
(දසුන් රාජපක්ෂ)
වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කරයි.
දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ලලිත් ජයසිංහ මහතා තමාව නැවත සේවයේ පිහිට වන ලෙස කොමිසමට දැනුම් දී තිබුණි.
ඒ අනුව ඉකුත් දිනක දී වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඊට අදාලව එම ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ද ලබා දී තිබේ.
COMMENTS
මේ යන විදිහට නම්, පාලකයින්ට මුට්ටි නොඅල්ලා ලංකාවේ රජයේ රැකියා කරනවා බොරු. අපේ මහත්තුරු නම් ක්‍රමේ දන්නවා.
හා.. පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් දෙන්න බැරිද? වෙන වෙන මිනීමරුවන්ටත් දෙන එකේ...
ස්වාධීන කොමිසමක අගය මොනවට තේරෙයිද? පොලිස් කොමිසම ගත් නිවැරදි තීරණයට ප්‍රශංසාව..!
සේවයේ පිහිටුවා කුමන සේවයක් බලාපොරොත්තු වන්නද?
කොමිසම සැබවින් ‘‘ස්වාධීනද‘‘ ?