IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


දිවුලපිටිය පාසලේ දරුවන් 1500 ස්වයං නිරෝධායනයට

(ඉන්දිකා රාමනායක)

දිවුලපිටිය කාන්තාවගේ කෝවිඞ් ආසාදිත 16 හැවිරිදි දියණිය  අධ්‍යාපනය ලැබු  දිවුලපිටිය   පාසලේ  දරුවන් 1500දෙනෙකු පමණ  ස්වයං නිරෝධායනයට යොමුකළ බව  ශ්‍රී ලංකා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මෙම පාසලේ විදුහල්පතිවරයා විසින් එම සියලු  දරුවන්ගේ පෞද්ගලික ලිපින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත   ලබා දී ඇති බවද බවද උපුල් රෝහණ මහතා කියා සිටියේය.

මහජන පරීක්ෂකවරු විශාල පිරිසක් දරුවන්ගේ නිරෝධායන කටයුතුවල  යොදවා ඇති බවද  උපුල් රෝහණ මහතා පවසයි.

කෝවිඩ් ආසාදිත සිසුවිය  ඉගෙනුම ලැබු 11  ශ්‍රේණියේ සියලු දරුවන්, සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්  අද  (05) පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරන බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම සියලු කර්තව්‍යන්  සදහා   දිවුලිපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශ වෙත මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 ට ආසන්න පිරිසක්   සේවය යොදා ඇති බවද හෙතෙම කියා සිටියේය.



අදහස් (3)

දිවුලපිටිය පාසලේ දරුවන් 1500 ස්වයං නිරෝධායනයට

Jaye Monday, 05 October 2020 08:23 AM

උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්.. තමන් හිසට තම අතමය සෙවනැල්ල..

:       2       7

isurandi Monday, 05 October 2020 12:51 PM

දරුවන්ගේ විභාග කටමුල... මොනවා කරන්නද? කවුරුත් බලෙන් ඇඟේ දාගන්නේ නැහැනේ. මේ වසංගත ලෙඩ....

:       0       9

පූජා Monday, 05 October 2020 01:51 PM

මොනවා කරන්නද දරුවනේ..? හැකිතරම් පරිස්සම් වෙලා ඉන්න බලන්න. මේක ඔයාලට විතරක් නොවෙයිනේ, මුලු ලෝකයක් ගිලගත් ප්‍රශ්නයක්..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 487 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site