
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු මරණ දඩුවම් නියමව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අභියචනාධිකරණය අද ( 07) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.
පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙනවාද ? නැත්ද ? යන්න පිළිබඳ අතුරු නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය අද (07) තීන්දු කළේය.
මහමැතිවරණයෙන් තේරී පත් වූ තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු ද්වි පුද්ගල. අභියාචනාධිකරණ මඩුල්ලක් හමුවේ සලකා බලමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියලු හිමිකම් ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැති බව ද සඳහන් කර සිටියේය.
ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන බවත් එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කර තිබේ.
පෙත්සම යළි මේ මස 29 දා කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.
පෙත්සම්කාර චූදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වීය. ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා පාර්ලිමේන්තු රැස්වීම් වලට රැගෙන යාම බන්ධනාගාර බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවය. එබැවින් මහජන ඡන්දයෙන් තේරී පත් වූ සිය සේවාදායකයාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිපති වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ පෙත්සම්කාර චූදිත මන්ත්‍රීවරයාට දැනටමත් මරණ දඩුවම නියමව අැති හෙයින් එවැනි චූදිතයෙකුට පාර්ලිමේන්තු යාමට නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්ව නොමැති බවය.
එම සියලු කරුණු සලකා බලමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ මෙම රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර ලැබ සිටිති.
පෙත්සම්කරු කියා සිටින්නේ, මිනීමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තමන්ට රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළ බවත්, එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.
එසේ තිබියදී ඉකුත් මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන්ව පාර්ලිමේන්තු රැස්වීම සඳහා රැගෙන යාම බන්ධනාගාර බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව පෙත්සම්කාර ප්‍රේමලාල් ජයසේකර මහතා සිය පෙත්සමින් පෙන්වා දේ. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද දිල්වා , නීතීඥ බුද්ධික චන්ද්‍රසේකර පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
COMMENTS
එක මිනිහෙක් මරපු කෙනෙක් පාර්ලිමේන්තු ගේන එක අවුලක් නෑ... සිය ගාණක් මැරෙනකන් දන්නෙ නෑ වගේ මග ඇරල උන්න තව 224 ක්ම ඒකෙ ලැගලා ඉන්න නිසා. එක රටක් එක නීතියක්... දැන් සැපයිද කියලා තමයි අහන්න තියෙන්නෙ.
පාර්ලිමේන්තු යවන්නම ඕනෙ. මොකද හිරේ ඉදන් සෑහෙන ජනතා සේවයක් කරනන් පුළුවන් නිසා. මිනීමැරුමකට මහාධිකරණයෙන් වරදකරු වු අය පාර්ලිමේන්තු යන වෙන රටවල් මොනවාද?
එක රටක්, එක නීතියක්... අනේ වාසනාවන්. සමහර අයගේ නඩු අහන්න බයේ කට්ටි පැනපු විනිසුරුවරු ඉන්න රටක මීට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද?
මේ වාගේ ලොකු සීන්, ලංකාවේදී කෙළින්ම උපරිමාධිකරණයට යවන්න ක්‍රමයක් තිබ්බා නම් තීන්දු දෙන්න, නියමයි. කාලයත් ඉතුරුයි. මිනිස්සුන්ගේ සල්ලිත් ඉතුරුයි. දූෂණ දර්ශකේ ඉතා පහළින් ඉන්න රටවල්වල නම් මෙවැනි නඩුතීන්දු වෙනස් වෙන්න තිබෙන සම්භාවිතාව ප්‍රතිශතේ දශම ගාණක් වගේ වෙන්නේ.. කාලය කා දමන්නේ බොහොම අඩුවෙන් අනික් අතිං බලද්දී, ලංකාවේ ජනතාවගේ අවශ්‍යතාවය මේ ප්‍රකාශ කරලා තියෙන්නේ.. පුද්ගලිකව මට නම් මෙව්වා දැක්කම හිනා යනවා.
අනේද කියන්නේ...?
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..
රටට ගිය කලක්.. අන්තිමට රජ්ජුරුවෙක් වෙලා තමයි නවතින්නේ.
මේ මොන ලැජ්ජාවක්ද? ඔහු ගෙනඒම රටටත්, පාර්ලිමේන්තුවටත් අගෞරවයක්. මරණ දණ්ඩනය නියම වූ කෙනෙකු පාර්ලිමේන්තුවට ගෙන්වන පළමු රට ශ්‍රී ලංකාවයි.
ක්‍රියා පිළිවෙළේ යම් වෙනසක්..!!!
ඕක ඔහොම වුනේ නැත්තම් චොකා මල්ලි ඉන්න තැනටම තමයි යන්න වෙන්නේ...
ඒ ප්‍රශ්නෙත් හරිනේ දැන්. රත්නපුරේ ජනතාව දැන් රතිඤ්ඤා පත්තු කරනවා ඇති.
රටේ පාලකයන් හිතන් ඉන්නේ පොහොට්ටුවට ඡන්දය දුන් 69 ලක්ෂයෙන් බහුතරයක් මෝඩයින් කියලා...
මට මේක තේරෙන්නෙ නෑ. ඒ කියන්නේ ලංකාවේ අධිකරණයෙන් මරණ දඬුවම ලැබුණු මිනීමරුවෙකුටත් පාර්ලිමේන්තුවට යන්න පුලුවන්... එතකොට ඇයි කලින් සරත් ෆොන්සේකාට යන්න බැරි වුනේ...?
ලංකාව ඇත්තටම හදන්න පුළුවන්ද මේ වගේ මිනිස්සු එක්ක?
ඔයා විතරයි අඩු මචං...
චොකා මල්ලි විතරක් නෙමේ, ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට ගේන්න සුදුසුකම් තියන අය තව කොච්චර නම් බන්ධනාගාරේ ඇතුලේ ඉන්නවද? මේ රටේ ජාතික සම්පත් බන්ධනාගාර ඇතුලේ සිරවෙලා ඉන්න එක ගැන නම් සිත වාවන්නේ නැහැ.
දැන් නීතිය නැවෙනවා අංශක 180ටම...
ඔහොම යමු.. දැන් මෙහෙම නම් 20 සම්මත වුණාම කොහොම තියෙයිද? ජයවේවා..!!!
නීතිය 2ට විතරක් නෙමෙයි, රවුමටම නැවෙනවා. හෙට සමහර විට ඉල්ලාවි බිරිඳ ගාවට ගිහින් එන්න ඕනෑ කියා. බලාගෙන ගියාම පුදුම වෙන්න ඕනෑ දෙයකුත් නෙවෙයි, මොකද පාර්ලිමේන්තුවේ ඉන්නේ ඉතින් ඔක්කොම ඔයවගේ අයනේ...
20 වැනි සංශෝධනය තව ආවෙත් නැහැ.
මමත් එනපාර ඡන්දෙට ඉල්ලනවා. දිනුවොත් අල්ලපු වත්තේ විරුද්ධ වාදියාට දඬුවම් දෙනවා. දඬුවමෙන් බේරිලා පාර්ලිමේන්තු යනවා. එතැන හිරේ යනවාට වඩා හොඳයි.. මැරෙන්නෙත් නැහැනේ. ඔන්න ඕකයි තත්වේ..
මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මිනීමරුවන්, එතනෝල් මුදලාලිලා, හෙරොයින් මුදලාලිලා, බාල අපරාධකරුවන්.... ඉතින් මේක අරුමයක් නොවේ.
එක රටක්, එක නීතියක් අපි අකුරට වැඩ...
ලෝකයේ රටවල් තිබුණා මිනීමරුවන් විසින් පාලනය කරපු.. උගන්ඩාව, කාම්බෝජය වගේ රටවල්.. ඔය ඉඩිඅමීන්, බොකාසා, පොල්පොට් වගේ දාමරිකයින්. නමුත් මිනීමරු පවුලක් පාලනය කරන එකම රට ශ්‍රී ලංකාවයි. ඒ රටේ ජනගහනයෙන් 69 ලක්ෂයක් වන නූගත්, මෝඩ, කැමැත්තෙන්ම වහල්ලුන් වුණු, ජාතිවාදී, අමන ගෝත්‍රිකයින්ගේ, ඡන්දය නිසයි. දියවන්නාවේ තියෙන භූත මාලිගාවේ සිටින කීදෙනෙක් මිනීමරලා උසාවි ගිහින් තියෙනවද?
අනේ කාලේ වනේ වාසේ කිව්වලු... 69 ලක්ෂය පැතූ වෙනස මෙයයි. ජයවේවා...
ඒකත් හරි, රටේ සංවර්ධන වැඩ කටයුතු ආණ්ඩුවේ සියලුම සැලසුම් ක්‍රියාත්මක කරන්න බැරුව හිරවෙලා තිබ්බේ එයා නැති නිසානේ... ඔන්න එයා එනවා දියවන්නාවට... දැන් ඉතින් වේගවත් සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්... ජයවේවා..!!!
69 ලක්ෂයේ වීරයා වහාම පාර්ලිමේන්තුවට එවනු...
අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් දැනට ලැබී තියෙන අධිකරණ තීන්දුව අහෝසි වෙන්නේ නැහැ නේද? පුදුම නීති මේ රටේ තියෙන්නේ...
මොනවා නැතත් ඩියුටි ෆ්‍රී කාර් එකක් ගන්න ඉල්ලුම් පත්‍රය දාන්න.
හරි තීන්දුව මොකක්ද?අද පාර්ලිමේන්තුව කියන්නේ හොරුන්, මිනීමරුවන්, බාර් කාරයන් ඉන්න තැනක් නේ. එහෙනම් චොකාමල්ලි ආවට කමක් නැහැ.
මොකක්ද මේ දෙකේ නීතිය...? මරණ දඬුවම දීපු කෙනාටත් උත්තරීතර තැනට එන්න හදන නීති... අනේ අහෝ...!!!
මේ වග දන්නවා නම් දුමින්දටත් නොමිනේෂන් දෙන්න තිබුණා..
මේවා හරියන වැඩ නෙවෙයි...
ජනාධිපතිතුමනි, අපි මෙවැනි දේ ඔබගේ පාලනය යටතේ බලාපොරොත්තු නොවෙමු. මේ සම්බන්ධව වහා පියවර ගෙන, වරදකරුට එම ස්ථානයම ලබාදෙමු. රටේ නීතිය කාටත් පොදුවිය යුතුයි.
නාටකය ඉවරවෙන්නේ හොරු ටික එළියට, උපුල්දෙණිය ඇතුළට ගිහිල්ලා...
ඇයි අලි සබ්රිට විතරක්? එයාගේ වුවමනාවට ගෙනාපු සංශෝධනයක් නෙවෙයිනේ මේ...
අපේ චොකා මල්ලි මැතිතුමා මිනීමරු ඇමැතිතුමා කරලා මැතිසබේට පිළිගමු.
පසුගිය නොවැම්බර් සිට මේ රට ව්‍යසන වලට මුහුණ දෙන්නේ ඔය වගේ වැඩ නිසා.
ලංකාවේ අධිකරණය ගැන විශ්වාසය බිඳ වැටිලා තියෙන්නේ මෙහෙම වැඩ නිසා. අභියාචනාධිකරණ තීන්දුව ගැන ඉස්සෙල්ලා තිබ්බ නිව්ස් එකට ලියන්න බැරි වුණා. අභියාචනාධිකරණයට කිසි බලයක් නැහැ මරණ දඬුවම නියම වෙච්ච මිනීමරුවෙක්ට පාර්ලිමේන්තු යන්න අවසර දෙන්න. අධිකරණයෙන් මරණ දඬුවමක් නියම වුණාට පස්සේ ඔහුට සාමාන්‍ය නීතිගරුක පුරවැසියෙක්ට තියෙන අයිතීන් තියෙන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට මිනීමරුවන්ට යන්න පුළුවන් කියලා ව්‍යවස්ථාවේ කොතැනද තියෙන්නේ කියලා අභියාචනාධිකරණ තීන්දුව දෙනකොට කියන්න ඕනේ.. අවුරුදු ගාණක් අහපු නඩුවක තීන්දුවක් බලරහිත කරලා, අභියාචනාධිකරණය එක දවසින් මිනීමරුවෙක් සුදනෙක් කලේ කොහොමද? කෙනෙක් මිනීමැරුමක් කළොත් ඔහුට මරණ දඬුවම දෙන්නේ ඒ පුද්ගලයා නැවත තවත් කෙනෙක්ව ඝාතනය නොකරයි කියලා විශ්වාසයක් නීතියට අනුව නැති නිසා. මේක තනිකරම නීතිය අභිබවා දේශපාලන උවමනාවන් අනුව දුන්නු තීන්දුවක්. මේ තරම් අත්තනෝමතික විදිහට නීතිය අවනීතිය කරන කොට, මේ ආණ්ඩුව මහත් බලාපොරොත්තු තියන් ඉන්න ජාත්‍යන්තර ආධාර වුණත් නොලැබී යන්න පුළුවන්....
දරුවන් අපහරණය කළ නඩුවල විත්තිකරුවන්ට දැන් අත්හිටවූ සිර දඬුවම් දෙන්න පටන් අරන්. වරද පිළිගත්තා කියලා නිදහස් කරපු අවස්ථාවනුත් තියෙනවා. ලිහිල් දඬුවම් කියලා ජාතියකුත් දෙනවා. කාන්තා සහ ළමා කටයුතු පිළිබඳව තිබ්බ කැබිනට් අමාත්‍යාංශයත් අහෝසි කරගෙන ඉන්න රටක, අධිකරණය විසින් ලංකාව ගෝත්‍රික රටක් කරගෙන යනවා. තාම බලයට ඇවිල්ලා මාස ගාණයි. ආණ්ඩුවේ රිපෝට් කාඩ්එක දැනටම රතුපාට වෙලා තියෙන්නේ...
අධිකරණවල මට්ටම් වල ඉහළ යාමට සාපේක්ෂව විනිසුරුවරුන්ගේ විශේෂඥ දැනුම, අත්දැකීම් හා විශ්ලේෂණාත්මක හැකියාවන් වලිනුත් ඉහළට යනවා. ඒ අනුව පහළින් ගත්ත තීරණයක අඩුපාඩු තිබිය හැකිවාක් මෙන්ම එවැනි තත්වයක් නිවැරදි කිරීමේ හැකියාව ඉහළ මට්ටම්වලට ලැබෙනවා. ඒ වගේම අධිකරණයේ දී නිර්දෝෂිභාවය පිළිගැනීම වැනි පූර්වනිගමනද තිබෙනවා. කෙසේවෙතත් ඉහත අදහස් දමා ඇති මිනීමැරීම පිළිබඳ ඇසින් දුටුවන් හා ඉහත අදහස් දමා ඇති නීති විශාරදයින් සියළු දෙනාද අධිකරණයට කැඳවා සාක්ෂි ලබා ගැනීමට කටයුතු කළ හැකි නම් මැනවි...
ප්‍රජා අයිතිය අහෝසි කළ අයෙකුට පාර්ලිමේන්තු ගිය නොහැක. මරණ දඬුවම යනු ප්‍රජා අයිතිය අහෝසි කිරීමටත් එහා ගිය දඬුවමක්... ඉතින් එවැන්නෙක් පාර්ලිමේන්තු යවන්නේ කොහොමද?