
(විනීතා එම්. ගමගේ)
යාපනයෙන් මැතිසබයට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අංගජන් රාමනාදන් මන්ත්‍රීටත්, නැගෙනහිර පළාතෙන් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් නොයෙක් බාධක මැද පාර්ලිමේන්තුවට ආ අතාවුල්ලා මන්ත්‍රීටත් ඇමතිකම් දිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කළේය.
ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් උතුරේ හා නැගෙනහිර ජනතාව මෙම දෙදෙනා පාර්ලිමේන්තුවට එවා ඇති බැවින් ඒ ප්‍රවණතාවට ජීවය දිය යුතු යැයි තමන් කියා සිටින බව ද හෙතෙම සඳහන් කළේය. සම්බන්ධන් හා විග්නේෂ්වරන් ඇතුළු තරඟකාරි ජාතිවාදී දේශපාලකයන්ගේ දේශපාලනය උතුරේ දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා බියට පත් විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ජාතිවාදි වීරයකු වීමට දඟලන්නේ යැයි ද ඔහු සඳහන් කළේය. ජාතිවාදි වීරයකු වීමට විග්නේෂ්වරන්ට ඇති උවමනාව පාර්ලිමේන්තුවේ මංගල සැසිය දා කතාවෙන් පෙන්නුම් කරන බවද අමාත්‍යවරයා කීය.
මංගල උත්සවයක බීමතින් හැසිරෙන පුද්ගලයකුට පහරදී එය ගැටුම්කාරි තැනක් බවට පත් නොකරනවා සේ ඒ මංගල සභාවාරයේ තමන් ඔහුට ප්‍රතිචාර නොදැක්වූ බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
කර්මාන්ත අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හෝමාගම උඩුවන ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි. මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තුති පිදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ උඩුවන සංවිධායක සිසිර බණ්ඩාර මහතා විසින් එම උත්සවය සංවිධානය කරනු ලැබීය.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කළේ මඟුල් ගෙදරක දී බීපු නෑදෑයෙක් වංසෙ කබල් ගාන්නට පටන් ගැනීමක් වැනි වැඩක් යැයි ද කියා සිටියේය. එවන් අවස්ථාවක නොබීපු අය කළබල නොවන බවත් නෑදැයින් කළබල වුවහොත් මඟුල් ගෙදරට වන්නේ කුමක් දැයි සිතාගත හැකි බවත් හෙතෙම කියා සිටියේය. ඔහුගේ උවමනාව වී තිබුණේ තමන් සම්බන්ධන්ට වඩා දෙමළ ජනතාවට සමීප යැයි පෙන්වීම බව කී අමාත්‍යවරයා කොළඹ හතේ ජීවත්වීම, රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීම වැනි හේතු නිසා ඔහුට දෙමළ ජනතාවට ලංවීමට මගක් වුවමනා වී තිබුණේ යැයි ද කියාසිටියේය.
ඔහුගේ උවමනාව වී තිබුණේ තමන් සම්බන්ධන්ට වඩා දෙමළ ජනතාවට සමීප යැයි පෙන්වීම බව කී අමාත්‍යවරයා කොළඹ හතේ ජීවත්වීම, රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීම මෙන්ම තමන්ගේ දරුවන් දෙදෙනා සිංහල තරුණයින්ට විවාහ කර දිම වැනි හේතු නිසා ඔහුට දෙමළ ජනතාවට ලංවීමට මගක් වුවමනා වී තිබුණේ යැයි ද කියාසිටියේය.
කතා නායකවරයාට සුබ පතන්නට ලැබුණු අවස්ථාවේ ලොව පැරණිම භාෂාව දෙමළ යැයි කියා ඇඟේ නැති ජාති ආලයක් පෙන්වූ විට එය දෙමළ පුවත්පත්වල සිරස්තල යන බවත්, එවිට සම්බන්ධන්ට වඩා වීරයකු වන්නට තමන්ට හැකි බව ඔහු දන්නා බවත් හෙතෙම සඳහන් කළේය. මේ ජාතිවාදී දේශපාලනය උතුරේ දෙමළ ජනතාව කොයිතරම් ප්‍රතික්ෂේප කරන්නේ ද යන්න ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උතුරෙන් ආසනයක් දිනාගන්නට හැකි වීමෙන්ම පෙනී යන්නේ යැයි ද ඔහු කීය.
හකීම්, රිෂාඩ්, සහරාන්ලාගේ උකුළු මුකුළු දේශපාලනයට තිත තබා අන්තවාදි දේශපාලනය අතුගා දැමිය හැක්කේ එවිට යැයි ද ඔහු තවදුරටත් පැවැසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රට රැගෙන යමින් ඇත්තේ ජාතිවාදී කල්ලිවලට සෙල්ලම් කරන්නට හැකි අනාගතයකට නොවන්නේ යැයි ද මේ රට තවදුරටත් ස්ථාවර කර ඒකීය භාවය බලවත් කරන කාටවත් ඇඟිලි ගැසිය නොහැකි බලවත් රාජ්‍යයක් වන දිනය ඈතක නොවන බවත් පෙන්වා දුන් ඔහු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කරන්නේ නොසෙල්වෙන රාජ්‍යයක් බවත් සඳහන් කළේය.
විපක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුව කුහක ලෙස විවේචනය කරනවා හැර වෙනත් කාර්යයක් නැතැයි පෙනී යන බව කී වීරවංශ මහතා මේ සියලු කුහකකම් මැද්දේ ආණ්ඩුව තුනෙන් දෙකක බලය හයෙන් පහක බලය දක්වා ගෙන යන බවත් එසේ හදන ආණ්ඩුව අනාගත පරපුරට ආරක්ෂාව සළසනු ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
මෙම ජනහමුවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලක්මව සහදියණියෝ සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, හෝමාගම ප්‍රාදේශීය සබාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
COMMENTS
ඔය දෙන්නට පමණක් නොවේ, විරුද්ධ පක්ෂයෙන් තව 10ක් විතර අරගෙන ඒ අයටත් slfp එකේ මන්ත්‍රීවරුන්ටත් තව කීප දෙනෙකුටත් එක්ක අලුත් ඇමැතිවරු 50ක් පමණ පත්කර ගන්න. ප්‍රශ්නයක් නැහැ.... අපේ බදුවලින්නේ ගෙවන්නේ...
ඇයි හලෝ...? මොන බම්බුවකටද 2/3 බලය තියෙද්දීත් සුළු ජාතිකයින්ට ඇමැතිකම් දෙන්න කියන්නේ..? දෙන්නකෝ ඇමැතිකමක් විජේදාස රාජපක්ෂට... ඒක නම් වටිනවා. අනුන්ට සීනි කිරන්නේ නැතිව ඉන්න... තමන්ට ඇමැතිකම ලැබුණානේ...
ඉතාමත් හොඳ අදහසක්... ඔබතුමාගේ අමාත්‍යාංශය එතුමන්ලාට බාර දීලා ආදර්ශයක් පෙන්නන්කෝ...
හරි ඉතින් අපි දෙමු කර්මාන්ත ඇමැතිකමයි, ඒකේ මොකක් හරි රාජ්‍ය ඇමැතිකමකුයි.. ප්‍රශ්නයක් නැහැ. මොකද කියන්නේ..?
ඉතිං විමලේ, ගිය පාර හම්බකළා මදෑ, දෙමුකො කර්මාන්ත ඇමතිකම ඔය දෙන්නගෙන් කෙනෙක්ට...
ඔහේගේ පඩියෙන් මේ දෙන්නා නඩත්තු කරන්න යන වියදම බලාගන්නවා නම් ගන්න . මතක තියාගන්න ඔහේගේ බර පැනත් මහජනතාව ගෙවන්නේ..
විමල් සහ විගී දෙදෙනාම කරන්නේ එකම ජවනිකාව..එක්කෙනෙක් සිංහලෙන් උසිගන්වනවා.. දියුණු වෙනවා. අනිත් කෙනා දමිළයෙන් උසිගන්වා දියුණුවීමට උත්සාහ කරනවා.
මෙයාගේ පෞද්ගලික බූදලය තියෙනවනේ බෙදන්න ඇමැතිකම්....
ප්‍රභාකරන් හිටියානම් එයාටත් ඇමැතිකමක් දෙන්න කිව්වත් අපි පුදුම වෙන්නේ නැහැ.. නෑ.. නෑ.. මයි...
ඒ ජෝඩුවට ඇමැතිකම් දෙන නොදෙන එක ගැන ඔහෙට හොට දමන්න තියෙන අයිතිය මොකක්ද හලෝ? ඒ ජොබ් එක කරන්න තමයි ගෝඨාභයට සහ මහින්දට බලය දුන්නේ..!!! ඔහෙටත් ඉතින් දර, දිය ඇදපු කුලිය ලැබුණේ නැහැ. ඉතින් ඕකෙන් රට හදා තමනුත් හදන්න බලන්න. අර දෙන්නට ඇමැතිකම් දෙන්නම ඕනෑ නම්, ඔහෙත්, ඔහේගේ ගජයා වන ගම්මන්පිලත් ඒ ඇමැතිකම්, අර දෙන්නට පූජා කරන්න පුළුවන් නේද? නැති ප්‍රශ්න ඇතිකරලා අසීරුවට පත්කරන්න එපා.. බොර දියේ කුම්බලාවෝ අල්ලන්න අමුඩ ගහගෙන දියට පනින්න සූදානම් වෙන්න එපා. තුන්මුල්ලේ විමලේ..!!!
බොහොම හොඳ අදහසක්. අංගජන්ට දෙමු කොට්ටකිලන්ගු, තල් සුකිරි සහ කර්තකොලොඹ සංවර්ධන ඇමතිකම, අතාවුල්ලාට දෙමු ඉල්මයිනෙට් වැලි සහ උණුදිය ලිං ප්‍රවර්ධන ඇමතිකම.
අතින් මිටින් යනවා කියලායැ...
ඇමති මණ්ඩලේ ගාන වැඩි කරන්නේ නැහැ කියනවනේ.? ඔබ තුමා අස්වුනොත් නම් එක්කෙනෙකුට චාන්ස් දෙන්න පුළුවනි.
ඔයාගේ කතාව අපි විස්වාස කරනවා කියලා හිතන්න එපා.
කාගේ කොන්ත්‍රාත්තුවක්ද ඇමතිතුමා මේ කියන්නේ. මේවා කියන තරමටනේ ඔබතුමගේ මඩිය තරවෙන්නේ, තැන හැදෙන්නේ. බලමු තව ඉස්සරහට.
පහුගිය දවස්වල ඡන්දය ගන්න ජාතිවාදය අවුස්සපු අය තමයි මේ...
තමුන් සහ ගම්මන්පිල අයින් වෙලා අවස්ථාව දෙන එකයි තියෙන්නේ... මෙහෙමත් අයනේ රටේ ඉන්නේ...
20න් පස්සේ එස්.බී. ටයි, ඩිලාන්ටයි දෙනවලු..!!!
ඔව් ඉතින් ජනතාවගේ බදු මුදල්නේ, තමන්ගේ අතින් යනවායැ.