ආනවිලුන්දාව ඩෝසර් කළ අයට ඇප ඉස්සන් කොටු සෑදීම සඳහා ආනවිලුන්දාව අභය භූමිය ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගය අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 100ක බැගින් වූ ශරීර ඇප මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්රාත් මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය. 18 September 2020
කෝටියක කහ තොගයක් සමග 10 දෙනෙකු අත්අඩංගුවට වීදුරු ගෙන්වන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් කෝටියකට අධික කහ තොගයක් කන්ටේනර තුනක සඟවා මෙරටට රැගෙනවිත් කොළඹ බ්ලූමැන්ඩල් ප්රදේශයේ වාහන අංගනයකදී වෙනත් ලොරි රථ වලට පටවමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු අද ( 18 )අලුයම අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි. 18 September 2020
විසිවැනි සංශෝධනයේ වගකීම ජනපති-කැබිනට් මණ්ඩලය බාරගන්නවා දැනට ගැසට් කරනු ලැබ ඇති 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය විසින් භාරගන්නා බව සම කැබිනට් ප්රකාශක, ජනමාධ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 17 September 2020
මිල්ලනියේ ජලභීතිකාව වැළඳුණු නරි - ප්රවේශම් වන්න කලුතර දිස්ත්රික්කයේ මිල්ලනිය හා ආසන්න ප්රදේශවල වනාන්තරවල ජලභීතිකාව වැළඳුණු නරි ගැවසෙන බැවින් එම ප්රදේශවල දරුවන් තනිව පාසල් යැවීමෙන් වළකින්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (වනජීවී සෞඛ්ය) වෛද්ය තාරක ප්රසාද් මහතා එම ප්රදේශවල වැසියන්ගෙන් ඉල්ලිමක් කරයි. 17 September 2020
ඔක්තෝබර් දෙවැනි සතියේ 2021 අයවැය පාර්ලිමේන්තුවට ඔක්තෝබර් දෙවැනි සතියේදී වර්ෂ 2021 සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසුම් කරන බව සම කැබිනට් ප්රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය. 17 September 2020
ගිනිනැවේ කපිතාන්ට නඩු ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවකු ලෙස නම් කර මහේස්ත්රාත් අධිකරණයක් හමුවට පමුණුවන්නැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) උපදෙස් දුන්නේය. 17 September 2020
මගේත් - නිලධාරීන්ගේත් නම් විකුණන ලිපි සියල්ලම ප්රතික්ෂේප කරන්න ජනාධිපතිවරයාගේ , අගමැතිවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළිව ප්රතික්ෂේප කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර මහතා සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ. 16 September 2020
ඥානසාර හිමිට එරෙහි නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති ඉවත් වෙයි අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා අද(16) ඉවත් වූයේය. 16 September 2020
කුඩු ජාවාරම්කරුවන් නිදහස් කිරීමට සිදුවීම කනගාටුවක් මත්ද්රව්ය වැටලීම් කරන පොලිස් නිලධාරීන් සටහන් යෙදීමේදී සිදුකරන දුර්වලතා හේතූවෙන් මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් නිදහස්ව යෑම කනගාටුදායක තත්වයක් යැයි කුඩු ග්රෑම් 198 ක් ළඟ තබාගෙන සිටියදී කොළඹ පුරහල ප්රදේශයේ දී අල්ලා ගත් ජාවාරම්කරුවකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (15) පැවසීය. 15 September 2020
මංතීරු නීතියට බස් හිමියන්ගේ සංගමයේ විරෝධය බස්රථ මංතීරුවේ ත්රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කළ යුතු බවට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද(15) පැවසීය. 15 September 2020
කෝටියකට අධික කහ-කේරල ගංජා සමඟ සිව් දෙනෙක් අල්ලති නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි ගණනාවක් වටිනා කහ සහ කේරල ගංජා තොගයක් ලොරි රථයකින් සහ ට්රැක්ටරයකින් ප්රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු මන්නාරම උයිලන්කුලම, පුදකුඩ්රිප්පු ප්රදේශයේ දී අද (15) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 15 September 2020
අංගොඩ ලොක්කා කෝටි 15 ක ඉඩම් අල්ලාගෙන ඉන්දියාවේ දී මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේ සැඟවී සිටි කාලයේ දී රුපියල් කෝටි 15 ක වටිනාකම කමක් ඇති ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය පැවසීය. 14 September 2020
ඔයාමඩුවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් අනුරාධපුර දැයට කිරුළ පැවති ඔයාමඩුව ප්රදේශයේ ඇති භුමියේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවි ඇති බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්ය අමාත්ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 14 September 2020
බූස්සේ රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂිත ගණයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ ආහාර වර්ජනයේ නිරතව සිටි ඉතිරි රැඳවියන් 13 දෙනා ද ආහාර ලබා ගැනීම හේතුවෙන් එම වර්ජනය අවසන් වූ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 14 September 2020
තේ කොළවලට රසායනික ද්රව්ය මිශ්ර කළ කම්හලක් වටලයි තේ කුඩුවලට රසායනික ද්රව්ය මිශ්ර කර දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන උඩුනුවර වෙලම්බඩ ප්රදේශයේ තේ කර්මාන්තශාලාවක් වටලා තේ කුඩු, කසළ තේ සමඟ විවිධ වර්ගයේ රසායනික ද්රව්ය කිලෝ 275ක්, සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් අමුද්රව්ය රැසක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 14 September 2020
‘‘ලඩියට‘‘ අයත් කෝටි එක හමාරක් බස් රථ 3 ක් සොයා ගැනේ ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන දින මුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග හෙවත් ’’ලඩියා’’ නමැත්තාට අයත් බව කියන රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා බස් රථ තුනක් අද (13) පොලිස් භාරයට ගත්බව අතුරුගිරිය පොලිසිය කියයි. 13 September 2020
වාරිමාර්ග නිලධාරීහු පවුලක් ඉවතට ඇද දමා නිවස කඩා බිඳ දමති අඟුණකොළපෑලැස්ස, වලව විශේෂ කලාප ශාඛා කාර්යාලයේ නිළධාරීන් බව කියා ගත් පිරිසක් දරු පවුලක් මහ මඟට ඇද දමා ඔවුන් පදිංචිව සිටි ඉඩම් කට්ටියේ වගාකර තිබූ භවබෝග රාශියක් විනාශ කර දැමීමේ පුවතක් අගුණකොළපෑලැස්ස යකාගලින් වාර්තා වෙයි. 13 September 2020
බූස්සේ තවත් 8දෙනෙක් කන්න යති බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45 දෙනොගෙන් අද (13) උදෑසන වනවිට ආහාර ගැනිමේ වර්ජනයේ නිරතව සිටින්නේ රැඳවියන් 20 දෙනෙකු පමණක් බව බුස්ස බන්ධනාගාර කාර්යාලය පවසයි. 13 September 2020
ලක්ෂ 12 ක හෙරොයින් සමග ප්රධාන ජාවාරම්කරුවකු අත්අඩංගුවට ලක්ෂ 12 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග මෝටර් රථ දෙකක්, යතුරු පැදි දෙකක්, ලක්ෂ තුනකට ආසන්න මුදලක් සමග ප්රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවකු පුත්තලම පොලිස් මත්ද්රව්ය කාර්යාංශය මගින් අද ( 12 ) අලුයම අත් අඩංගුවට ගෙන ඇත. 12 September 2020
කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට බූස්ස බන්ධනාගාරයේ විශේෂිත අංශයේ රඳවා සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා අද(11) බූස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කළ බව බූස්ස බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි. 11 September 2020
අටුළුගම නිවාස දෙකක නයිට්රික් ඇසිඩ් කිලෝ 77 ක් බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ ගිනි වතුර (නයිට්රික් ඇසිඩ්) කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 11 September 2020
ලලිත් ජයසිංහට යළිත් වැඩ නෑ වැඩ තහනමට ලක්ව සිටින ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කරයි. 11 September 2020
මිලියනයක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ මෙහෙයවීම මත කුඩු බෙදා හැරීමේ යෙදී සිටි කාන්තාවක් හා තරුණයකු රුපියල් මිලියනයක හෙරොයින් තොගයක්ද සමඟ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්රදේශයේදී අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. 10 September 2020
ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය ගෙනඒම මසකින් කල්යයි ගවයින් ඝාතනය නතර කිරිමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට තීරණය කර ඇතැයි සම කැබිනට් ප්රකාශක අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 10 September 2020
බුස්සේ රැඳවියෝ 39ක් ආහාර වර්ජනයක බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45දෙනාගෙන් 39දෙනෙකු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (10) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 10 September 2020
නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවැනි ගින්නත් නිවා දමයි නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්රවාහන නෞකාවේ හටගත් දෙවැනි ගින්න ද අද (9) අලුයම් කාලයේදී සම්පූර්ණයෙන් නිවා දැමූ බව නාවික හමුදාව පවසයි. 09 September 2020
ප්රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්රික්කය නියෝජනය කරන මන්ත්රීවරයකු ලෙස තේරී පත් වූ ප්රේමලාල් ජයසේකර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (8) දිවුරුම් දුන්නේ ය. 08 September 2020
රත්තරන් කිලෝ 10 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට කල්පිටිය පොලිස් බල ප්රදේශයට අයත් හාලතුඩාව මංසන්ධියේ දී මෝටර් රථයකින් ප්රවාහනය කරමින් තිබූ රත්තරන් කිලෝ 10 ක් එක් සැකකරුවකු සමඟ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකය විසින් අද (8) අත්අඩංගුවට ගනු ලැබීය. 08 September 2020
විගණන නිලධරයෝ ජනපතිට ලියති යෝජිත 20 වන ව්යවස්ථා සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට හා රාජ්ය විගණනයේ විෂය පථයට විශාල හානියක් සිදුකර ඇති බැවින් රාජ්ය මූල්ය පාලනය ඉටුකිරීම පිළිබඳ යාන්ත්රණයට දැඩි හානියක් සිදුව ඇති බැවින් වහා එය නිවැරදි කරන්නැයි ඉල්ලමින් ශ්රී ලංකා විගණන පරික්ෂක සේවා සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. 07 September 2020
චොකා මල්ලී පාර්ලිමේන්තු යවන්න’යි අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු මරණ දඩුවම් නියමව සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්රික් පාර්මේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අභියචනාධිකරණය අද ( 07) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. 07 September 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026