IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගිනිනැවේ කපිතාන්ට නඩු

(*** රංජන් කස්තුරි සහ ***මනෝප්‍රිය ගුණසේකර)

ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවකු ලෙස නම් කර මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවට පමුණුවන්නැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) උපදෙස් දුන්නේය.

නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ නඩු කෘත්‍යයට අදාළව එම නෞකාවේ කපිතාන්වරයා වන ග්‍රීක ජාතික ස්ටිරෝස්ලියාස් සැකකරුවකු ලෙස නම් කර සාක්ෂි සම්පිණ්ඩනයක් ද සමග මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද කපිතාන්වරයා අධිකරණය හමුවට පැමිණවීමට නොතිසි ලබාගන්නැයි ද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසුවාය.

2008 අංක 35 දරන සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනතේ 25, 26, 38 සහ 53 යන වගන්ති යටතේ කපිතාන්වරයාට එරෙහිව කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට සාධාරණ සැකයක් මතු වී ඇති බව නීතිපතිවරයාගේ මතය බව ද නිශාරා ජයරත්න මෙනවිය කීවාය.

 



අදහස් (0)

ගිනිනැවේ කපිතාන්ට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site