IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිලියනයක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(මනෝප්‍රිය ගුණසේකර)

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ මෙහෙයවීම මත කුඩු බෙදා හැරීමේ යෙදී සිටි කාන්තාවක් හා තරුණයකු රුපියල් මිලියනයක හෙරොයින් තොගයක්ද සමඟ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේදී අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

ටිකදිනකට කළින් අත්අඩංගුවට ගන්නා ලද මෙම කාන්තාව සමඟ සමීප සබඳතා පැවැත්වු පුද්ගලයකු විසින් හෙළි කරන ලද තොරතුරු වලට අනුව සිදුකළ වැටලීමකදී බෙදා හැරීම සඳහා රැගෙන යමින් තිබු හෙරොයින් තොගය සමඟ සැකකාරිය හා සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

රුපියල් මිලියනයක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් කොළඹ මිහිඳු මාවතේ පොලිස් සංවිිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම හෙරොයින් ජාලය පිළිබඳ තොරතුරු හෙළි කරගැනීම සඳහා ඔවුන් දෙදෙනාගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් වැඩිදුර ප්‍රශ්න කරන බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ඇතුළත්මුදලි සහ සහකාර පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් කොළඹ මිහිඳු මාවතේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විමර්ශන කරයි.
 
 



අදහස් (2)

මිලියනයක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

පුරවැසියා Thursday, 10 September 2020 01:20 PM

දැන් මේ ප්‍රවෘත්ති අහල අහලාම ඇති වෙලා.. හැම ආණ්ඩුවකින්ම අහන්නට ලැබුණේ මේකමයි. නමුත් කුඩු වෙළඳාමේ අඩුවක් නම් නෑ වගේ..

:       0       0

Perera Thursday, 10 September 2020 07:02 PM

කුඩු ව්‍යාපාරයේ හාල් මැස්සන්ගේ මිලියන 2,3 ඇල්ලුවට කුඩු ව්‍යාපාරයේ තෝරු, මෝරුන්ට අල්ලලා ඔවුන්ගේ කෝටි, ප්‍රකෝටි මුදල්, ගෙවල්, දේපළ අල්ලන්නේ නැත්තේ ඒ අය පාර්ලිමේන්තුවේ ඉන්න නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 720 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site