IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යළිත් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රියාජ් බදියුදීන්ගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
පාස්කු ඉරුදින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළිත් වරක් අත්අඩංගුවට  ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ අද (13) රිට් පෙත්සමක් ගොනු කළේය.
 
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිඳු අබේසිංහ ඇතුළු 7 දෙනෙකු නම් කරනු ලැබ ඇත.
 
නීතිපති ගෞරී සංගරි තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනු කළ මෙම රිට් පෙත්සමින් පෙත්සම්කාර  රියාජ් බදියුදීන් මහතා කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මස 14 වැනිදා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත දීර්ඝ කාලයක් රඳවා තබා පරීක්ෂණ සිදුකළ බවයි.
 
අදාළ කාලසීමාව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් තමාට හිමි නිවාස, දේපොළ, ව්‍යාපාර, බැංකු ගිණූම් යනාදිය පිළිබඳව පුළුල් අයුරින් විමර්ශන සිදුකළ බව පෙන්වා දෙන රියාජ් බදියුදීන් මහතා එහිදී තමාට එරෙහිව කිසිදු අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් තමන්රී මුදාහැරීමට එම දෙපාර්තමේන්තුව ක්‍රියා කළ බව කියා සිටී.
 
එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 11 වැනිදා යළිත් සිය බිරිඳගේ මවගේ නිවසට ගොස් සෝදිසියට ලක් කර ඇතැයි පෙත්සම්කරු කියා සිටී.
 
එසේ තිබියදීත් දේශපාලන හේතූන් මත තමන්ව යළි අත්අඩංගුවට ගන්නා ලෙස විවිධ පාර්ශව විසින් බලපෑම් එල්ල කරමින් සිටින බව පෙන්වාදෙන පෙත්සම්කරු මේ හේතුවෙන් තමාව යළි අත්අඩංගුවට ගත හැකි බවට සාධාරණ බියක් මතුව තිබෙන බවද රියාජ් බදියුදීන් මහතා සිය පෙත්සමින් කියා සිටී.
 
මේ හේතුවෙන් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට යළි අත්අඩංගුට ගැනීම වැළැක්වීමේ ආඥාවක් සහ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදුයුදීන් මහතා විසින් මෙම රීට් පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
 
 



අදහස් (3)

යළිත් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රියාජ් බදියුදීන්ගෙන් පෙත්සමක්

pradeepa Tuesday, 13 October 2020 11:45 AM

ඔබට 2/3 සම්මත වෙනකම් ඔහොම ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔබෙන් වැඩක් නැහැ මිස්ටර් බදියුර්දීන්...

:       2       6

Bishan Wednesday, 14 October 2020 05:31 PM

බයියන්ට ටොක්කක් අනිමුද හාමුදුරුවනේ...?

:       0       0

BamunuarachchiFriday, 16 October 2020 12:25 PM

සජී බයියන්ටද? අපි ඔවුන්ට ටොක්කක් කකුලෙන් ඇන්නා විපක්ෂයට විසිවෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site