
(ඩයනා උදයංගනී)
කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඇතිව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රට තුළ කෘතිම ආහාර හිඟයක් ඇති නොවන පරිදි හා මිල වැඩිවීමක් නොවන පරිදි පාරිභෝගිකයින් වෙත සහල් ලබාදීමට හැකිවන පරිදි රජය වෙත ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගැනීම මෙහි අරමුණ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
වී තොග රැස්කරගෙන සිටින සහල් මෝල් හිමියන් එම සහල් තොග වෙළඳපලට නිකුත් කරන්නේ නම් සහල් පිටරටින් ගෙන්වීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි ද ඇමතිවරයා කීවේය.
නමුත් කෘතිම හිඟයක් මවා පා පාරිභෝගිකයන් අපහසුතාවට පත්කිරීමට ඉඩ දිය නොහැකි බැවින් මෙසේ සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව කී ඇමතිවරයා සහල් හිඟයක් මවා පාමින් සහල් මිල වැඩිකිරීමට කිසිවකුට ඉඩ දෙන්නේ නැතැයි ද කියා සිටියෙය්.
ඇමතිවරයා මේ බව පැවසුවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ අද (18) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සැමවිටම සාමාන්‍ය මිනිසුන් සූරා කෑවේ අතරමැදි වෙළෙන්දායි. මෙවර වී මෝල්කාරයින්, ගොවීන්ගෙන් වැඩිමිලට වී මිලදී ගත්තේ රටේ මිනිසුන් බිල්ලට තියා ඉදිරියේදී හාල් වැඩිමිලට විකිණීමටයි. මෙවැනි කළුකඩ කාරයින්ට අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතුයි. මේ අමාත්‍යවරයාට එවැනි දෙයකට ශක්තිය තිබේ යැයි සිතමි.
ගම්මිරිසුත් ගේමුද?
ඉතාම හොඳ තීරණයක්.. මේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් කිහිපදෙනකුගේ ඒකාධිකාරය ඉක්මනින් අවසන් කළ යුතුයි. කෙනෙකුට අහන්න පුළුවන් මෝල් හිමියන්ට රජය යට වුණාද කියලා. ඒත් චණ්ඩිකමින් බල කිරීමෙන් කරනවාට මේ වගේ උපායශීලී විදිහට කිරීමෙන් පාරිභෝගිකයා සුරකින ගමන් මෝල් හිමියන්ටත් පාඩමක් උගන්නන්න පුළුවන්...
ඔය එක්කම කහ පොඩ්ඩකුත් ගෙන්නන්න. මොකද අපි කන්නේ කහබත්..
බුදු අම්මෝ සර්.. ඒකට නම් රැස්පෙක්ට්. දැන් හාල් මාෆියා කාරයින් දෙකට නැවිල එයි. මේවා මොළ නෙමෙයි මොළ ගෙනියන නැව්... වහල්ලු නම් මේ විදියට තප්පුලයි.
ඉස්සර පෙරදිග ධාන්‍යාගාරය, අද?
මෙන්න සත්ව ආහාරවලට දෙන්න වෙන තවත් සහල් තොගයක්. මේ සහල් තොගේ ගෙන්නන්න දෙන්නේ යාලුවෙකුට නේද?
සහල් මිල කෙසේ වෙතත්, කොහොම හරි එතුමාගේ කොමිෂන් එක නං දැන් හරි..
එතකොට මේ පාර අස්වැන්නට මොකද කළේ? රටින් ගෙන්වන එක නැවැත්වීම නේද රජයේ අරමුණ? හැමදාම කළේ අණ්ඩ දැමීම නේද?
කැලේ කැපුවම වැස්ස නැහැ. ඉතා හොඳ තීරණයක් අනාගතය ගැන හිතුවාම..
හරිනම් කියව කියවා ඉන්නේ නැතිව කරලා පෙන්වන්න ඕනේ.. මේවා මිනිස්සු රවට්ටන්න කියන බොරු කතා. ආණ්ඩුව හැමදාම ඉන්නේ ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත්, වැනි විශාල හාල් මෝල් හිමියන්ගේ පැත්තේ. දැන් හාල් මිල 100ත් පැනලා.
කයිය විතරයි, ආණ්ඩුවට වැඩ බැහැ.
බිත්තරත් ගේනෝ....
අපි සහල් ආනයනය කරන්නේ නොමිලේද?