පළමු ශ්රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවේ බර ලිහිල් කරයි පාසල්වල පළමු ශ්රේණියට දරුවන් ඇතුළු කිරීමේදී පදිංචිය සහතික කිරීම සඳහා ඔප්පුවක් නොමැති අවස්ථාවලදී වසර පහක් අඛණ්ඩව ඡන්ද නාමලේඛනයේ නම සඳහන් වීමත්, ප්රදේශයේ ග්රාම සේවක ඇතුළු අදාළ බලධාරීන් විසින් පදිංචිය තහවුරු කිරීමත් ප්රමාණවත් බවට අමාත්ය මණ්ඩලය තීරණය කර තිබේ. 30 September 2020
විස්සෙන් ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය වී ඇතැයි ශ්රේෂ්ඨාධිකරණයට කියයි ආණ්ඩුක්රම ව්යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතෙන් පාර්ලිමේන්තුවේ බලය සෘජුවම අභියෝගයට ලක් වී ඇති බවත්, එමඟින් ජනතාවගේ ස්වෛරීභාවය සෘජුවම උල්ලංඝනය වී ඇතැයි ද එම පනත් කෙටුම්පතට එරෙහි ගොනු වී ඇති විශේෂ පෙත්සම් විභාගයේ දී පෙත්සම්කාර සමගි ජනබලවේගයේ මහලේකම් වෙනුවෙන් පෙනී සිට නීතීඥ සුරේන් ප්රනාන්දු මහතා අද (29) පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය. 29 September 2020
2015 ජනාධිපතිවරණ දැන්වීම්වලින් කෝටි 20ක් පාඩුයි 2015 ජනාධිපතිවරණයට අදාළව දැන්වීම්වලට මුදල් අය කිරීමේ ක්රමවේදයක් සකස් කර නොතිබූ බැවින් රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 20ක පාඩුවක් සිදුවී ඇති බව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අද (29) දැනුම් දුන්හ. 29 September 2020
බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට මහනුවර, බූවැලිකඩ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට කැඳවීමෙන් පසු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පවසයි. 29 September 2020
20 ට එරෙහි පෙත්සම් අද 10.00 ට කැඳවයි විසිවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවත්, එැබැවින් එම කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්රී සංඛයාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ 11 ශ්රේෂ්ඨාධිකරණයේදී අද (29) පෙරවරු 10.00ට කැඳවනු ලැබේ. 29 September 2020
‘ජනමත විචාරණයකට රජය සූදානම්’ විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්ය බවට ශ්රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්රියා කිරීමට රජය අපේක්ෂා කරන්නේ යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය. 28 September 2020
දූෂණ විරෝධී කාර්යාලයක් ගැන මලික් දැනගෙන ඉඳලා නෑ යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටු කාර්යාලයක් ස්ථාපිත කර තිබුණේදැයි තමා නොදන්නා බව එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ හිටපු අමාත්ය මලික් සමරවික්රම මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (28) ප්රකාශ කළේය. 28 September 2020
ඉන්දීය අගමැති මෝදි 13 ඕනෑම බව කියයි ශ්රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා 13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ක්රියාත්මක කිරීම අත්යවශ්ය යැයි ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා අවධාරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ශ්රී ලංකාවේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි යන මහත්වරුන් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 27 September 2020
ලක්ෂ 400ක රත්රං යතුරුපැදියෙන් ගෙනියද්දී අල්ලයි ලක්ෂ 400 පමණ රත්රං තොගයක් යතුරු පැදියකින් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයකු දළුව කලපුව ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 27 September 2020
‘රොහා‘ගේ අවසන් කටයුතුවලට දැඩි පොලිස් ආරක්ෂාව මීගමුව කොච්චිකඩේ ප්රදේශයේ දී පසුගියදා පොලිස් වෙඩි ප්රහාරයෙන් මියගිය ගොනාකෝවිලේ ‘රොහා‘ හෙවත් හැරල්ඩ් රෝහණ ද සිල්වාගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ අඟුලාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. 26 September 2020
අඩියාගලහින්න රක්ෂිතයෙත් අක්කර 30 ක් එළි කරයි ත්රිකුණාමලය මොරවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට සීමා මායිම් ඇති අඩියාගල හින්න රක්ෂිතයේ අක්කර 30ක ප්රමාණයක් එළි පෙහෙළි කර ගිනි තබා ඇතැයි ප්රදේශවාසිහු පවසති. 25 September 2020
20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් 20 වැනි ව්යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව දැනට ඉදිරිපත් කර ඇති විශේෂ පෙත්සම් ලබන 29 වැනිදා සලකා බැලීමට අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලැබ ඇත. 25 September 2020
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කෝටි 13 ක වංචා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රුපියල් කෝටි 13 කට අධික මුදල් අක්රමිකතා ඉකුත් වසර පහේ දී සිදුව ඇතැයි එහි 2015 සිට 2019 දක්වා සිදුවූ අක්රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් අනාවරණය කර ගෙන ඇත. 24 September 2020
ආනවිළුන්දාව ඩෝසර් කිරීමට චෝදනා ලැබූ ජගත් සමන්තට ඇප ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්රි කුරු ගමගේ ජගත් සමන්ත පෙරේරා ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්රාත් අනුර ඉන්ද්රජිත් බුද්ධදාස මහතා අද ( 24 ) නියෝග කළේය. 24 September 2020
හිටපු ජනපති ඇතුළු රදගුරුතුමන්ලා තිදෙනාට අවවාද කරති පාස්කු දින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව අද (24) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට මෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටත්, කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටත් අවවාද කළේය. 24 September 2020
’කුඩු රොහා’ පොලිස් වෙඩි පහරින් මරුට සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන දෙව්මිණි රෝහණ හැරල් ද සිල්වා හෙවත් ’’කුඩු රෝහා’’ නැමැත්තා මීගමුව කොච්චිකඩේ ප්රදේශයේ දී පොලිසිය සමග අද (24)අලුයම ඇතිවූ වෙඩි හුවමාරුව දී මිය ගිය බව පොලිසිය සඳහන් කරයි. 24 September 2020
මත්ද්රව්ය ජාවාරමෙන් කෝටි 31 ක් ඉපයූ තිදෙනෙක් දැළේ මත්ද්රව්ය ජාවාරමෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි 31 ක මුදලක් බැර කරන ලද බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මීගමුව නගර සභාවේ සේවකයෙක්, මෝටර් රථ අමතර කොටස් ව්යාපාරිකයෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අද (23) අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 23 September 2020
20 ට එරෙහිව දෙමළ ජාතික සන්ධානය ශ්රේෂ්ඨාධිකරණයට යයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්රම ව්යස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත ඇතැම් වගන්ති පවතින ආණ්ඩුක්රම ව්යස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට අවශ්ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා දෙමළ ජාතික සන්ධානය අද(23) ශ්රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. 23 September 2020
පූජිත්ට-හේමසිරිට එරෙහි පරීක්ෂණ අවසන් පාස්කු ඉරු දින ප්රහාරය වළක්වා නොගැනීමට ක්රියා නොකර, සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරියේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව කළ පරීක්ෂණ කටයුතු අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(23) කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ, කොළඹ ප්රධාන මහේස්ත්රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කරුණු දක්වා සිටියේය. 23 September 2020
සහල් ආනයනය කිරීමට කෝටි 224 ක ණයක් ඉල්ලයි රටතුළ ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යෑමට අවශ්ය සහල් ආනයනය කිරීම සඳහා ලංකා සතොස ආයතනය මහජන බැංකුවෙන් රුපියල් කෝටි 224 ක (රුපියල් මිලියන 2,241) ණය මුදලක් ඉල්ලා ඇත. 22 September 2020
මංතීරු නීතිය ආපිට නමයි හෙට 23 දිනයේ සිට බස් ප්රමුඛතා මංතීරුවේ ගමන් කළ හැක්කේ මගී බස් රථ, පාසල් බස් රථ හා වෑන් රථ, කාර්යාල බස් රථ හා වෑන් රථ පමණක් බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 22 September 2020
සමගි ජන බලවේගයෙන් විස්සට විරෝධය විසි වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්යාය පත්රයට ඇතුළත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්රීවරු අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේ දී විරෝධය පළ කළහ. 22 September 2020
කෝටි 583 ක් ලාභ ලබද්දී ඇමති භාණ්ඩාගාරයෙන් ණය ඉල්ලයි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පාඩු ලබන බැවින් භාණ්ඩාගාරයෙන් ණය මුදලක් ඉල්ලා කම්කරු ඇමතිවරයා කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර තිබේ. එහෙත් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින්ම නිකුත් කරන ලද නිල අයවැය වාර්තාව අනුව පසුගිය වසර 5 ක කාලය තුළදී, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ලබාගත් ශුද්ධ ලාභය රුපියල් බිලියන 5 ඉක්මවයි. එහි විගණනය කරන ලද ශුද්ධ ලාභය රුපියක් කෝටි 583 ක් හෙවත් රුපියල් බිලියන 5.83 කි. 21 September 2020
රවීට - අර්ජුන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා කොලූපිටියේ මහල් නිවාසයක් බදු දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් හිටපු මුදල් අමාත්ය රවී කරුණානයක මහතාට සහ පර්පචුවල් ට්රෙෂරීස් ලිමිටඩ් (පීටීඑල්) හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. 21 September 2020
ශ්රී ලාංකිකයන් 18 ක් ඇමරිකාවෙන් පිටුවහල් කරලා ඇමෙරිකා එක්සත් ජනපදයේ වලංගු වීසා කාලය ඉක්මවා තවදුරටත් එරට රැදී සිටි ශ්රී ලාංකිකයන් 18 දෙනෙකු, එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි. මෙම පිරිස ඇමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් රැදී සිටියදී, එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ශ්රී ලංකාවට පිටුවහල් කරනු ලැබ ඇත. 21 September 2020
මුස්ලිම් ඇමතිවරුන්ගේ බලපෑම නිසා හිටපු ජනාධිපතිතුමා බියෙන් හිටියා “පාස්කු ඉරුදින ප්රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ වගකීම මම භාරගන්නේ නැහැ. මම මගේ වගකීම නිසි ලෙස ඉටුකළා. ප්රහාරයට පෙර ලැබුණ තොරතුරු මම පොලිස්පතිට ලබාදුන්නා’’ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා පාස්කු ඉරුදින ප්රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය. 20 September 2020
සැහැල්ලු දුම්රිය මාර්ග ණය ගනුදෙනුව අවලංගු කිරීමේ සාකච්ඡා කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය (එල්ආර්ටී) ඉදිකිරීම සඳහා වූ ණය ගිවිසුම අවලංගු කිරීමේ අරමුණින් මහා භාණ්ඩාගාරය ජපාන ජාත්යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) සමඟ සාකච්ඡා ආරම්භ කරන බව බලයලත් නිල ආරංචි මාර්ග වලින් වාර්තා වේ. 20 September 2020
ගල්විල වන උද්යානයත් වනසති වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් තබ්බෝව - ගල්විල පාරිසරික උද්යානය තුළ වසර 100ක් පැරණි ගස් කැපීම්, වැලි ගොඩදැමීම් ඇතුළු විශාල පාරිසරික හානි රැසක් සිදුවන බව ප්රදේශවාසීහු පෙන්වා දෙති. 20 September 2020
බත්තලංගුණ්ඩුව දූපතක ලක්ෂ 50 ක කේරළ ගංජා හංගලා කල්පිටිය බත්තලංගුණ්ඩුව පරාමුණේ දූපතේ ධීවර වාඩියක සඟවා තිබූ ලක්ෂ 50ට ආසන්න වටිනාකමකින් යුත් කේරලගංජා තොගයක් කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නාවික හමුදාව විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි. 19 September 2020
සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට යයි කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඇතිව සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ අමාත්ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 18 September 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026