
(*** නිමන්ති රණසිංහ)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් සම්බන්ධ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන “උදාර සම්පත්” නමැත්තා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (18) ප්‍රකාශ කළේය.
උදාර සම්පත් නමැත්තා, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින “පොඩි ලැසී” නමැත්තාගේ ඥාති සහෝදරයකු වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ ඊයේ (18) යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය.
සිද්ධියට අදාළ සැකකාර නාකොටික් නිලධාරින් 13 දෙනා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළ රඳවා ඇති බවත්, කොවිඩ් වයිරසය හේතුවෙන් සෞඛ්‍ය හේතු මත සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවත්, බන්ධනාගාරය වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරන පොලිස් නිලධාරීන් පස් දෙනකු සහ සිවිල් පුද්ගලයන් පස් දෙනකු ඇතුළු සැකකරුවන් 23 දෙනකු සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා, පොලිස් සැරයන් කරුණානායක, උපපොලිස් පරීක්ෂක උපාලි යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා: ස්වාමිනි, මෙම සිද්ධිය ආරම්භ වන්නේ මිනුවන්ගොඩ පොලිසිය මගින් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 5ක් සමග මල්ලවාරච්චි චමින්ද නොහොත් ‘ටයිල් චමින්ද’ නමැත්තා අත්අඩංගුවට ගැනීම මගින්. ඉකුත් අප්‍රේල් මාසයේ දී මෙම සැකකාර නාකොටික් නිලධාරීන් හෙරොයින් කිලෝග්‍රෑම් 130ක් කොළඹට ගෙනල්ලා ඉන් 90ක් ටයිල් චමින්දට දෙනවා. තවත් කිලෝ 40ක් පාර්ලිමේන්තු පාරේ දී තව කෙනෙකුට දෙනවා. මේක තමයි මේ සිද්ධිය.
මේ සිද්ධියට අදාළව විහඟ ප්‍රභාත් නොහොත් ‘මැණික්’ සහ ඔහුගේ රියැදුරා වශයෙන් කටයුතු කළ තත්සර කාවින්ද සූරියාරච්චි යන අය අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් කරනවා. ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ මෙම සැකකාර නාකොටික් නිලධාරීන් ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා කේ. 8110 දරන වෑන් රථයෙන් මාතර ප්‍රදේශයට යනවා. එම ප්‍රදේශයට ගොස් වාහනය පාළු ස්ථානයක තබා නැවත ඔවුන් වෙනත් වාහනයකින් පැමිණෙනවා. පසුව පහුවදා ගොස් එම වාහනයට හෙරොයින් පටවාගෙන තවත් වාහන දෙකක් සමග ආරක්ෂිතව අධිවේගී මාර්ගයෙන් ඒවා කොළඹට ගෙන එනවා.
මේ සාක්ෂි ස්වාධීන සාක්ෂි. මේ සියල්ල සම්බන්ධීකරණය කරන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින උදාර සම්පත් නමැති සංවිධානාත්මක අපරාධකරු. මොහු පොඩි ලැසී නමැත්තාගේ ඥාති සහෝදරයෙක්. මේ සැකකරුවන් වාහන කුලී පදනම මත ලබා දෙන ආයතනවලින් තමයි මේ වාහන ලබා ගන්නේ. මත්ද්‍රව්‍ය නශ්‍ය කරන්න ඉන්න නිලධාරීන්ම මේ ආකාරයට හැසිරී තිබෙනවා. දැන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සුළු නිලධාරීන් දෙන්නෙක් පවා අත්අඩංගුවට පත්ව සිටිනවා මේ ජාවාරමට. මේක දම්වැලක් වගේ. මේ ජාලය කෙතරම් පුළුල් ද කිව්වොත් මොවුන් මත්ද්‍රව්‍ය කිලෝ ගණන් ළඟ තබාගෙන ඉඳලා තියෙනවා. ඒවා පැකට් කරද්දි මත්පැන් බීලා අයිස් ගහලා තමයි ඉඳලා තියෙන්නේ.
මෙහි විශේෂත්වය නීතියේ රැකවරණය ඇතිව මේ ජාවාරම් කරලා තියෙන්නේ. මෙම සැකකරුවන් රැගෙන ගිය වාහනවල ජී.පී.එස්. පද්ධති සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රජයේ මිනින්දෝරු වාර්තා කැඳවලා තිබෙනවා. තාම ඒවා ලැබී නැහැ.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් ඔවුන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් ලිඛිත සැලකිරීම් අධිකරණය වෙත භාරදීම ද මෙහිදී සිදුවිය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 31 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරමින් එදිනට සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාරයට නියම කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ආධාර අනුබල දීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරීම හා සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
මෙම සිද්ධියේ දී රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක විමලසේන, ලයනල්, උපපොලිස් පරීක්ෂක සීක්කුවාවසම් ගයාන් තරංග ප්‍රේමරත්න සිල්වා, උපපොලිස් පරීක්ෂක දහනායක රාළලාගේ අතුල ජයන්ත බණ්ඩාර, පොලිස් සැරයන් (15819) මුතුබණ්ඩාගේ චමින්ද ලක්ෂ්මන් ජයතිලක, පොලිස් සැරයන් (20637) ජයසිංහගේ සමන් කුමාර ජයසිංහ, පොලිස් සැරයන් (61756) වතුකාරගේ චමිල ප්‍රසාද් වතුකාර, පොලිස් කොස්තාපල් (69351) විජේසිංහ මුදියන්සේලාගේ ප්‍රියන්කර ජයසේන, පොලිස් කොස්තාපල් (73684) බටුවත්තගේ රුවන් පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (74811) රතුගමගේ අසංක ඉන්ද්‍රජිත් රතුගමගේ, පොලිස් කොස්තාපල් (84346) චිත්‍රආචාරිගේ සමීර ප්‍රදීප් කුමාර, පොලිස් කොස්තාපල් (85372) වන්නිආරච්චිගේ ලක්ෂාන් සමීර වන්නිආරච්චි සහ පොලිස් කොස්තාපල් (87226) හේරත් මුදියන්සේලාගේ ලලිත් ජයසිංහ, සුබසිංහ ආරච්චිගේ දිනේෂ් නිර්මල යන අය ය.
මෙම සැකකාර නාකොටික් නිලධාරින් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව සිදුකරන විමර්ශනයට අදාළව සැකකරුවෝ තවත් 06 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම නඩුවට නම් කරනු ලැබූහ. ඒ අනුව එම සිද්ධියට අදාළව සැකකරුවන් 09 දෙනකු නම් කර ඇත.
පොලිස් කොස්තාපල් (73684) බටුවත්තගේ රුවන් පුෂ්පකුමාර, පොලිස් සැරයන් (20637) ජයසිංහගේ සමන් කුමාර ජයසිංහ, වර්ණකුලසූරියගේ උදාර චතුරංග, පතිරණහේවා සුමේද වීරසිංහ, වාසල මුදියන්සේලාගේ උපාලි රත්නායක, හේනාහැන්දි නිරෝෂ් මධුසංඛ ද සිල්වා, රණසිංහ ආරච්චිගේ දොන් රනිල් සාමන්ත, වටුතන්ත්‍රිගේ රුවන් ඇල්විස් සහ පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න යන පිරිස මෙම සිද්ධියේ සැකකරුවෝ වෙති.
මෙම සිද්ධියට අදාළව හොර නෝට්ටු සම්බන්ධයෙන් වූ සිද්ධි දෙක ද අධිකරණය හමුවේ යළි කැඳවූ අතර ඊට අදාළ සැකකරුවන් වන ධම්මික වන්නිආරච්චි සහ ලලිත් ජයවර්ධන යන සැකකරුවන් ලබන 25 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියම කරමින් එදින තෙක් එම නඩුව කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ප්‍රශ්නයකට තියෙන්නේ... ඇයි මේ රජයේ නිලධාරින් තමන්ගේ රාජකාරියට ගරු කරන්නේ නැත්තේ? ඇයි මේ නිලධාරින් මේ විදිහට නන්නත්තාර වෙලා.. තමන්ගේ රටට, ජාතියට... සිය රාජකාරියට එරෙහි වෙන්නේ...? මේ කොහෙන් කඩා වැටුණු අයද?
ඒ කාලේ අපිට අපේ රට ගැන ඉගැන්නුවේ පෙරදිග ලෝකයේ බබලන මුතු අැටය කියලයි, දැන් නම් එක දවසින් දවස කුඩු ෆැක්ටරියක් වෙනවා. රටේ දරුවන්ගේ අනාගතේ පාලකයින්ට වැදගත් නැහැ. අඩුම ගානේ කුඩු කාරයින්ගේ මුහුණක් වත් පෙන්නන්න පාලකයින් කැමති නැහැ. ඒ වුණාට පොල්ගෙඩිය හොරා ගත්තු කෙනා මරාගෙන කන්න හදනවා. ඔන්න කණෝ පිනුං කිව්වලු....
රටේ ජීවනාලිය බඳු තරුණ පරපුර විනාශ කිරීම වැළැක්වීමට ඍජුවම නීති මගින් බලය පවරාදී සියලු පහසුකම්, වැටුප්, දීමනා අහිංසක මහජනතාවගේ බදුමුදල් වලින් ලබා ගනිමින් එම අහිංසක ජනතාවගේම දූ දරුවන් විනාශ කිරීමට ඍජුවම තම නරක ගති මගින් දායකවූ මෙම පව්කාරයින්ට අපගේ මාතෘභූමියේ ජීවත්වීමට කිසිදු අවසරයක්, ඉඩක් මින් මතුවට මොනම හේතුවක් මත නොමැති බැවින් ‘‘මරාදැමීම‘‘ සිදුකළ යුතු බව තම උපන් බිමට ආදරය කරන සියලුම ලක්වැසියන්ගේ එකම ප්‍රාර්ථනාව මෙන්ම බලාපොරොත්තුවය.. රටේ ජීවනාලිය බඳු තරුණ පරපුරේ සියලු මූලික අයිතිවාසිකම් මෙන්ම ජීවත්වීමේ අයිතිය උදුරා ගැනුමට ඍජුවම ක්‍රියා කළ මොවුන්ට මරණ දඬුවම දිය යුතුයි.
ඇයි ඒ මුහුණු වහගෙන යන්නේ?
ලංකා මාතාවගේ ජීවනාලිය විනාශ කිරීමට ඍජුවම දායක වූ අයට පමණක් නොවේ, ඒ අයගේ පවුල්, පන්සල්ද... මේ කරන ලද පාපකර්මය නිසා විනාශවී අනේකවිධ දුක් ගැහැට විඳ නන්නත්තාර වන බව ඉරහඳ මෙන් විශ්වාසයි. මොවුන්ගේ පැහැදිලි ඡායරූප පළකර පුළුල් ප්‍රචාරයක් මෙම කාලකණ්ණින් පිළිබඳව සමාජයට ලබා දෙන ලෙසට මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා..
මේ ප්‍රශ්නේ විසඳන්න නම් උසාවියෙන් කුඩු ජාවාරම්කරුවන්ට දීලා තිබෙන දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපති අත්සන් කරන්න ඕනේ...
රෙදි ඇඳගත් මහත් හොරු...
සමහර ආණ්ඩුවලට විදේශ විනිමය නැහැ කියා... රටට ගෙනෙන සමහර භාණ්ඩ නතර කිරීම හෝ සීමා කිරීම කරනවා. නමුත් මේ කුඩුකාරයින්ට කවදාවත් එහෙම වෙන්නේ නැත්තේ මොකද? කොපමණ කුඩු ඇල්ලුවත්, දඩ ගැහුවත් බැංකු ගිණුම් තහනම් කළත්, දේපළ රාජසන්තක කළත් කිසිඳු ප්‍රශ්නයක් විදේශ විනිමය හිඟයක් නැත්තේ කුමක් නිසාද? කුඩු එනවා දිගටම...
ලංකාවේ නාකොටික් එක පාලනය කරලා තියෙන්නේ ඩුබායි ඉන්න කුඩු කාරයෙක් කියලා දකිද්දී හිතාගන්න බෑ. සාමාන්‍ය කෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම කරන එක වරදක් නම් එවැනි දේ නවත්වන්න දිවුරුම් දුන් අය කරන ජාවාරම කොච්චර වරදක්ද? කොහු ලණුවකින් ඉවර කරලා දාන්න පුළුවන් දේ බන්ධනාගාර වලට දාලා මගේ බදු සල්ලිවලින් පෝෂණය කරනවාට මම කැමති නෑ. මරණ දණ්ඩනය සිද්ධ වුණාට මහා මොළකාරයා අහු වෙන්නේ නැතිවෙයි. අඩුම තරමේ ජාවාරමට හවුල් වෙන්න සොක්කෝ වත් කැමති වෙන්නේ නැති වෙයි. පත් වෙන කිසි ආණ්ඩුවක් කැමති නෑ මත්ද්‍රව්‍ය නැති වෙනවට... එහෙම නැති වුණොත් කව්රුත් පාර්ලිමේන්තු යන්න පොරකන්නෙත් නෑ.
මහත්වරුන්ට හරි ලැජ්ජයි වගේ. මුහුණුත් හංගගෙන... ඔය වගේ අසික්කිත වැඩකරන කොට කිසිම හිරිකිතයක් නැතුව ඇති... දූෂිත දේශපාලකයන්, බලපුලුවන්කාරයන් මේ දේවල් පිටිපස්සේ ඉන්න එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.