IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බත්තලංගුණ්ඩුව දූපතක ලක්ෂ 50 ක කේරළ ගංජා හංගලා


       
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කල්පිටිය බත්තලංගුණ්ඩුව පරාමුණේ දූපතේ ධීවර වාඩියක සඟවා තිබූ ලක්ෂ 50ට ආසන්න වටිනාකමකින් යුත් කේරලගංජා තොගයක්  කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නාවික හමුදාව විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ   කිලෝ 31, ග්‍රෑම් 500ට ආසන්න කේරල ගංජා තොගයක් බව කියයි.
 
මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඉන්දියාවේ සිට බෝට්ටු යාත්‍රාවක් ආධාරයෙන් රැගෙනවිත් මෙම දූපතේ සඟවා තිබියදී නාවික හමුදා බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම ගංජා තොගය කිලෝ 1 ප්‍රමාණයේ ඇසුරුම්වල බහා පොලිතීන් ආවරණ වල යොදා තිබියදී නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති බව කියයි.
 
අදාල ගංජා තොගය නාවික හමුදා නිලධාරින් විසින් කල්පිටිය පොලිසියට බාරදීමට කටයුතු කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය පුළුල් විමර්ශණ ආරම්භ කර තිබේ.



අදහස් (5)

බත්තලංගුණ්ඩුව දූපතක ලක්ෂ 50 ක කේරළ ගංජා හංගලා

Champa Saturday, 19 September 2020 02:30 PM

වරදක් පෙන්වන්න නෙමෙයි, දැන ගන්නයි මම අහන්නේ, කොච්චර කල් මේවා හංගලා තිබිලා තියෙනවද? බෑග් ටික, ටිකක් අලුත් පාටයි නේද? වාඩියක හංගලා තිබුණා කිව්වට කුණු පොඩ්ඩක්වත් ගෑවිලත් නැහැ.

:       284       306

BamunuarachchiSunday, 20 September 2020 02:19 AM

කුඩු, ගංජා ගෙන්වීම අද වෙන්නත් පුළුවන්... දැක්කනේ බීලා වාහනේ පදවලා අහුවුණා. දඩේ ගෙවලා ආපසු යද්දීත් බීලා අහුවුණා. ඒවගේ දිගට හරහට ඇල්ලුවට ගෙනෙන එකා ගෙනාවා. ගෙවන කෙනා ඇල්ලුවම දෙන දඬුවමේ තමයි අඩුව.. හරිදඬුවම දෙන්න බැහැ කියලා ජෙප්පෝ කෑගහනවා. ඉස්සෙල්ලම ජෙප්පන් ටික යැව්වානම් හදන්න පුළුවන්.

:       0       0

BamunuarachchiSunday, 20 September 2020 02:21 AM

ගංජා අල්ලපු එක ගැන කතා කරනවා නොවේ. ගංජා පෙට්ටිවල අලුත්බව සොයනවා. මෙහෙමත් අය ලංකාවේ ඉන්නවනේ අම්මපා...

:       0       0

PradeepSunday, 20 September 2020 03:09 AM

වාඩියක වුණත් වටිනා කියන දේවල්වලට විශේෂ තැනක් දීලා තියෙන්න ඇති... වාඩියක හැමතැනම කුණු දූවිලි තියෙන්න ඕනෑ කියලා අපිට කියන්න බෑනේ. මේවා යම්තැනක සඟවලා ඊට උඩින් තව පොලිතීන් ආවරණ යොදා (තෙතමනයෙන් ආරක්ෂාවට) ඊටත් උඩින් වෙනත් දේවල් ගබඩා කරලා තියෙන්න ඇති. අනික කොපමණ කාලයක් මේවා මෙතන තිබුණද කියලා මේ පුවතේ සඳහන් වෙන්නෙත් නෑනේ. සරලයි.

:       0       0

Champa Saturday, 19 September 2020 02:32 PM

නාවික හමුදාවේ වැටලීම හොඳයි. නමුත් ප්‍රදර්ශනයේදී, සිරිසේන සිහි වෙන එක වළක්වන්න බැහැ. ඒ කාලේ එක පාරක් නාකොටික් එක කිව්වා කිලෝ 300ක් බර හෙරොයින් හම්බ වුණා කියලා, ගුවන්තොටුපලේ හිටපු මගියෙකුගේ ගමන් බෑගයේ පතුලේ හංගලා තිබිලා... එතකොට මම ඒ දවස්වල ලියන පත්තරේට ලිව්වා, කිලෝ 300ක් කියන්නේ කිලෝ 10 හාල් බෑග් 30ක්. මේ මගියා කොහොමද කිලෝ 10 හාල් බෑග් 30ක් හා සමාන විශාල හෙරොයින් තොගයක් ගමන් බෑගයෙත් නෙමෙයි, ඒකෙ පතුලේ දමන් ආවේ කියලා. තව මම කිව්වා, මට නම් කිලෝ 10 හාල් බෑග් 1ක් තමයි උස්සන්න පුළුවන්. මේ මගියා කොහොමද කිලෝ 300ක් උස්සන් ආවේ කියලා. (අනිත් එක ලංකාවේ අංක එකේ බර උසුලන්නා ටෝනි ජයවර්ධන උස්සන්නෙත් කිලෝ 250යි. ඒක ලිව්වේ නැහැ. එතකොට මම ටෝනි ගැන දන්නේ නැති නිසා)

:       441       540

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site