
(ඉන්දිකා රාමනායක සහ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
රුපියල් කෝටි 16 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 16කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 7ක් වෙන්නප්පුව, කොස්වත්ත, කිරිමැටියාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර ඒකකයට ලැබුණු තොරතුරක් අනුව එම කණ්ඩායමක් විසින් සැකකරුවන් ඊයේ (2) රාත්‍රියේ සහ අද (3) අලුයම අත්අඩංගුවට ගෙන ඇත
කිරිමැටියාන ප්‍රදේශයේ දි හෙරොයින් ග්‍රෑම් 360ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළි වූ තොරතුරු අනුව..තවත් සැකකරුවන් තිදෙනෙක් හොරායින් කිලෝ 2 යි ග්‍රෑම් 232ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම සැකකරුවන් සිව් දෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තවත් හෙරොයින් කිලෝ 13 ග්‍රෑම් 485ක ප්‍රමාණයක් සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් හෙරොයින් සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත රැගෙනවිත් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැති මිනිස්සු... කොච්චර ඇල්ලුවත් ආයෙත් ගේනවනේ. මේ අයව උල තිබ්බොත් තමයි රට හදන්න පුළුවන්.
රට ඇතුළට ගෙනාපුවා කොච්චර ඇල්ලුවත් මේවා රට ඇතුළට ගේනකොට කාටවත් අල්ලන්න බැරි වුණ එකනේ පුදුමේ. ඔය වගේ අහු නොවෙච්ච දේවල් කොච්චර ඇද්ද? මේ රට ඇතුළට ගේන්නේ රටේ ආරක්ෂක අංශවලින් ගොඩක් උදව් ලැබෙනවා. ඒකයි මෙහෙම වෙන්නේ...
අල්ලන කුඩු විනාශ කරනවා දැකලා නැහැ. ලංකා බේකරි සංගමයට දානවද දන්නේ නැහැ පාන් හදන්න..?
මේවා ගෙන්වන මහකුඩු කාරයෝ අල්ලන්නේ කවදාද?
කහ නැත, පොල් නැත.. කුඩු ඇත.
අයියෝ මගේ ගමට වුන දේ.
වෙලාවකට හිතෙනවා මේවා ඔක්කොම සංදර්ශන කියලා.
ඔය අල්ලන කුඩු විනාස කරනවා පෙන්නන බැරිද, පිටරටවල වගේ.?
ලංකාවට කුඩු ගෙන්වන්නේ කවුද කියලා මුලු ලංකාවම දන්නවා