
(ඉන්දිකා රාමනායක)
මත්කුඩු ජාවාරම්කරුවන්, මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් කෝටි 264 ක මුදල් සංසරණය වී තිබු ගිණුම් 102 ක් මේ වනවිට අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
මෙම ගිණුම් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර මෙම අත්හිටුවීම සිදුකර ඇති බවද දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය.
මෙම ගිණුම් අතර මෙරට මහපරිමාණ ජාවාරම්කරුවන්ගේ සහ මෙරටින් පලාගොස් සැඟව සිටින ජාවාරම්කරුවන්ගේ ගිණුම් ද වන බව ඒ මහතා කියා සිටියේය.
මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ ගෝලයන්ගෙන් ප්‍රශ්න කිරීමේ මෙම ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇත.
මෙම ගිණුම් වලින් බොහොමයක් මුදල් ඉවත් කරගෙන තිබී ඇති බවද පොලිස් ආරචි මාර්ග කියයි.
මෙම මුදල් වලට අමතරව මෙම ජාවාරම්කරුවන්ගේ රුපියල් කෝටි ගණන් වු දේපළ මුදල් විශූද්ධිකරණය යටතේ රාජසන්තක කිරීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
COMMENTS
බලන් යද්දී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයේ ඇඟලුම්වත්, පිටරට ඉන්න අයවත්, තේ-පොල්-රබර් වත් නොවේ... කුඩු.. රටේ ලොකුම සල්ලි කාරයෝ කුඩු කාරයෝ. බොහොම දරුණු ලෙස රටේ ආර්ථිකය ඉදිරියේදී කඩන් වැටෙන්නත් පුළුවන්. ප්‍රධාන ආදායම් මාර්ගය බිඳවැටිලා මේ අය හිරේ ගියාම...
විදේශ ආධාර ඉල්ල ඉල්ලා අන්දන්න අවශ්‍ය වෙන එකක් නැහැ.. මේවගේ සල්ලි රාජසන්තක කළාම...
මේ මුදල් වලින් මත්ද්‍රව්‍යවලට එරෙහි උගත්, ලස්සන, හොඳ, වැදගත් අනාගත පරපුරක් බිහිවේවා කියලා අපි අපේ රටට සුබපතනවා.
වැරැදිලාවත් දුමින්දගේ සල්ලි එහෙම රාජසන්තක කරනවා එහෙම නෙවෙයි. !!!
නිවැරදිව වාර්තාව කියවන්න. ගිණුම්වල කෝටි ගණන් මුුදල් නොමැත. මුදල් එහා මෙහා ගිය බවක් විතරයි කියන්නේ. ඒ කියන්නේ සල්ලි නැත, බැංකුවේ මුදල් හුවමාරු වූ අංක ඇත. පුදුමයි නේද...? අන්ද මන්ද වූයේ මම විතරද...?
හාල් මැස්සන්ගේ ගිණුම්වල ඔහොම නම් තෝරු මෝරුන්ගේ ගිණුම්වල කොහොමට ඇද්ද?
නම් ගම් දැම්මට වරදක් නැහැ මම නම් හිතන්නේ...
අපි නොදන්න දේශබන්දු, රටේ සල්ලි නැති එකේ ඔය සල්ලිවත් තියෙන එක හොඳයි.. නැත්තන් විනාසයි ඉස්සරහට...