(පත්මා කුමාරි කංකානම්ගේ)
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හාලතුඩාව මංසන්ධියේ දී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රත්තරන් කිලෝ 10 ක් එක් සැකකරුවකු සමඟ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකය විසින් අද (8) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම රත්තරන් කන්දකුලිය වෙරළ තීරය ඉන්දියාවට ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබූ බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී අනාවරණය වී තිබේ.
රන් කිලෝ 10 සහ සැකකරු රේගු දෙපාර්තුමේන්තුවේ කටුනායක උප කාර්‍යාලයට හාරදීමට නියමිතව ඇත.
කල්පිටිය කන්ද කුලිය පදිංචි 35 හැවිරිදි සැකකරු මෙම රන් තොගය ඉන්ද්යාවට යැවීම පිණිස වෙනත් අයෙකුට හාර දීමට රැගෙන ආ ඒවා බැව් ප්‍රශ්න කිරීමේ දී අණාවරණය වී ඇත.
(ඡායාරූප -හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රත්තරන් කිලෝ 10 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
Bamunuarachchi Tuesday, 08 September 2020 04:42 AM
රටතුළ රත්තරන් ප්‍රවාහනය කිරීමේ නිර්ණායක තිබෙනවාද? ඉන්දියාවට යැවීමේ අදහසක් තිබෙන්න පුළුවන්... නමුත් තව යැව්වේ නැහැනේ. මේක මිනිහෙක් මරන්න තුවක්කුවක් තියාගෙන හිටියා වගේ නෙවෙයිනේ...
සනත් ඉතාලිය Tuesday, 08 September 2020 08:21 AM
දළවශයෙන් වටිනාකම කෝටි 7කට අධිකයි. කජු ඇටද, කොස් ඇටද? ඉල්ලන් ඉන්න මනුස්සයා නම් දුක්ගන්නරාල කෙනෙක් වගේ...
විජිත් Tuesday, 08 September 2020 09:52 AM
...රත්තරන් වලට කතාකරන්න හැකිනම් අසාවි...." එතකොට ඒ කාලේ කොටින්ගෙන් අල්ලගත්ත රත්තරන් වලට මොකද වුනේ හැබෑට...?
Nihal Tuesday, 08 September 2020 02:04 PM
මිනිහෙක් රත්තරන් කිලෝ 10ක් තියාගෙන සිටීමේ වරද කුමක්ද?. ඒ ඔහුගේ රත්තරන් නම් ඉන්දියාවට නොව ඒරොප්පෙට යැව්වත් කාටවත් මොකද?.
BamunuarachchiWednesday, 09 September 2020 02:42 AM
රත්තරන් තියා ගැනීම වරදක් ලෙස මම දකින්නෙත් නැහැ
SajithWednesday, 09 September 2020 03:24 PM
ඕනෙම රටක රත්‍රන් නිකන් රටවල් අතර හුවමාරු කරන්න බෑ. ඒකට විශේෂ නීති හදලා තියෙන්නේ රටක රත්‍රන් ප්‍රමාණය ඒ රටේ මූල්‍ය පද්ධතියට සෘජුවම බලපාන නිසා. ජාත්‍යන්තර මූල්‍ය ගැන දැනගෙන හොයලා බලන්න. එතකොට තේරෙයි. මේවා මේ ආණ්ඩුවෙන් අලුතින් නීති හදලා අල්ලනවා නෙමේ. කලින් තිබුණු නීති ක්‍රියාත්මක කරනවා. රත්තරන් අරන් හාලතුඩාවට යන්නේ ඒව දාලා මාලු අල්ලන්නවත් ඉස්සෝ ඇති කරන්නවත් නෙමේ කියලා අල්ලපු අය දන්නවා...
Kuma Tuesday, 08 September 2020 05:07 PM
හෙට අනිද්දා අතේ සල්ලි තියාගන හිටියා කියලා අත්අඩංගුවට ගන්න බැරි නෑ. රජයක් වුණත් මේ කරන්නේ බලහත්කාරයෙන් අත්පත් කරගැනීමක්..