
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන දින මුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග හෙවත් "ලඩියා" නමැත්තාට අයත් බව කියන රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා බස් රථ තුනක් අද (13) පොලිස් භාරයට ගත්බව අතුරුගිරිය පොලිසිය කියයි.
එම බස්රථ සමඟ ලඩියා නමැත්තා ගේ ඥාතියෙකු සහ ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත්බව අතුරුගිරිය පොලිසිය පැවසීය.
පොලිසිය භාරයට ගත් එම බස්රථ අතර සුඛෝපභෝගී කුඩා බස් රථ දෙකක් සහ විශාල ප්‍රමාණයේ ලේලන්ඩ් බස් රථයක් වන බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලඩියා කියන ත්‍රස්තයාගේ දේපළ, බස් ගැන හොයන එක හොඳයි. මොකද ඔහු අනියම් ලෙස උපයාගත් සල්ලිවලින් හෙවත් කළු සල්ලිවලින් වෙන්න ඇති ඔය ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒ වගේම තමයි මහජනතාවගේ මුදල් මංකොල්ලකාපු මන්ත්‍රීලා, ඇමැතිලාගේ බස් ගැනත් සොයා බලන්න. කොන්ද පණ තියෙන පොලිස්කාරයින් ඉන්නවා නම් දේශපාලුවන්ගේ කළු සල්ලිවලින් ගත්ත බස් හොයාගන්න පුළුවනි. ඒ පමණක් නොව "කොටි රත්තරන්" විකුණලා ගත්ත බස් ඕනෑතරම් තියෙනවා. අවශ්‍ය කොන්දක් ඇති, බය නැති, මෝඩ දේශපාලුවන්ට ගරු සරු නැති නියම පොලිස් කාරයෙක් පමණයි.