජනබල පක්ෂයේ මන්ත්රී ධූරය අවලංගු කරන්න’ ‘අපේ ජනබල පක්ෂය’ට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්රී ධූරය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාධ්ය ප්රකාශක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද(21)ඇඹිලිපිටියේදී පැවැසූහ. 21 August 2020
ජනපතිගේ ප්රතිපත්ති ප්රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්රතිපත්ති ප්රකාශය සම්බන්ධයෙන් වන විවාදය අද (21) පැවැත්වේ. 21 August 2020
‘19 වැනි ව්යවස්ථා සංශෝධනය ඉවත් කරනවා‘ 19 වැනි ව්යවස්ථා සංශෝධනය ඉවත් කර නව ව්යවස්ථාවක් ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ප්රකාශ කළේය. 20 August 2020
නව කතානායක මහින්ද යාපා පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා ද, නියෝජ්ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතාද පත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම අද(19) පස්වරුවේ තීරණය කළේය. 19 August 2020
20 වැනි ව්යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන්න අවසර 19 වැනි ව්යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ව්යවස්ථා සංශෝධන කෙටුම්පත් කිරීමට අද (19) කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. 19 August 2020
කහ කිලෝ 807 ක් සමඟ 4 ක් නොරොච්චෝලෙන්-මන්නාරමෙන් අත්අඩංගුවට මුහුදු මගින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබු වියලි කහ කිලෝ 807කට ආසන්න ප්රමාණයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 19 August 2020
නාකොටික් කුඩූ ජාවාරම මෙහෙයවීම ඩුබායිවලින් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් සම්බන්ධ හෙරොයින් මත්ද්රව්ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන “උදාර සම්පත්” නමැත්තා බව නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (18) ප්රකාශ කළේය. 19 August 2020
පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිස් ලබන 20 වැනි දා පවත්වන පළමු පාර්ලිමේන්තු රැස්වීමේ දී පක්ෂ දෙකකට හිමි මන්ත්රී ආසන දෙකක් හිස්ව තබන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්රකාශ කරයි. 18 August 2020
’ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවෙනවා නම් මන්ත්රී ධූරය අතහරිනවා’ තම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්රීධූරය භාවිතා කළ යුත්තේ ප්රබල සමාජ ව්යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්රී ධූරය ඇතත් නැතත් තමන් වහන්සේ ඒ අරමුණ වෙනුවෙන් දිවි දෙවැනි කර කැපවන බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ 18 August 2020
කෝටි 100ක ව්යාජ මුදල් නෝට්ටු අල්ලයි රුපියල් කෝටි 100ක වටිනාකමට රුපියල් 5000 ව්යාජ මුදල් නෝට්ටු මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මුල්ලේරියාව ගල්වාන ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 18 August 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026