
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි 31 ක මුදලක් බැර කරන ලද බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මීගමුව නගර සභාවේ සේවකයෙක්, මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අද (23) අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
සැකකාර මීගමුව නගර සභාවේ සේවකයාගේ ගිණුමේ රුපියල් කෝටි 18 ක් ද ව්‍යාපාරිකයාගේ ගිණුමේ රුපියල් කෝටි 5 ක්ද , අනෙක් පුද්ගලයාගේ ගිණුමේ රුපියල් කෝටි 8 බැගින් බැර වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ඉකුත් මැයි මස 22 දෙවැනි දින රත්මලාන ජයසුමන මාර්ගයේදී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 500 ක් සමඟ අත්අඩංගුවට ගත් ප්‍රභාත් චතුරංග නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘එල්ලාවලගේ ධර්මසිරි පෙරේරා‘ නොහොත් ‘ධර්මෙ‘ නොහොත් ‘ඇල්ටෝ‘ හා ඉතාලියේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අමල් ශාමන් සිල්වා නොහොත් " රත්මලාන කුඩු අංජු" නැමැත්තන් ඉමෝ තාක්ෂණය හරහා සම්බන්ධ වී විවිධ පුද්ගලයන් හරහා ලබාදෙන හොරෙයින් මත්කුඩු සඳහා මුදල් බැර කරන ගිණුම් අංකය සොයා ගැනීමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ විමර්ශනවලදී මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙකු පැවැසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ඉන්දියාව නියෝජනය කරමින් ක්ෂේත්‍රයට පැමිණි නිසා බොලිවුඩ් සිනමාව තුළ මෙම විශිෂ්ඨ ගායන වේදියාට නිසි ගෞරවය හිමිවූවා ද යන්න භාරත රසික සමාජය තුළම කතිකාවක් පැනනැගුණා. ඒ කෙසේවෙතත් ඔහු ජන හදවත් ස්පර්ශ කළ නිර්මාණ ශිල්පියෙක්. ඔබට සුබ ගමන්... !!!