
(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රුපියල් කෝටි 13 කට අධික මුදල් අක්‍රමිකතා ඉකුත් වසර පහේ දී සිදුව ඇතැයි එහි 2015 සිට 2019 දක්වා සිදුවූ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් අනාවරණය කර ගෙන ඇත.
එම සමයේ යම් මූල්‍ය අක්‍රමිකාතාවක් වී ඇත්දැයි සොයා බැලීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල වාර්තාවේ මේ බව සඳහන් වේ.
එම වාර්තාව ඉකුත් 23 වැනිදා රාජ්‍ය අමාත්‍යවරයා වෙත අමාත්‍යංශයේ දී එම කමිටුවේ සාමාජිකයින් විසින් භාරදෙනු ලැබීය.
මෙම කමිටුව විසින් අනාවරණය කර ගෙන ඇති කරුණු අතර රන්පියාපත් වැඩසටහනේ දී මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇතැයි ද සම්මත ක්‍රමවේදයට බැහැරව වාහන විශාල ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි ද, සම්මත පටිපාටියට බැහැර අන්දමින් සභාපතිවරයාට වාහනයක් ලබාගෙන ඇතැයි ද, හෙළිවී තිබේ.
එමෙන්ම නිලධාරීන් දේශපාලන කටයුතුවලට යොදා ගැනීම්, අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු විසින් ගාල්ලේ කාර්යංශ කාර්යාලයක් ආරම්භ කීරීම වැනි සිද්ධීන් පිළිබඳව ද වාර්තාවේ සඳහන් ව ඇති අතර මෙම කරුණු පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරයා හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
අක්‍රමිකතා සිදුකළ පුද්ගලයින්ගෙන් එකී මුදල් නැවත අයකරගැනීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ඉක්මණින්ම මෙම වාර්තාව ගැන පියවර ගන්නා බව ද කියා සිටියේය.
මෙම අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් වූයේ නීතිඥ රඛිත අබේගුණවර්ධන, නීතිඥ දුෂ්මන්ත තොටවත්ත සහ නීතිඥ තුෂාරි සූරියආරච්චි යන මහත්ම මහත්මීහු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ ශ්‍රමිකයන්ගේ මුදල් නිලධාරියෝ පිල්ලි ගහලා. අසරණ ශ්‍රමිකයෝ ටික වැලි කතරේ මැරෙන්න අරිමු. දැන් එක එක බොරු කියලා තානාපති කාර්යාලත් වහලා. ආණ්ඩුවට අවශ්‍ය 20 පමණි.
ඔක්කොම ගැහිලි කාරයින් ටික තමයි ඕකේ ඉන්නේ..
ඒ ගොල්ලෝ මේ ගොල්ලන්ගේ වංචා හොයනවා. මේ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ වංචා හොයනවා. නමුත් කාටත් නම් දඬුවම් නම් දීලා නැහැ. දෙගොල්ලෝම කිව්ව විදිහට නම් මහබැංකු හොරුන් මේ වනවිට හිරේ අවුරුද්දකට ආසන්නයි. පහුගිය ආණ්ඩුවේ අපරාධකරුවන් අවුරුදු 5කින් දඬුවම් අවසන්.. නමුත් සේරම අද ඉන්නේ පාර්ලිමේන්තුවේ රජපුටුවල...
ඕකෙ ඉන්නේ අයිස් ගහන්න උපන් හපන්නු...
හෙණම ගහන්න ඕනේ...
ඇයි 2015 කලින් වෙලා නැද්ද?
කිසිම වැඩකට නැති අමාත්‍යංශයක්. ඕක වහලා දාන්න
2015 ට ඉස්සර කරපු වංචා ඇල්ලුවද? අම්බානක් කාළා කියලා හොයාගත්තා නේද?
අර මල්වානේ ගෙදරට මොකද වුණේ?
අවංකව කියනවා නම්, විදේශ නියුක්ති කාර්යාංශයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත. මේක වසාදමන්න. පිටරටවල සේවය කරන අහිංසක මිනිසුන්ගේ මුදල් හූරාකන කාලකණ්ණි ටිකක් මෙතැන ඉන්නේ... මේකෙන් කෙරෙන දෙයක් නැහැ. මම 1996 සිට මැදපෙරදිග සේවය කරනවා. කිසිම අවස්ථාවක මේ කාර්යාංශයෙන් දෙනවා කියන ප්‍රතිලාභ දෙන්නේ නැහැ. අඩුම තරමින් කිසිම ප්‍රතිලාභයක් ලබාගෙන නැති ශ්‍රමිකයන්ට ඔවුන් වසර 2කට වතාවක් ගෙවපු මුදල් වලින් යම්කිසි ප්‍රතිශතයක් ඔවුන්ගේ මැදපෙරදිග සේවය අවසන් කර නැවත මව්බිමට පැමිණෙන විට ලබාදීමට කටයුතු කළ යුතුයි.