IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අත්අඩංගුවට නොගන්නැයි රිෂාඩ්ගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

නීතිපතිවරයා උපදෙස් මත තමාව  අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (15) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂණි හේවා පතිරණ , එහි ස්ථානාධිපති , එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කවින්ද පියසේකර , වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , නීතිපතිවරයා ඇතුළු හත්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

2019 වසරේ ජනාධිපතිවරණයේ අවතැන් වූ පිරිසක් ලංගම බස් රථ වලින් ඡන්ද පොළට රැගෙන යාමෙන් මහජන මුදල් අවභාවිත කර ඇතැයි කියමින් ඒ සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා දුන් නියෝගය නීතිවිරෝධී බවත් , එය බලරහිත කරන්නැයිද හිටපු අමාත්‍ය රිෂාඩ් බදුද්දීන් මහතා සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී. 



අදහස් (19)

අත්අඩංගුවට නොගන්නැයි රිෂාඩ්ගෙන් පෙත්සමක්

mohomed Thursday, 15 October 2020 06:25 AM

නීතිය කාටත් පොදු විය යුතුයි...

:       2       16

Nuwan Thursday, 15 October 2020 06:44 AM

වරදක් කරලා නැත්නම් මොකටද බය වෙන්නේ.

:       3       15

Raveendra Thursday, 15 October 2020 07:07 AM

අපගේ නීතිමය දැනීම ඉතාමත්ම අල්ප බැවින් කිසිවෙකු දන්නේ නම් මෙම පැනයට පිළිතුරු ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. කිසිවෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් තිබියදී එවන් පුද්ගලයින් කෙසේ සැඟවී සිට පෙත්සමක් ඉදිරිපත් කරන්නේද? කෙසේ හෝ ඉදිරිපත් කරන්නේ නම් වෙනත් කෙනෙකුගේ සහාය ඇතිව ඉදිරිපත් කළයුතු නොවේද? එසේ නම් එම දෙවන පුද්ගලයා මොහු සිටිනා තැන හොඳාකාරව දන්නා අතර ඔහුද වැරදිකරුවෙකු නොවන්නේද?

:       9       32

Hafeel Thursday, 15 October 2020 11:31 AM

ඔබගේ අදහස් ඉතා සාධාරණයි. නමුත් මේවා තමයි අද රටේ නීති පද්ධතිය තුළ සහ එක රටක්, එක නීතියක් කියමින් සිදුවෙන්නේ. කුරුණෑගල නගරාධිපතිත් , රාජිත සේනාරත්නත් මේ දේ තමයි කළෙත්.. මම රිෂාඩ් වෙනුවෙන් නොවේ මේක කියන්නේ... නමුත් අද ඕක තමයි වෙන්නේ. නීතිරීති, දඬුවම් සේරම සාමාන්‍ය පන්තියට අද සීමා වෙලා.

:       2       7

siri Thursday, 15 October 2020 08:13 AM

කවුද ඔය වැඩේ මීට කළින් කළේ...? කාටද මතක? එයාගේ නම් වැඩේ හරිගියා. මෙයාට කොහොම වෙයිද කියලා බලමු දැන්...?

:       1       26

මරියාThursday, 15 October 2020 11:10 AM

අපටත් මතකයි තව කෙනෙක් මෙහෙම කට්ටි පැනපැන අවුරුදු 5කට කිට්ටුවෙන්න ඉඳලා රටේ ලොකුම පුටුවට ආවා. එයා තමයි ලංකාවට මේ සංස්කෘතිය ගෙනාවේ...

:       1       14

Hafeel Thursday, 15 October 2020 01:54 PM

හරියට කිව්වා..

:       1       6

anaSaturday, 17 October 2020 07:11 AM

කාපට් අධිපති නේද?

:       0       0

de silva Thursday, 15 October 2020 08:42 AM

සැඟවෙන්නේ නැතිව උසාවියට ඉදිරිපත්වුණා නම් සමහරවිට ඇපගන්න තිබුණා.

:       2       2

SK Thursday, 15 October 2020 09:36 AM

පව් අනේ, මෙයාව අත්අඩංගුවට ගන්න එපා.

:       0       2

isuru Thursday, 15 October 2020 10:27 AM

එක රටක්, එක නීතියක් අපි බලමු.

:       0       2

බද්රානි Thursday, 15 October 2020 10:35 AM

ඔය වගේ අවනීති වැඩකරලා මේ රටට ආදර්ශයක් දීපු අය ඉස්සරහ නැට්ට බඩ යට ගහගෙන ඉඳලා දැන් මෙතන සද්දෙට තප්පුලනවා. ඔහුගේ ජාතිය ජන්මය වෙනස් නිසා.. රිෂාඩ් බදුර්දීන්ටත් ඒ අයිතියම තියනවා. අපි ඔහුටත් ඒ අයිතිය තියනවා කියලා පිළිගන්නවා. නීතිය බල්ලන්ට ගිය රටේ රෙදි ඇඳගෙනද නීති කතා කරන්න එන්නේ..?

:       2       6

kule Thursday, 15 October 2020 10:56 AM

ඔහු සැඟවී සිටින්නේ ශ්‍රී ලංකාවේ නීතියට, අධිකරණයට සහ පොලීසියට හොඳ කනේ පාරක් ගසමින්ය.

:       0       3

shehan Thursday, 15 October 2020 11:06 AM

බදියුර්දීන් හරියට රවී වගේ... හා හා!!!

:       0       3

safran Thursday, 15 October 2020 12:26 PM

2019 අවතැන් වූ පිරිසක් ලංගම බස් රථ වලින් ඡන්ද පොළට රැගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න කියපු නීතිපතිවරයාට 2005 -2019 වකවානුව තුල කොහොමද මේ අවතැන් වූ පිරිස ඡන්ද පොළට රැගෙන ගියේ කියලා හොයලා බලන්න අමතකවෙලා වගේ.. නැත්තම් අවතැන් වූ පිරිස ඡන්ද පොළට ගෙනියන්න රජයන් කරන්නැතුව කව්ද කරන්නේ?

:       1       4

සමන් Thursday, 15 October 2020 03:02 PM

නන්දසේන.. ඔයා සිරිසේනටත් අන්තයි. තිත්ත වුණත් ඇත්ත ඒක තමයි. අර ටයිකෝට් දාගත්ත මේජර් ජෙනරාල් ලේකම්තුමා හිටපු හේමසිරි ලේකම්ටත් අන්තයි. බදියුර්දීන් ඉන්න තැන හොයා ගන්න බැරි ඔයාලා කොහොමද රටක් පාලනය කරන්නේ..? ආරක්ෂා කරන්නේ..? ඔයාලට පුලුවන් එකම දේ රට චීනෙට උකස් කරලා සංදර්ශන තියන්න විතරයි. වහල්ලුන්ට ඔයාලව වීරයින් වුණාට මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට ඔයාලා හැම කෙනෙක්ම හරිම පිළිකුල්...

:       1       7

Perera Thursday, 15 October 2020 06:03 PM

රවී, රාජිත සහ තව තව ඉහළ තනතුරු දැරූ සහ දැනට දරන ‘මහත්වරු‘ නීතිවිරෝධී වැඩකරලා අත්අඩංගුවට පත් නොවීමට ගන්න ක්‍රමවේද තමයි මේවා. රටේ සාමාන්‍ය කෙනෙකුට ඔය ක්‍රමවේද අනුගමනය කරන්න බැරි රටේ ඒ ඒ පුද්ගලයාට වෙනස් ආකාරයට නීතිය ක්‍රියාත්මක වෙන නිසා....

:       0       1

ana Friday, 16 October 2020 03:03 AM

හොඳ සැලුන් එකක් නැද්ද? කොණ්ඩේ පීරපු නැති පොරක් ඉන්නවා. කොණ්ඩේ කපලා, පීරලා ගත්තාමවත් හරියට කරයිද බලන්න...

:       0       1

Bamunuarachchi Friday, 16 October 2020 11:50 AM

මෙයාව අත් අඩංගුවට ගන්න කියලා අපි පෙත්සම් 1000ක් එවන්නම්කෝ...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2234 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site