ශ්‍රී ලංකාවේ පස්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ සිටි පුද්ගලයකු අද (4) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය. 04 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 03 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 156 දක්වා ඉහළට අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් පස් දෙනෙකු හමුවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 03 April 2020
උදයංග වීරතුංගට ඇප මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. 03 April 2020
දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම දැන් හිස් යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දියතලාවේ පැවැති නිරෝධායන මධ්‍යස්ථාන හතරම මේ වන විට හිස්ව පවතින බව දියතලාව යුද හමුදාව පවසයි. දියතලාව හමුදා නිවාඩු නිකේතනය කඳවුරේ සිටි අවසන් 33 දෙනා අද (3) දින සිය ගම්බිම් බලා පිටත්ව යෑමත් සමග කඳවුරු ගතව නිරෝධායනය වූ සියලුම දෙනා පිටත්ව ගොස් තිබේ. 03 April 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයෝ මිලියනය ඉක්මවයි ලොව පුරා කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 52 000කට අධික බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 03 April 2020
කොරෝනා ආසාදිත සිව් වැනි මරණයත් වාර්තා වෙයි කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ තවත් ආසාදිතයකු අද(02) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. 02 April 2020
කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංග රෝග විද්‍යා අංශය කියයි. 02 April 2020
කොරෝනා ආසාදිතව මියගිය අය ඇසුරු කළ 300 ක් නිරෝධායනයට කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය මරදානේ පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් 300 දෙනකු නිරෝධායනය සඳහා අද (2) පස්වරුවේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිත බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 02 April 2020
ඇඟලුම් සේවකයින්ගේ අප්‍රේල් වැටුප ගෙවීමට එකඟ වෙයි ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන්ට අප්‍රේල් මස වැටුප හා උත්සව අත්තිකාරම් ගෙවීමට ඇඟලුම් නිෂ්පාදන සංගමය එකඟ වූ බව රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. 02 April 2020
මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි ‘කොවිඞ් 19’ හෙවත් ‘නව කොරෝනා’ වයිරසය ආසාදනය වී මියගිය තෙවන පුද්ගලයා පදිංචිව සිටි මරදාන ‘ෆොබර්ස් ලේන්’නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. 02 April 2020
කොරෝනා ආසාදිතයන් 148 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු තවත් පුද්ගලයින් දෙදෙනකු වාර්තා වු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 02 April 2020
අකුරණ ආසාදිත කාන්තාවන් දෙදෙනා ගිය අවමඟුල් උත්සවයට එක් වූ පිරිස් සොයයි අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවන් දෙදෙනා ප්‍රදේශයේම කාන්තාවකගේ අවමඟුල් උත්සවයකට සහභාගී වී ඇති බැවින් එහිදී එම අවමඟුල් උත්සවයට සහභාගී වූ පිරිස්වලට ඉදිරිපත් වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉල්ලා සිටී. 02 April 2020
ශ්‍රී ලංකාවේ තුන්වැනි කොරෝනා මරණය කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. මෙම මරණය සිදුවී ඇත්තේ අඟහරුවාදා රාත්‍රී 11.30 ට පමණ බවද වාර්තා වේ. 02 April 2020
අදත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවෙයි කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද(1) හමු වූ බව සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 01 April 2020
අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියා මගින් වයිරසය ආසාදනය වීමට වැළැක්වීමේ අරමුණ ඇතිව අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිළධාරි වසම් සම්පර්ණයෙන් මේ වන විට වසා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාර අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය. 01 April 2020
කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනකු මේ වන විට වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 31 March 2020
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 31 March 2020
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට දැඩි නිර්දේශ කොරෝනා රෝග ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. 31 March 2020
තවත් කොරෝනා රෝගීන් 10 දෙනෙක් කොරෝනා අසාදිත පුද්ගලයින් 10 දෙනකු අද වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 31 March 2020
දිස්ත්‍රික්ක 6 ක ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මකයි කොළඹ , ගම්පහ, කලුතර, පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි දැන් ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර තිබේ. 31 March 2020
ඇඳිරිනීති බලපත්‍ර නැත්නම් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නවා තම සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරීමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන වලට හැර ඇදිරිනීති බලපත්‍ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියලූම පුද්ගලයන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන නීරෝධාන නීතිය යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා පවසයි. 31 March 2020
කළුබෝවිල රෝහලේ ආසාදිතයා සමඟ සිටි අයෙක්ගේ නිවසක පිරිසක් නිරෝධායනයට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ කොරොනා ආසාදිතයා රැඳී සිටි 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලින් පිටව ගොස් තිබූ පුද්ගලයකුට අයත් කහපොල රෙජිඩෙල්වත්ත වත්ත ප්‍රදේශයේ නිවසක් අද( 31) උදෑසන නිරෝධායන නිවසක් බවට නම් කළ බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 31 March 2020
කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වහයි කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය. 30 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත දෙවැනියාත් මරුට කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 30 March 2020
දිස්ත්‍රික්ක 6 කට ඇඳිරි නීතිය දිගටම කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. 30 March 2020
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 30 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 30 March 2020
නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්‍ර.ස. මන්ත්‍රී අත්අඩංගුවට ආරච්චිකට්ටුව කරුක්කුපනයේ නාවිකහමුදා අණුුඛණ්ඩයේ රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 30 March 2020
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර හතරක් හෙට වැසේ ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පැවසීය. 29 March 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025