(විනීතා එම් ගමගේ)
ඛණිජ සම්පත් ඉවත් කර ගැනීමෙන් පසු අලෙවි කරන වැලිවල අසාමාන්‍ය ප්‍රමාණයෙන් විකිරණ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
පුල්මුඬේ ඛණිජ වැලි සංස්ථාවේ දී සහ දඹුල්ලේ සමාගමක් ඛණිජ නිස්සාරණය කර ගත් පසුව ඉතිරිවන වැලිවල විකිරණ පවතින බව මහාචාර්ය සේනාරත්න මහතා පෙන්වා දී තිබේ.
එම වැලිවලින් මිනිත්තුවකට ඒකක 500 කට වඩා විකිරණ නිකුත් කරන බවත් එය ජපානයේ පුකුෂිමා හි විකිරණ කාන්දුවෙන් පසු අද පවතින විකිරණශීලතාවට වඩා වැඩි යැයි ද හෙතෙම සඳහන් කළේය.
පුල්මුඬේ ඛණිජ වැලි සමාගමේ දී ඉල්මනයිට්, රූටයිපල්, සර්කෝන් , මොනොසයිට් යන ඛණීජ වර්ග ඉවත් කරගන්නා අතර, එහි දී ඛණිජ වැලි ඉවත් කරගන්නා ප්‍රමාණය සාමාන්‍යයෙන් 40% පමණක් බවත් තවත් 60% පමණ එම වැලිවල ඛණිජ ඉතිරිවෙන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
එසේ වීමට හේතුව එහි ඇති යන්ත්‍ර සූත්‍රවල කාර්යක්ෂමතාවයේ මදකම බවට තමන් දැනුවත් වූ බව කී මහාචාර්යවරයා එම වැලි ටෙන්ඩරය ලබාගන්නා දඹුල්ලේ ඛණිජ වැලි සමාගම මීටර් හත අටක් උසට ගොඩ ගසා ඇති අතර එවැනි ගොඩවල් දහයක් පමණ දඹුල්ලේ සමාගමේ තිබූ බවත්, එහි ඇති ඛණිජ ද්‍රව්‍යවලින් විකිරණ නිකුත් වන බවත් විශේෂයෙන් සුළඟේ ගසා ගෙන යන එම වැලිවලින් විශාල හානියක් අවට ප්‍රදේශවලට සිදුවන බවත් පෙන්වා දුන්නේය.
පුල්මුඬේ ඛණිජ වැලි සමාගම ලබා ගන්නා වැලි එම වෙරළ වෙත ගලා එන්නේ ගංඟා ඔස්සේ යැයි පෙන්වා දුන් ඔහු විශේෂයෙන් යාන් ඔය, හා මහවැලි ගඟ ඔස්සේ ගලා එන වැලිවල මෙසේ විකිරණ අඩංගු වන බව කියා සිටියේය.
මෙම වැලි යොදාගෙන නිවාස හෝ ඉදිකිරීම් සිදුකළ පසු එම ගොඩනැගිලිවල සිටින අයට පිළිකා අවදානමෙන් මිදෙනු බැරි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙහි දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට විශාල වගකීමක් ඇති බවත් වැලි නිධියක් කැණීමට අවසර දීමට පෙර එම වැලි සුදුසුද නැද්ද යන්න ගැන පරික්ෂා කළ යුතු බවත් පෙන්වා දුන් මහාචාර්යවරයා එය සිදු නොවන බව ද පැවැසීය.
මේ සම්බන්ධව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ බලපත්‍ර දෙද්දී විකිරණශීලීතාව මෙතෙක් නොබැලූ බවකි. ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක වන බවත් අද (1) පරමාණුක බලශක්ති අධිකාරියේ නිලධාරින් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරන බවත් ඔහු කියා සිටියේය.
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විකිණෙන වැලිවල විකිරණ
sharm warn Friday, 02 October 2020 05:07 AM
අනේ දෙයියනේ. එච්චරයි අඩුවකට තිබුනේ.
Indhika Friday, 02 October 2020 06:53 AM
මහාචාර්ය කෙනෙක් කියන නිසා නොපිලිගෙනත් බැහැ . නමුත් මේ කියන දෙය වෙන්න විධිහක් නැහැ. වැලි වලින් කණිජ ඉවත් කලාම විකිරණ පිට වෙන්න ගන්නවා කියල කියන්නේ, කනිජ ඉවත් කිරීම පරමාණුක ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ. එහෙම ඒවා කරන්න ලංකාවට පුළුවන් කමක් තියෙනවා නම් ලංකාව මිට වඩා බොහොම බලවත්. වැලි රත් කලාට, සාමාන්‍ය රසායන ප්‍රතික්‍රියා කෙරෙව්වට විකිරණ පිට වෙන්න ගන්නේ නැහැ. මට හිතන්නේ වැලි මාෆියටවට සම්බන්ධ ප්‍රකාශයක් කියල.
සෙනෙවිරත්න Friday, 02 October 2020 09:20 AM
ඔබගේ මතයට එකඟ වෙමි. මේ කියන හැටියට මුල්වැලිවලට වඩා ශුද්ධකළ වැලි වල විකිරණ වැඩි වගේ... එහෙම වෙන්නේ කොහොමද? මෙහි දැක්වෙන විදියට විකිරණශීලි මූලද්‍රව්‍ය වෙන්කර ගන්නවා වාගෙයි. ඔබ කිව් විදියට එහෙම නම් අපි කොහේද? වසර හැට, හැත්තෑවක් වැලි විකුණලා අන්තිමට වැලි නිධියත් වික්කා... එහෙමයි අපේ දැක්ම. රටකට ගොඩයන්න ඕකම ඇති. මොනවා කරන්නද වසර පහ හයකට වරක් මේ වගේ කතා අහලා නින්දට යනවා.
rasika Friday, 02 October 2020 07:18 AM
මැටි ගෙදරට යමු.
siththra Friday, 02 October 2020 09:01 AM
ප්‍රශ්නයක් තියෙනවා නම් අර වැලි මහින්දගෙන් අහන්නකෝ... එයා තමයි ලංකාව වටේම මුහුදු පතුල විකුණගෙන කෑවේ..
විජිත් Friday, 02 October 2020 10:04 PM
මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ ප්‍රකාශය මෙරට ජිවත්වන සියලුදෙනාගේම ඇස් ඇරවන්නක් වනු නොඅනුමානය. අලුතින්ම නිවාස සාදාගන්න සැරසෙන ඔබ නිවාස සැදීමට ගන්නා වැලි පිළිබඳව විමසිලිමත් වන්න. වැලිවල විකිරනශිලිතව තිබේදැයි දැනගනිමට අපට ගයිගර් කවුන්ටරයක් උපයෝගිකරගන්න වෙනවා. ඉතා මිල අධික මේ උපකරණ අපේ රටේ තිබෙන්නේ ඒ කාර්යයන් සඳහාම විශේෂවූ ආයතනවල පමණයි. ඔබ භාවිතා කරන වැලි සාම්පල් කිහිපයක් කොළඹ විශ්ව විද්‍යාලයේ විකිරනශීලි සමස්ථානික අංශයෙන් පරික්ෂා කරගැනීමට හැකියාවක් තිබෙනවා කියලා මම හිතනවා. විකිරනශිලිතව ඇති වැලි වලින් සාදන නිවාසවල ජිවත්වන අය නිතරම වැළඳෙන හිසේ අමාරුවෙන් පිඩා විඳින බව මම අසා තිබෙනවා. බටහිර දියුණු රටවලනම් " රේඩොන් ඩිටෙක්ටර් " මගින් ඉතා පහසුවෙන් මේ තත්වය වටහා ගන්නට පුළුවනි. විකිරනශීලි සමස්ථානික වියෝජනයවනවිට රේඩොන් වායුවත් එහි ප්‍රතිපලයක්ලෙස පිටවේ. ඔබේ නිවසෙත් රේඩොන් වායුව තිබේනම් අනිවාර්යයෙන්ම ඔබේ නිවසේ බිත්තිවලින් තවමත් මාරක විකිරණ පිටවෙමින් පවතිනබව ඉන් ඔබට පවසනවා. එවැනි ස්ථානයක ජීවත්වනවා කියන්නේ ඔබ පිළිකා මාරයාට අතවැනීමක්. එනිසා දැන්වත් නිවසක් සැදීමට පෙර වැලි පිළිබඳව විමසිලිමත් වන්න.
kamalSaturday, 03 October 2020 05:16 AM
ජපන් සුනාමියෙන් අනතුරු වූ න්‍යෂ්ටික බලාගාර ප්‍රදේශවල ඉන්න සෑම කෙනෙකු ළඟම ගයිගර් කවුන්ටර් තියෙනවා. ඩොලර් 30 ඉඳන් ගතහැකියි.
විජිත් Saturday, 03 October 2020 10:15 AM
මට තව කොටසක් මෙයට එකතු කරන්න අමතක වුණා. ලංකාවේ ප්‍රධාන වශයෙන් ඛනිජ වර්ග වැලිවලින් වෙන්කර ගන්නේ. තෝරාගත් වැලි ප්‍රමාණයක් මත " අධික චුම්බක ක්ෂේත්‍රයක් " ඇතිකිරීමෙන්, වැලි වලින් කනිජ කොටස වෙන්කර ගැනීමෙනුයි. මේ අධි චුම්බක ක්ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් ඇතිකිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ යන්ත්‍රසූත්‍රවල ක්‍රියාකාරීත්වය මත එහි කාර්යක්ෂමතාවය රඳා පවතිනවා. වැලිවල විකිරණශීලිතාව ඇතිකිරීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ ඛනිජ වර්ග සියල්ලේම ඇති ටයිටේනියම් සමස්ථානිකයි. ටයිටෙනියම්වල, Ti 46,Ti47 , Ti48,Ti49 සහ ,Ti50 ලෙස ඇති ස්ථිර රේඩියෝ සමස්ථානික වලින් ප්‍රබල හානියක් සිදුවෙතැයි සිතිය නොහැක. මන්ද මේ සියල්ලේම අර්ධ ආයු කාලය මිනිත්තු 1.7 සිට මිනිත්තු 184.8 තෙක් පමණක් වීම නිසයි. නමුත් වැලිකඳු පිටින් ගොඩගසා ඇතිවිට මිනිත්තු ගණනකදී ඉන් පිටවන ඇල්ෆා කිරණවලින් කෙසේවෙතත්, බීටා කිරණ සත්ව ශරීරවලට හානි පමුණුවනවා. හැබැයි, ගැමා කිරණ පිටවන රේඩියෝ අයිසොටොප්ස් මේ වැලිවල අඩංගු වෙලානම් තත්වය බොහෝ භයානක වේවි...