IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


විසිවැනි සංශෝධනයේ වගකීම ජනපති-කැබිනට් මණ්ඩලය බාරගන්නවා


 (ඩයනා උදයංගනී)

දැනට ගැසට් කරනු ලැබ ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය විසින් භාරගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව කී ඇමතිවරයා එය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව ද ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව කීවේය.

මෙම සංශෝධනය විනිවිද භාවයකින් ඉදිරියට ගෙන යන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මෙම සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ගැටලු පවතී නම් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළු කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධාකරණය හමුවට යාමට හෝ පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී සංශෝධනය කළ හැකි බව ද ඇමතිවරයා කීවේය.



අදහස් (16)

විසිවැනි සංශෝධනයේ වගකීම ජනපති-කැබිනට් මණ්ඩලය බාරගන්නවා

sharm warn Thursday, 17 September 2020 11:35 AM

වගකීම බාරගන්නවා කියලා මෙයා අදහස් කරන්නේ මොකද හැබෑටම?

:       2012       619

ABCFriday, 18 September 2020 12:11 AM

අම්මා, අප්පා නැති දරුවෙකුගේ වගකීම බාරගන්න තරම් මේ රජයේ නායකයින් කොතරම් කාරුණිකද? එසේ නොමැතිනම් ඔවුන්ට වාසියක් වෙනවා කියලා හිතලා දරුවා බාරගන්න සූදානම් වුණාට රටේ නායකයින් වගේම ඔවුන්ගේ ගෝලයෝත් පැටලිලා උතුර දකුණ සොයාගන්න බැරුව ඉන්න වෙලාවක් මේක... අනෙක මේ උප්පැන්නයක්වත් නොමැති කාගේ කවුද? අාවේ කොහෙන්ද කියලාවත් හරියට දන්නේ නැතිලු නේද? අර මහාචාර්යතුමා.., අම්මා අප්පා නැති දරුවෙකු අරගෙන හදාගන්න එක ලොකු පිනක් වුණත් ටිකක් කල්පනාවෙන් ඉන්න වෙනවා. බැරිවෙලාවත් දරුවාගේ නියම දෙමව්පියෝ උසාවි ගියොත් දරුවා බලහත්කාරයෙන් රඳවාගෙන කියලා වැඩේ ගැස්සෙන්නත් ඉඩ කඩ තිබෙනවා... ඒක නිසා අම්මා අප්පා නැති 20 දරුවා ගේ වගකීම ගන්න එක හොඳට හිතල බලලා දුරදිග බලලා එහෙම කරන්න ඕන කාරණයක්...

:       47       5

BamunuarachchiSaturday, 19 September 2020 05:27 AM

කණට ගැහැව්ව එකේ වගකීම බාරගන්නවා කියන්නේ මොකක්ද කියලා දන්නවා නේද? යමක් කරලා එහි ප්‍රතිඵල හොඳ හෝ නරක හෝ වුණත් ලැබෙන ප්‍රතිඵලවලට ප්‍රති උත්තර දීම, වරද නිවැරැදි කිරීම ආදිය බාරගන්නවා.

:       0       34

siri Thursday, 17 September 2020 01:02 PM

20 සම්මත වුණාම අප කාටද බය? අපිට කවුද බය? ඉතින් වගකීම බාරගන්න එක මහලොකු කජ්ජක්ද?

:       2360       1138

Champa Thursday, 17 September 2020 01:11 PM

කවුද 20 හැදුවේ? හැමෝම අහන්නේ සරල ප්‍රශ්ණයක්. කෙලින් උත්තරයක් දෙන්න බැරි ඇයි? ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාත් කැබිනට් එකවත් 20 හැදුවේ නැහැ කියන එක දැන් රටටම පැහැදිලියි. 20 හදලා තියෙන්නේ වෙන කවුරු හරි ඉතාම රහසිගතව, කිසිම විනිවිද භාවයක් හෝ සම්මුතියක් හෝ සාකච්ඡාවක් නැතුව. මේක ලැබුනේ තෑග්ගක් විදිහටද, නැත්නම් ආනයනය කළාද? අපේ උත්තරීතර ව්‍යවස්ථාවට කරන සංශෝධන තෑගි විදිහට බාරගන්න හෝ ආනයනය කරන්න පුලුවන්ද? මහත්වරුනි, බරපතල ආර්ථික අවපාතයක් ඇති වෙන්න නියමිතයි. මාර්තු මාසේමයි ලිව්වේ... රටේ ප්‍රධාන ආදායම් මාර්ග ඇහිරිලා. කොරෝනා වෛරසයක් ගැන හාන්කවිසියක් නොදැන හදපු සෞභාග්‍යයේ දැක්ම අද තත්වයට ගැලපෙන්නේ නැහැ. සාතන් පය ගහපු රටවල් ඔක්කොම අද විනාශ වෙමින් පවතිනවා. අල්ලපු රටටත් ආවා. සමහරු උත්සාහ කළත් වාසනාවට අපේ රටට ගෙන්න ගන්න බැරි වුණා. ඒ හින්දා අපේ රට බේරුණා. හැබැයි නොවැම්බර්වලට ඉස්සෙල්ලා ගිවිසුමක් ගහලා මේ රටටත් එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒකට පාර කපන නිසා සහ කලින් ලියපු තවත් බොහෝ හේතු නිසා 20 දැන් අකුලා ගන්නවා හැර වෙන විකල්පයක් නැත...

:       1759       531

BamunuarachchiSaturday, 19 September 2020 05:35 AM

හලෝ හොඳටම ශුවර්... මම නම් නෙමෙයි 20 හැදුවේ. ඔබ දන්නා පරිදි ජේ.ආර්. ගේ කාලේ ව්‍යවස්ථාව හැදුවේ කවුද? ජේ.ආර්. පුටුවක වාඩිවෙලා ව්‍යවස්ථාව ලීවේ නැහැනේ. ඒ වගේ ගෝඨාභය මහත්තයත්, කැබිනට් එකවත් හදන්නේ නැහැ. අදාළ පුද්ගලයෝ එය ලියනවා. එක්කෙනෙක් නොවේ සමහර විට කීප දෙනෙක්... අනික ලීවා හෝ නැතිව ඔබට ඇති වැඩේ මොකක්ද? මොකද ඒ පුද්ගලයාට බනින්න, ප්‍රශ්න කරන්නද? 

:       3       137

ChampaSaturday, 19 September 2020 10:01 AM

දන්නේ නැත්නම් දැන ගන්න. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. හැදුවේ තනියම... ඔහුගේ තනි මොලෙන්. 1970 පැරදුණාට පස්සේ තමයි මුලින්ම හදන්න පටන් ගත්තේ කියලයි අපේ වැඩිහිටියෝ කිව්වේ. ජේ ආර් අවුරුදු ගාණක් තිස්සේ හුඟක් කල්පනාකාරීව තමයි 1978 ව්‍යවස්ථාව හදලා තියෙන්නේ.

:       166       1

ඡන්දදායකයා Thursday, 17 September 2020 02:37 PM

දන්නේ නැති නිසයි අහන්නේ... වගකීම බාර ගන්නවා කියන්නේ වචනයක් විතරද? කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙනවද?

:       15       513

chandima Thursday, 17 September 2020 10:07 PM

කාට හරි බලතල ලබාදෙද්දී වගකීම බාරගන්න ඕනේ.... බලතල බාරගන්න පාර්ශවය නොවෙයි... ඒ බලතල බාරදෙන උදවියයි. ඒ කියන්නේ ජනතාවයි. බලතල බාරගන්න කෙනා අකමැතිවෙයිද තමන්ට දෙන දේ ගැන වගකීම ගන්න...?

:       0       2

surath Friday, 18 September 2020 01:08 AM

මේකත් NGO මර උගුලක් වගේ තවම කරළියට ආවේ නැති.

:       0       2

Rata Perata Friday, 18 September 2020 06:25 AM

ගෝඨාගේ ගෙදර රෙදි හෝදන වගකීමක් ඔයගමන්ම ගන්න.

:       0       3

BamunuarachchiSaturday, 19 September 2020 05:39 AM

නැහැ නැහැ... ඔබේ ජොබ් එකට කවුරුවත් පහර ගහන්නේ නැහැ. ඒ වගකීම මම බාරගන්නවා. ප්‍රෙමා්ෂන් එකක් ඕනෑ නම් ඔබට වළං වුණත් සෝදන්න පුළුවන්. ඕනෑනම් ටොයිලට් රෝලකුත් ඔබට දෙන්නම්..

:       6       0

Hema Friday, 18 September 2020 07:06 AM

මේ දවස්වල අපිට හරිහැටි නිදාගන්නවත් බැහැ 20 නැතුව.. කරුණාකර ඉක්මණින්ම ක්‍රියාත්මක කරන්න.

:       0       4

abaran Friday, 18 September 2020 08:03 AM

අනේ මම ඡන්දෙ දුන්නේ පොහොට්ටුවට... ඔය සංශෝධන කරන්න නෙමෙයි. මගේ ගේ හදාගන්න සිමෙන්ති කොට්ට 2 ලැබුණු නිසා අපේ මන්ත්‍රීතුමාගෙන්..

:       0       36

BamunuarachchiSaturday, 19 September 2020 11:28 AM

සිමෙන්ති කොට්ට 2න් ගෙයක් හදනවා නම් 2500න් මාසේ ජීවත් වෙන්න බැරි මොකද හලෝ..?

:       0       0

siri Friday, 18 September 2020 08:59 AM

ඕක විසිවන නොවේ.. වීසිවන එකක් වෙන්නත් බැරි නැහැ ඇමැතිතුමෝ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site