(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ලලිත් නවරත්න)

 

ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කිරිමට යොදා ගත් ඩෝසරය හා එහි ක්‍රියාකරු අද (28) අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.

පසුගිය 25 දින සවස රැම්සා අභය භූමියට නීතිවිරෝධි ලෙස ඇතුළු වී  ඉස්සන් ටැංකි ඉදිකිරිමේ අරමුණින් භූමියට හානි කිරිම සම්බන්ධව මෙම ඩෝසර්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු උඩප්පුව පොලිස් වසමට අයත් කිරියන්කල්ලිය ප්‍රදේශයේ  පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී මෙම විනාශයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් පිළිබඳව අනාවරණය වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වමින් සිටින බවත් ආරච්චිකට්ටුව පොලිසිය  පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (29) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම සැකකරුවන් හා ඩෝසර් යන්ත්‍රය අත්අඩංගුවට ගැනීමට ආරච්චිකට්ටුව පොලිසියේ බුද්ධි අංශය ද සහය දක්වා තිබිණි.