දිවුලපිටියෙන් හමුවු කොරෝනා අසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කළ පීසීආර් පරීක්ෂණවලන් 69 දෙනකු කොවිඩ් ආසාදිත බවට අද (05) හඳුනාගෙන ඇතැයි යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා සඳහන් කළේය.
ඔවුන් 69 දෙනාම ඇය සේවය කළ පෞද්ගලික ඇඟලුම්කම්හලෙහි සේවයේ නිරතවූ කාර්යමණ්ඩල සාමාජිකයෝය.
150 දෙනකුගෙන් කළ පරීක්ෂණ ඔස්සේ මොවුන් හඳුනාගෙන ඇතැයි ද හඳුනාගත් අසාදිතයින්ගේ අශ්‍රිතයින් සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද සෞඛ්‍යඅංශ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයල බලන්න ඇය සේවය කල ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශය නියම කරපු නිවැරදි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරලද තිබෙන්නේ කියලා , නැත්නම් ඔවුන්ට විරුද්දව නඩු දැමිය යුතුයි. අනික් කරමාන්ත ශාලා සඳහාත් අනතුරු ඇඟවීමක් විදිහට.
කොරෝනා නේද? පහුගිය කාලේ දිගින් දිගටම කොරෝනා නැහැයි කියපු ආණ්ඩුව මේ පාර එක පාරටම කොරෝනාලු. ඒ පාර හැම තැනම කොරෝනා. ඉස්කෝල වහනව. හැම තැනම වහනවා. ඇඳිරි නීතිය දානවා. ඇඳිරි නීතිය කැඩුවොත් දඬුවම් දෙනවා. මිනිස්සුන්ව බය කරනවා. කොරෝනා තිබ්බ කොටවත් නොතිබ්බ මහා කලබලයක් ආණ්ඩුවේ. ලොකු ඝෝෂාවක්. හේතුව? 20 සංශෝධනයෙන් 78ට ආපහු යනවා කියල ආණ්ඩුවම කියපු එක ක්‍රියාවෙන් පෙන්වනවා. ආණ්ඩුව හදන්නේ කොරෝන පිටින් ඇඳිරි නීතිය දාල, 20 සම්මත කරගන්න. ආණ්ඩුවේ වැඩ පිළිවෙල දිහා බලන් ඉන්න ඕනේ කෙනෙකුට ඕක තේරෙනවා.
දේශපාලන වාසි වෙනුවෙන් අහිංසක ජනතාව බිලිදෙන එක තමයි මොන ආණ්ඩුව ආවත් කරන්නේ.
චම්පා ඉතාම කුහක ලෙස අදහස් ප්‍රකාශ කිරීම ගැන කණගාටු වෙනවා. ලංකාවේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඇඳිරිනීතිය දමා හෝ කොරෝනා පැතිරීම පාලනය කළ යුතුයි. මෙයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන 20 වන සංශෝධනය කිසිඳු සම්බන්ධයක් නැති බව පාට කණ්නාඩි ඉවත්කළ දිනට චම්පාට පෙනෙනු ඇත.