(විනීතා එම් ගමගේ)
ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරක සභා අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති උචිත හා අවශ්‍ය සංශෝධන ද අවසන් කෙටුම්පතට ඇතුළත් කර නීතිගත කිරීමට සළකා බලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මේ වනවිට ජනාධිපතිවරයාට හා කතානායකවරයාට දන්වා ඇතැයි කී පීරිස් මහතා පාර්ලිමේන්තුව යළි රැස්වන මේ මස 20 වැනිදා එය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇතැයි ද කීය.
ඉන්පසු ඕනෑම අවස්ථාවක 20 වන සංශෝධනය විවාදයට ගත හැකි වන බවත් පසුව සිදුවන දෙවන වර කියවීමේ සිට සංශෝධන එක් කළ හැකි වන බවත් අමාත්‍යවරයා කීය.
ජී එල් පීරිස් මහතා මේ අදහස් පළ කළේ නෙළුම් පෙදෙස පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තව දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මේ සම්බන්ධව විවාදයක් පැවැත්වෙනවා ද දින කීයක් ද ආදී කරුණු තීරණය කරනු ලබන්නේ පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තු කමිටුව විසින් යැයි ද කියා සිටියේය.
අවශ්‍ය යැයි සිතන සියලු සංශෝධන අලුත් කෙටුම්පතට ඇතුළත් කර නීතිගත කරන බවත් ඒ අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවනු ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දුව එදාම ජනාධිපතිටත්, කතානායකවරයාටත්, විශේෂ ආරක්ෂක කවරවල බහා යැව්වා කියලයි එදා දැනුම් දුන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121-3 වගන්තිය අනුව එහෙම තමයි වියයුත්තේ. නමුත්... ඉන් පැය කිහිපයක් ඇතුළත, ඒ තීන්දුව pdf ෆෝමැට් එකකින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. 3,5,14 සහ 22 යන වගන්ති හැර ඉතිරි සියලුම දේවල් 2/3 සම්මත කළ හැකිබවත් ඉතිරි 4 සඳහා ජනමත විචාරණයකට යා යුතුබවත් එහි සඳහන් වුණා. ඒ වගේම 3,5,14,22 යන වගන්ති කාරකසභා සංශෝධනයක් වේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් කියනවා. ඒ පිටපත සමාජ මාධ්‍යයට දැම්මේ මල්වානේ මිස්ටර් 10% කියලා දැන් කවුරුත් දන්නවා. පිරිස් ලොක්කාගේ හිතේ මේ රටේ ඉන්නේ ලක්ෂ 69 ක බයියන් විතරයි කියලා.
නැතුව නැතුව,... ඔබතුමාලා මේතරම් වෙරගන්නේ රටට සේවය කිරීමටනේ.. මොකද අපිට නොතේරෙනවයැ...
විස්සට එරෙහි පෙත්සම් 39 පිළිබඳ ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යැවූ පංච පුද්ගල අධිකරණයේ තීන්දුව හොර පාරෙන් මාධ්‍යයට ලැබිලා කියලා කියන්නේ ඇත්තක්ද? දැන් අන්තර්ජාලයේ පළවී ඇති එම වාර්තාවන්ට අනුව 20 සම්මත කරගැනීම අනුමත වෙලා කියලයි කියන්නේ..
රටේ මිනිස්සු කෝවිඩ් හැදිලා විඳවනවා. මේ ඔක්කොම අස්සේ බලතණ්හාව ඔලුවේ තියාගෙන තිරේ පිටිපස්සේ ඉඳන් 20ට වැඩ..
දැන් මේ අයගේ ප්‍රශ්නේ 20, අපේ ප්‍රශ්නය ජීවත් විම. අනේ අපොයි...!
මහත්තයෝ, 20 ගැන කතානායකතුමා.. තවම දන්නේ නැතිව වගේ... ඒත් ඒ රහස්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ මහජනයාට දැනගන්නට ලැබුණේ කොහොමද? මේ සිද්ධියෙන්ම වුණත් ඔබතුමාලාගේ හපන්කම් අපට හිතාගන්න පුළුවනි.
සිංහලයෙනි අවදිවව්...!!! 20 හකුලා ගන්න ආණ්ඩුවට බල කරන්න වහ වහා එකතු වෙයව්! 20 ගැන කියපු ඔක්කොම ඇත්ත වෙලා තියෙන්නේ. අධිකරණ තීන්දුව වේලාසනම පළකල ඉංග්‍රීසි වෙබ් අඩවියකට නම් මේ බව ලිව්වා. මෙතනට කලින් ලියපුවා තාම වැටිලා නැහැ. ජාතික පුවත්පත් වලට යුතුකමක් තියෙනවා ජනතාවට 20 භයානකකම දැනගන්න ඉඩ දෙන්න. 20 ගෙනාවේ රට පාවා දෙන්න. 20 ගේන්නේ එම්සීසී ගිවිසුම අත්සන් කරන්න කියලා මම කලින් කියපුවා දැන් ඔප්පු වෙලා තියෙනවා. ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සහ අධිකරණ ලේකම් මාර්ක් ටී එස්පර් ලංකාවට ගෙන්වා ගන්නවා ඔක්තෝබර් 28, එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න. කොරෝනා ගෙනාවේ, මිනිස්සු ඒ පස්සේ දුවන අතරේ 20 සම්මත කරගෙන, බොහෝවිට ඔක්තෝබර් 28 වෙනකොට ඇඳිරි නීතියත් දාගෙන එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න බව දැන් සක්සුදක් සේ පැහැදිලියි. සිංහලයෙනි, අපට ඉතා භයානක කාලයක් එන්න යන්නේ. ඒ හින්ද දැනදැනම මේ පින්බිම ඇමරිකන් කාරයට පාවා දෙන්න ජනාධිපතිට ඉඩ දෙන්න එපා. දහසක් බුදුන් බුදුවන මේ පින්බිම රැක ගන්න ඉදිරියට වරෙව්!!! අපි නොකියපු බොහෝ දේ තියෙනවා මේ පින්බිම ගැන. ඒවා නොකිව්වේ හේතුවක් නිසා.
මම කලින්ම කිව්වා 20න් කරන්න හදන්නේ එම්සීසී ගිවිසුම අත්සන් කරලා ක්‍රියාත්මක කරන්න තියෙන බාධා අයින් කරන්න කියලා. ඒ මහා පාවා දීම දැන් කරන්නයි හදන්නේ. අපේ සිංහල රජවරු මුතුන් මිත්තෝ මහා සංඝ රත්නය අතීතයේ ජීවිත පූජාවෙන් රැකගත්ත රට ඇමරිකන්කාරයාට පාවාදෙන්න හදනවා. මම නම් ජනාධිපතිට ඡන්දෙ දුන්නේ නැහැ. මුල ඉඳන් කිව්වා ඔහු රට පාවා දෙනබව... එම්සීසී අත්සන් කරන්න විතරක් නෙමෙයි, කලින් නොහිතුවාට, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න සහ ජනාධිපති ධූරයට තරඟ කරන්න ඉඩ දෙන වගන්තිය ගේන්නේ ජනාධිපතිට නැවත ඇමරිකන් පුරවැසිභාවය ගන්න. 20 සම්මත වුණු ගමන් ඔහුට ද්විත්ව පුරවැසියෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපති එම්සීසී, සෝෆා ගිවිසුම් දෙක මේ මාසේ 28 අත්සන් කරන්නේ ඇමරිකන් පුරවැසියෙක් විදිහට. සක්කරයාටවත් නැති මුක්තියකුත් 20න් ගන්නවා. මොනතරම් භයානකද? ඔක්තෝබර් 28 වෙනිදාට ඇමරිකන් පුරවැසියන් දෙන්නෙක් ලංකාව වෙනුවෙන් සහ ඇමරිකාව වෙනුවෙන් එම්සීසී සහ සෝෆා ගිවිසුම අත්සන් කරන්නේ... අපි රණවිරුවෙක් කියලා හිතපු ආරක්ෂක ලේකම්ටත් ලංකාවට වඩා ඇමරිකාව ලොකු වෙලා...
20 ගැන තවම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයා කැඳවා නැහැ. මෙන්න මෙයා මේ මොනවද කියන්නේ..? බළලා මල්ලෙන් පැනලා වගේ තමයි...
තීන්දුව තවම කවරේ... එ්ක කඩන්නේ පාර්ලිමේන්තුවේ මෙයා අංජනම් එළියක් බළලාදෝ මන්දා... දන්නෝ දනිති.
මෙන්න වැඩේ 20 වැනිදා ලිපිය කඩන්න මෙයා මොකද මේ නටන්නේ..?
නිකාය දෙකෙන් විතරක් නොවේ... රදගුරුතුමන්ලාත් ඔන්න ඔය වැඩේ කරන්න එපා කියලා. ‘‘රටවල් දෙකක කකුල් තියාගෙන ඉන්න කට්ටය‘‘ පාර්ලිමේන්තු යවනවට තමයි වැඩියෙන්ම අකමැති වෙලා තියෙන්නේ...
ශ්‍රී ලංකා ජාතියට සිදුවූ ප්‍රධානම ව්‍යවසනය...