(ඩයනා උදයංගනී)
පක්ෂයෙත් ශ්‍රී ලංකාවෙත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකියැයි හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දී ඇතැයි ද කරු ජයසූරිය මහතා සිය නිවේදනයේ දක්වා තිබේ.
පක්ෂය වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සලකා, බොහෝ පාර්ශව මගින් මා වෙත කෙරුණු ඉල්ලීම්, මනාව සලකා බලා මෙම තීරණය ගත්න බව ද ඔහු සඳහන් කර ඇත.
නිවේදනය පහත දැක්වෙයි

COMMENTS
තරුණ කෙනෙකුටනේ දෙනවා කිව්වේ.. ඉතින් මෙයාට වඩා තව තරුණ කෙනෙකුට ඉන්නේ රනිල් විතරයිනේ..
මම නම් හිතන්නේ වයසක අය නෙමෙයි, ගැලපෙන්නේ තරුණ නායකයෙක්.... තමනුගේ පවුලේ කෙනෙක් රිංගවා ගන්න දඟලන්නේ නැති කෙනෙක් නම් වඩාත් හොඳයි. නිකන් පක්ෂය විනාශ වෙනවාට වඩා ඇයි තරුණ අයෙකුට දෙන්න බැරි? වයසක අය දැන් විශ්‍රාම ගන්නකෝ...
ඕක වෙන්න තිබුණේ මැතිවරණයට කළින්.. දැන් පරක්කු වැඩියි.
හොරුන්ට නායකත්වය දීලා මෙතුමාගේ නමත් කෙත කරගන්න යනවා.
කරූට ජයවේවා...!!!
ගෙදර යන්න ඕනෑ අය කොහොමද පක්ෂ ගොඩදාන්නේ..?
නායකත්වය කෙසේවුණත් එලොවට වැඩක් කරගත්තා නම් නරකද?
මේ අර කියාපු තරුණ නායකයා වෙන්න ඇති...
කරුගේ නායකත්වය දැරීමට තිබූ කාලය ඉක්මගොස් ඇත. නායකත්වය වයස 50-60 අතර කෙනෙකුට දෙනවානම් වඩා හොඳයි.
දැන් පරක්කු වැඩියි. 2015 වත් මෙතුමා නායකත්වය ලබාගත්තා නම් මේ රටේ ඉරණම මීට වඩා ගොඩක් යහපතක් වෙන්න තිබුණා.
බලලෝභී දේශපාලකයින්, ඕක අඩුමගානෙ මීටර් 400ක් වත් පයින් යන්න පුලුවන් කෙනෙකුට දෙන්න. බෑණාටවත් දෙන්නකෝ..!!!
නොම්මර එකේ තරුණ නායකත්වය...
කරු මේ වනවිට අවුරුදු 79ක් වයස දේශපාලකයෙකි. ඔහුට බොහෝකල් දේශපාලනයේ සිටීමට කාලයක් නොමැත. රුවන් විජේවර්ධන මහතාට තව දුර ගමනක් යා හැකිවේ. බහුතර එක්සත් ජාතික පාක්ෂිකයා සහ විශේෂයෙන් තරුණයන් ඉල්ලා සිටින්නේ කවුද කියා සොයාබැලීම සුදුසු වේ.
මේ එජාපය වලපල්ලට යවපු රනිල් දැන් නන්නත්තාරයි... ඒවගේම වයෝවෘද්ධ කරූ නායකයා වෙන්නයි හදන්නේ. එහාට මෙහාට පැනලා එජාපය කාපු අය තමයි මේ ගොල්ලෝ..දැන් ඉතිරි ටිකත් කාලා දාන්නයි හදන්නේ.. රටම ඉල්ලන එජාපයේ නායකයා සජිත් පමණයි. නිකන් විහිළු කතා නැතිව එජාප නායකත්වය සජිත්ට දීලා ... ඔය හොර සෙට් එකම ගෙදර ගියොත් එජාපය ගොඩගන්න එක ඒකාන්තයි.
මෙන්න එ.ජා.ප. නියම තරුණ නායකත්වය...!!!
බොහෝ කලකට පසුව ගත් කතීරණයක්... වේලාව සහ ස්ථානයත් හරි වැදගත්...
ඔහුගේ නම යෝජනා කිරීම එතරම් සුදුසු අදහසක් නොවේ. ඔහු වයසින් වැඩි නිසා විශ්‍රාම ගත යුතුව ඇත.
ඕකෙ ආයෙ මොනවා බාරගන්නද? තරුණ නායකයා තව ටිකක් පුරුදු කරනකල් මුර වැඩේ බාරගන්න වගේ හදන්නේ...
ඒ කියන්නේ සජිපුතාට ආපහු ආවත් හැමදාම වෙන්නේ කොට අදින්නමයි... පව්.!
හොරිත් මොකද ඔහොම ලැබෙනවා නම් කස කස ඉන්න.