
(අජන්ත කුමාර අගලකඩ)
රටතුළ ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සහල් ආනයනය කිරීම සඳහා ලංකා සතොස ආයතනය මහජන බැංකුවෙන් රුපියල් කෝටි 224 ක (රුපියල් මිලියන 2,241) ණය මුදලක් ඉල්ලා ඇත.
මාස හතරක කාලයක් සඳහා මෙම ණය මුදල ඉල්ලා ඇති අතර ඒ සඳහා භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කරන්නැයි වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කර ඇත.
ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලය තුළ සහල් මෝල් හිමියන්ගේ සහල් සැපයුම ප්‍රමාණවත් නොවන බැවින් සහල් හිඟයක් ඇතිවිය හැකිබවත් එම හිඟය මග හරවා ගැනීම සඳහා සහල් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යායුතු බවත් ඇමැතිවරයා පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා, එහෙම වෙන්න බැහැනේ. ජනාධිපති, අගැමති කැඳවපු රැස්වීමක හිටපු යුදහමුදා නිලධාරියෙක් කිව්වනේ මේ අවුරුද්දට ඇති වෙන්න සහල් තියෙනවා කියලා. ඔහු කිව්වා වී ගන්නේ කවුද, කොච්චරද, තියෙන්නේ කොහෙද, ඔක්කොම දත්ත තියෙනවා කියලා... රටින් හාල් ගෙන්වන්න ඕනේ කියන එක කොහොමටවත් පිළිගන්න බැහැ. අස්වැන්නේ අතිරික්තයක් තියෙනවා කිව්ව ආණ්ඩුව දැන් කොහොමද හාල් නැහැයි කියන්නේ? රජය දෙන වගා සහනාධාර යටතේ වගා කරපු වී අස්වැන්න පෞද්ගලික මෝල් හිමියන් මිලට අරගෙන හංගාගෙන ඉන්නවා නම්, රජයට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා ඒ සහල් රජය භාරයට ගන්න. රජයක් ගොවීන්ට කෘෂිකර්මාන්තයේ නියැලෙන්න සහනාධාර දෙන්නේ රටේ ආහාර හිඟයක් ඇති නොවෙන්න. ඒ හින්දා අස්වැන්න අවභාවිතා කරන්න හෝ සඟවාගෙන ඉන්න හාල් මෝල් හිමියන්ට අයිතියක් නැහැ. කෝ අර තියෙනවා කිව්ව දත්ත? ඒවා බලලා හාල් මෝල් ඇරලා හාල් ටික එළියට අරන් රජයේ වී ගබඩාවට යවන්න ඕනේ...
මේ ලංකාවේ වෙළඳ ඇමතිද ඉන්දියාවේ වෙළඳ ඇමතිද? බන්දුල ගුණවර්ධන ඇමතිකම බාරගත්ත දවසේ ඉඳන් වැඩ කරන්නේ ඉන්දියාවට...
ගොයම් කැපුවේ ගිය මාසේ. හාල් ටික කවුරුවත් කෑවද?
හාල් ආනයනය කළ ගමන් සඟවා තියන හාල් වෙළඳපලට එනවා. එතකොට ආනයනය කළ හාල් බොහෝ ප්‍රමාණයක් ගබඩාවලම කල් ඉකුත් වෙලා සත්ව ආහාර සඳහා ගන්නවා. ඉන්දියාවටත් සතුටුයි ආණ්ඩුවටත් සතුටුයි.
කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයිනේ..?
අනේ වාසනාවන්...,
ලංකාවේ පාරිභෝගිකයා සැමවිටම සූරා කෑවේ අතරමැදියා. පසුගිය කන්නයේ අස්වැන්න මෝල්කාරයින් විසින් වැඩිමිලට ගොවීන්ගෙන් ගත්තේ පාරිභෝගිකයා බිල්ලට තබා සහල් මිල වැඩි කිරීමටයි. දැන් රජය කළයුත්තේ සහල් ආනයනය කර අඩුපාලන මිලකට සහල් වෙළඳපළට දැමීමයි. රටේ ඇති මේ සහල් මාෆියාව පාලනය කළහැකි එකම ක්‍රමය මෙයයි. රජය ගන්නා මේ පිළිවෙත නිවැරදියි.
ඔය තියෙන්නේ තවත් ඡන්ද ප්‍රතිඵලයක්.. එතකොට අලුත් සහල් අස්වැන්නට මොකද වුණේ? කොමිස් කාක්කන් එක්ක මේ රටේ වැඩකරන්න බැරිවෙයි වගේ...
සම්බා සහල් ඉන්දියාව අපනයනය තහනම් කරලා දැන් ගොඩක් කල්... සම්බා හාල් ගෙන්වන්න පුලුවන් තායිලන්තයෙන් විතරයි. ඉන්දියාව, පාකිස්තානය අපනයනය කරන්නේ බාස්මතී විතරයි.
පුරන්ව තිබුණු කුඹුරුත් වගාකළ නිසා මෙවර වී අස්වැන්න අනිවාර්යයෙන්ම වැඩිවෙන්න ඕනෑ..
බළලා මල්ලෙන් පැන්නා නේද? රාජ්‍ය බැංකු බංකොළොත් වෙන්නේ ඇයි කියලා දැන් වහල්ලු 69 ලක්ෂයට තේරෙයිද?
සහල් හිඟවුණාම ඔය උඩ කමෙන්ට්ස් දාන අයද අපිට කන්න දෙන්නේ?
බළලා මල්ලෙන් පැන්නා නේද? රාජ්‍ය බැංකු බංකොළොත් වෙන්නේ ඇයි කියලා දැන් වහල්ලු 69 ලක්ෂයට තේරෙයිද? අපිට කොමිස්...
අර පහුගිය දවස්වල බ්‍රිගේඩියර් කෙනෙක් ගාව තියෙනවා කියපු ලිස්ට් එක අරගෙන හාල් කොහෙද තියෙන්නේ කියලා හොයන්න බැරි වෙයිද සර්ට..?
ගිය මාසේ කපපු ගොයම් ආහාරයට නුසුදුසු තත්වයේ වෙන්න ඇති..
ඉහත සඳහන් සියලුම කමෙන්ට්ස් වලට මම එකඟ වෙමි. ඡන්ද කාලෙදි මහ ජනයා රවටල දැන් පිටරටින් හාල් ගෙනැල්ලා මහා පරිමාණයෙන් කොමිස් ගැහිල්ලකටයි ලෑස්ති වෙන්නේ. මේවා හෙණ ගහන අපරාධ. මේ සේරම අැමතිවරු නැකතට සෙත් පිරිත් කියලා වැඩ බාරගත්තේ මහා පරිමාණයෙන් රට මංකොල්ල කන්න මිසක් රට හදන්න නෙවෙයි.
ඉහත සඳහන් සියලුම කමෙන්ට්ස් වලට මම එකඟ වෙමි. ඡන්ද කාලෙදී මහජනයා රවටලා දැන් පිටරටින් හාල් ගෙනැල්ලා මහා පරිමාණයෙන් කොමිස් ගැහිල්ලකටයි ලෑස්ති වෙන්නේ... මේවා හෙන ගහන අපරාධ. මේ සේරම අැමතිවරු නැකතට සෙත් පිරිත් කියලා වැඩ බාර ගත්තේ මහා පරිමාණයෙන් රට මංකොල්ල කන්න මිසක් රට හදන්න නෙවෙයි...
කවුරු හරි මේ බන්දුලටත්, රවීටත් වෙළඳ ඇමැතිකම දෙනවද?
උඩ ලොකුවට ප්‍රතිචාර දාන අයද සහල් හිඟවුණාම අපිට කන්න දෙන්නේ?
ආයෙත් හොර මගඩියක්, කොමිස් ගහන්න.. මේ වගේ අය තාමත් ජීවත් වෙනවානේ.
කෝ දැන් මහ ලොකු කතා කියපු හමුදාවේ ලොක්කා? මුළු රටේම ඇතිවෙන්න හාල් තියනවා කිව්වනේ. එක එක්කෙනාගේ කතාවලට වැඩ කරන අයට එහෙම කියන්න වෙනවා... තමුන්ගේ රස්සාව බේරගන්න. ඔක්කොම බොරු විතරයි.
හාල් මොන කෙහෙල්මලකටද? බඩ ඉරිඟු කමුකෝ... සේරම එකතුවෙලා.. අර නලුවෙක් කියන්නේ ඒවා හොඳටම හොඳයි කියලා..
ජනාධිපතිතුමා දුන් උපදෙස් අනුව වැඩකළා නම් සහල් පිටරටින් ගේමට අවශ්‍ය නැත.