බදියුදීන් රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද(19) නියම කළේය. 19 October 2020
ආසාදිත සිසුවියක් හමුවීමෙන් 160 ක් විශේෂ විභාග ශාලාවකට ගම්පහ නගරයේ උසස්පෙළ විභාගය පැවැත්වෙන පාසලක කොවිඩ් - 19 ආසාදිත සිසුවියක් හමුවීමෙන් එම විදුහලේ විභාග ශාලාවේ සිටි සිසුවියන් 160 දෙනෙකු වෙනුවෙන් විශේෂ ශාලාවක අද (19) සිට විභාගයට පෙනී සිටීමට අධ්යාපන බලධාරීන් පියවර තිබේ. 19 October 2020
රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට මහජන මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 19 October 2020
දිවුලපිටිය දිසා රෝහල තාවකාලිකව වසා දමයි දිවුලපිටිය දිසා රෝහලේ සුළු සේවා පාලක කොවිඩ් 19 ආසාධිතයෙකු බවට අනාවරණය වීමෙන් අනතුරුව එම රෝහල අද( 18 ) සිට තාවකාලිකව වසා දමා ඇති බව දිවුලපිටිය සෞඛ්යය වෛද්ය නිලධාරී කාර්යාලය පවසයි . 18 October 2020
ගම්පහ ජනතාවට 5000 දෙන්න කෝටි 40 ක් කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කළ බව සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා අද (18) පැවසීය . 18 October 2020
ඝාතන සැලැස්මක තොරතුරු පොඩි ලැසී වමාරයි අපරාධ කල්ලි සමාජික ‘පොඩි ලැසී‘ හෙවත් ජනිත් මධුසංඛ ගෙන් අනාවරණය කරගත් කරුණු අනුව මීටියාගොඩ තෙල්වත්ත ප්රදේශයේ සඟවා තිබු ස්වයංක්රීය පිස්තෝලයක්, ට්රක්රථයක් හා නවීනතම මෝටර් රථයක් අපරාධ විමර්ශන නිලධාරීන් විසින් අද (17) සොයාගෙන ඇත. මෙම ට්රක්රථය හා මෝටර් රථය යොදාගෙන මනෝජ් මැන්ඩිස්ගේ කල්ලියේ ගෝලයකු වන බන්ධනාගාර ගතව සිටින මීටියාගොඩ ජනිත් නිශාන්ත ඝාතනය කිරීමට පොඩි ලැසී සැලසුම් කර ඇතිබව හෙලිවී තිබේ. 17 October 2020
මිනුවන්ගොඩ පොකුරට අද තවත් 73ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) පස්වරුව වන විට තවත් 73 ක් හඳුනාගෙන තිබේ. 17 October 2020
කෝටි 10ක හෙරොයින් සොයාගනියි පාතාල නායකයෙකු මෙන්ම මත්ද්රව්ය ජාවාරම්කරුවෙක් වන ’’මාකඳුරේ මධූෂ්’’ නමැත්තාගෙන් හෙළි වූ තොරතුරු අනුව කොටිකාවත්ත ගරාජයක් තුළ සඟවා තිබූ රුපියල් කෝටි 10කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් අද (17) සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි. 17 October 2020
කටුනායක කර්මාන්තශාලා දෙකක් වසා දැමීමට අවධානය කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් වාර්තා වන සීඝ්රතාවය අනුව ඉදිරි දින වලදී රෝගය පාලනය කිරීම සදහා මෙම කළාපය තුළ ඇති ඇගලුම් කර්මාන්තශාලා 2 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්ය අමාත්යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්රික් ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය මිගාර ඈපා මහතා පැවසීය. 16 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 ට නගී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් කොරෝනා ආසාදිත වූ තවත් 61 දෙනකු මේ වන විට අද ( 16) හඳුනාගෙන තිබේ. 16 October 2020
විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනක් මරුට මහනුවර ලේවැල්ලේ රෙදිපිළි අලෙවිසැළක තාවකාලිකව සාදා තිබූ විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 16 October 2020
නිරෝධායන නීති කැඩුවොත් 10,000 ක් දඩ - මාස 6 ක් හිරේ නව නිරෝධායන නීති යටතේ ප්රධාන සෞඛ්ය ආරක්ෂිත ක්රමවේද ඇතුළත් විශේෂ ගැසට් පත්රය නිකුත් කිරීම සඳහා සෞඛ්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය අද (15) අත්සන් තැබුවාය. 15 October 2020
අත්අඩංගුවට නොගන්නැයි රිෂාඩ්ගෙන් පෙත්සමක් නීතිපතිවරයා උපදෙස් මත තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්ය හා පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා අද (15) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී. 15 October 2020
රිෂාඩ් සැඟවෙයි - ආරක්ෂක නිලධාරියා අසුවෙයි පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදුර්දීන් මහතා සිටින ස්ථානයක් සොයාගත නොහැකි වූ බැවින් ඔහුගේ ආරක්ෂක නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෂාඩ් බදුර්දීන් මහතාට සැඟවී යාමට ආධාර උපකාර කිරීම හේතුවෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 14 October 2020
නවක මහජන සෞඛ්ය පරීක්ෂකවරු 118ක් හෙට සිට වැඩ අභ්යාසලාභී මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් 118 දෙනෙකු කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්රික්කවල කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් කෙරෙන සෞඛ්ය කටයුතු සඳහා අද(14) සිට සේවයෙහි අනියුක්ත කරන බව කළුතර සෞඛ්ය විද්යායතනයේ අධ්යක්ෂ වෛද්ය තමර කළුබෝවිල මහතා පවසයි. 14 October 2020
කහපොල පිරිවෙනක හිමිවරු 69 ක් නිරෝධායනයට කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි. 14 October 2020
මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන් 160 ක් කොළඹින් මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්ය අමාත්යාංශයේ ප්රකාශක වෛද්ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවැසීය. 13 October 2020
යළිත් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රියාජ් බදියුදීන්ගෙන් පෙත්සමක් පාස්කු ඉරුදින එල්ල කරනු ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් තමන්ව යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ අද (13) රිට් පෙත්සමක් ගොනු කළේය. 13 October 2020
බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට අද (13) නියෝග කර තිබේ. 13 October 2020
සාධිපත්ය කළමනාකරණ අධිකාරියේ ලොක්කෙක් අල්ලස් ගනිද්දී අහුවෙයි සාධිපත්ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්ය සාමාන්යධිකාරී (නියාමන) රුපියල් 25000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ කාන්තා අධ්යක්ෂ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය . 13 October 2020
කටුනායක නිදහස් වෙළඳ කලාපය වහන්නේ නැහැ පවතින කොවිඩ්-19 තර්ජනය හේතුවෙන්, කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා නොදමන බව එහි කම්හල් හිමියන්ගේ සංගමයේ ප්රධාන ලේකම් ධම්මික ප්රනාන්දු මහතා ලංකාදීපයට අද(12) පැවැසීය. 12 October 2020
විස්ස ගැන ශ්රේෂ්ඨාධිකරණ යෝජනා අවසන් කෙටුම්පතට ඇතුළත් කරනවා ව්යවස්ථා සංශෝධනය පිළිබඳ කාරක සභා අවස්ථාවේ දී ශ්රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති උචිත හා අවශ්ය සංශෝධන ද අවසන් කෙටුම්පතට ඇතුළත් කර නීතිගත කිරීමට සළකා බලන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්රකාශ කළේය. 12 October 2020
ලක්ෂ 20ක හෙරොයින් මොරගහහේනෙන් අල්ලයි රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මොරගහහේන තලගල දි හා බෙරුකැටිය ප්රදේශයේදී අද (12) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 12 October 2020
මන්නාරමේ ගම් දෙකක් හුදෙකලා කරයි මන්නාරම පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කිරීමට අද ( 11) පියවර ගෙන තිබේ. 11 October 2020
අත්තනගල්ලේ - මීරිගම ගම් 3ක් වසාදමයි පුද්ගලයින් 37 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත අත්තනගල්ල සහ මීරිගම ප්රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් මාලිගාතැන්න, කූරිකොටුව සහ එළුවාපිටිය යන ග්රාමයෙන් තුන අද(11) වසා දමමින් අධි ආරක්ෂක කලාපයක් බවට පත්කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 11 October 2020
ජාතික රෝහලේ තිදෙනකුට කොරෝනා කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට සහ සේවකයයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්ය වාර්තා වලින් සනාථ වී ඇතැයි සෞඛ්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය අද (10) ප්රකාශ කළාය. 10 October 2020
පානදුර මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසාදමයි පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා ආසාධිත රෝගියෙකු බවට අනාවරණ වීමත් සමගම එම දැඩි සත්කාර ඒකකය ඊයේ (09) රාත්රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව පානදුර මූලික රෝහලේ අධ්යක්ෂක විශේෂඥ වෛද්ය ඉන්ද්රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය. 10 October 2020
බද්යුදීන්ගේ සොහොයුරා නිදහස් කළාට මන්ත්රීවරු 100කගේ විරෝධය පාස්කු දින එල්ලවූ ත්රස්ත ප්රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඞ් බද්යුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් 100 දෙනකුගේ අස්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට යොමුකර ඇත. 09 October 2020
මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් හමුවීම අඩුවෙයි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොවිඩ්-19 පොකුරේ ආසාදිතයින් හමුවීම සාපේක්ෂව අඩුවෙමින් පවතින බව සෞඛ්ය අමාත්යංශයේ වසංගත රෝග විද්යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා ප්රකාශ කළේය. 09 October 2020
කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි කොරෝනා ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා ඇත. 09 October 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026