IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ 12 ක හෙරොයින් සමග ප්‍රධාන ජාවාරම්කරුවකු අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ලක්ෂ 12 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග මෝටර් රථ දෙකක්, යතුරු පැදි දෙකක්, ලක්ෂ තුනකට ආසන්න මුදලක් සමග ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවකු පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද ( 12 ) අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි කරුවකු වන 42 හැවිරිදි  අයෙකි.
 
මෙම සැකකරු කුලී පදනමට යොදා ගත් මෝටර් රථ යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව කියයි.
පුත්තලම පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත පුත්තලම නගරයේ හෙරොයින්  බෙදාහැරීම සදහා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී රැකවල් ලා සිට අත් අඩංගුවට ගත් බව කියයි. සැකකරු සන්තකයේ තිබු හෙරෝයින් ග්‍රෑම් 75 ක් සමග හෙරෝයින් ජාවාරමෙන් අද අලුයම ලබා ගත් රුපියල් 2 62,500  මුදලක් ද සොයාගෙන ඇත.
 
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදි හෙළි වී ඇත්තේ මෙම සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ගිනි අවි අලෙවි කිරීමේ ජාවාරමක්ද මෙහෙය වු අයකු බවයි.අදාල සැකකරු මෙම ගිනි අවි ජාවාරම සම්බන්ධව ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් 2008 වසරේ ටී.56 ගිනි අවි තුනක් පිස්තෝලයක් සමග අත් අඩංගුවට ගෙන තිබු බවත් 2018 වසරේදි නිදහස් කර ඇති බවය.
 
අත් අඩංගුවට ගත් සැකකරු හෙරොයින්, වාහන සමග මුදල් පුත්තලම මුලස්ථාන පොලිසියට බාර දී  තිබේ .
පුත්තලම පොලිසය මගින් මෙම සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 
 

 



අදහස් (5)

ලක්ෂ 12 ක හෙරොයින් සමග ප්‍රධාන ජාවාරම්කරුවකු අත්අඩංගුවට

අනුර Saturday, 12 September 2020 05:34 AM

2018 වර්ෂයේදී මෙම පුද්ගලයා නිදහස් කර ඇත්තේ LTTE සමග අවි ජාවාරම් කළ බව නිසි පරීක්ෂණ නොකර බව පැහැදිලිය. ඔන්න යහපාලන සමයේ වැඩ...

:       0       0

Lakmal Saturday, 12 September 2020 06:40 AM

රටට කුඩු ගේන මහමුල් ටික අල්ලන් නැතුව රට ඇතුලේ කුඩු බෙදාහරින්නෝ ඇල්ලුවා කියලා කුඩු උවදුර නැති කරන්න බෑ. කාවද මේ රවට්ටන්න හදන්නේ?

:       0       0

vikum Saturday, 12 September 2020 08:24 AM

බලාගෙන ගියාම රටේ හොඳම ආදායම හා ව්‍යාපාරය කුඩු බිස්නස් වෙලා තිබිලා තියෙන්නේ..., දැන් ඔය අල්ලන මිනිස්සු ටික කාලෙකින් ආපහු නිදහස් වෙනවා. ආයෙත් පුරුදු ජොබ් එක කරනවා ඒක නිසා හොඳම විකල්පය, හමුදා ආරක්ෂාව යටතේ ඔවුන් රජයේ සනීපාරක්ෂක කටයුතු සඳහා ජීවිතානතය තෙක් දායක කරගැනීම, දැන් හිරගෙවල්වල 30000ක් විතර ඉන්නවා කියලා කියනවා.. එ්ක නිසා වැව් අමුණු සුද්ද කිරීමට මොවුන් දායක කරගැනීම වඩාත් උචිතයි.

:       0       0

Hector Saturday, 12 September 2020 09:50 AM

එන්න නරඹන්න අලුත්ම පිට වාර්තා පිට වාර්තා තියමින් දැන් කුඩු තිරයේ පෙන්වනු ලැබේ. ජය වේවා..!!! 

:       0       0

අංජන Saturday, 12 September 2020 07:36 PM

හෙරොයින්.. වමතින් දකුණතට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site