IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා‘

පාර්ලිමේන්තුව හෙට උදෑසන 9.30 වන තුරු කල් තබන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා  දැනුම් දුන්නේය.


19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි
 


ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම අරඹයි  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය  ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.


පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඇරැඹෙයි

නව රජයේ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (20) පස්වරුවේ ආරම්භ කෙරිණි.

අද (20) පස්වරු 2.40 ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.


 


පාර්ලිමේන්තුව පස්වරු 3 තෙක් කල් තබයි

නව වන පාර්ලිමේන්තු සභාවේ කටයුතු පස්වරු 3 දක්වා කල්තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

 


විරුද්ධ පක්ෂයේ නායක ධූරයට සජිත්

නව වන පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශවයේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත් කළේය.


පාර්ලිමේන්තු සභානායක ධූරය දිනේෂ්ට

පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කළේය.


නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්

නියෝජ්‍ය කාරක සභා නායක ලෙස අංගජන් රාමනාදන් මහතා පත් කළේය.


නව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය

පාර්ලිමේන්තුවේ  නියෝජ්‍ය කතානායකවරයා  ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පත් කළේය.


නව කතානායක මහින්ද යාපා අබේවර්ධන 

 

පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා  පත් කළේය.

 
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ  යෝජනාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ස්ථිරත්වයෙන්  කථානායකවරයා පත් කළේය.

 


 

නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම ඇරඹේ

 

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

නව වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද (20) පෙරවරු 9.30 ට ආරම්භ විය.

මෙහිදී නව කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා තෝරා ගැනීමත් අභිනව මන්ත්‍රීවරුන් කතානායකවරයා ඉදිරියේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් ලබාදීමත් සිදුවේ.

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 03.00 ට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කරන අතර එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට  නියමිතය.

ජනාධිපතිවරයා පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට එතුමාගේ උපදෙස් මත, කටයුතු යොදා ඇත.

ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාළි නොපැවැත්වෙන අතර ඒ වෙනුවට පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් සිදුවේ.

එහිදී ආරාධිත අමුත්තන්ගේ  පැමිණීම පස්වරු 2.15 සිට සිදු වන අතර, පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය  සිදුවීමට නියමිතයි.

පසුව නව කථානායකවරයාගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම  සිදුවන අතර,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.

එහි දී නව කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිතය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 67 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site