
(අජන්ත කුමාර අගලකඩ)
දිවයිනපුරා ඉකුත් 17 වැනිදා විදුලිය බිඳවැටීම කෙරවලපිටිය උප බලාගාරයේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් ඇති වූවක් බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇත.
කෙරවලපිටිය උප බලාගාරයේ විදුලිය බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වූ බවත් ඒ හේතුවෙන් මුළු රටටම පැය හයකුත් විනාඩි 16 ක් විදුලිය නොමැතිව තිබූ බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
කෙරවලපිටිය උප බලාගාරයේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් අත්පොතක් හෝ නොමැතිවීම ගැටලුකාරී තත්ත්වයක් බවද එම වාර්තාවේ සඳහන් වේ.
දිවයිනපුරා ඉකුත් 17 වැනිදා ඇතිවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට විදුලි බල අමාත්‍යාංශයෙන් පත්කළ නම දෙනෙකුගෙන් යුතු කමිටු වාර්තාව විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට ඉකුත් 24 වැනිදා බාරදුන් අතර ඇමතිවරයා එම වාර්තාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කළේය.
එම වාර්තාව සිකුරාදා (28) දිනයේ ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතව ඇතැයිද දැනගැනීමට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දැනගෙන තමා ඇමැතිකමින් අස්වෙන කතාව කිව්වේ.
"මෙම කමිටුවේ වාර්තාව නිවැරදි නම්" අහිංසක මහජනතාවගේ බදුමුදල් වලින් ඉහළටම ඉගෙන ගෙන ඒ මහජනතාවගේම බදු මුදලින් ඉහළ වැටුප් ලබමින් ජීවත්වූ මෙම නිලධාරියා කෙසේ මුළුරටක් පැය කීපයකට හෝ අඳුරු කරේද? කුමක් අරබයාද යන්න නම් ගැටලුවකි. මෙම නිලධාරියා එම වරදට වැරදිකරු නම් දඬුවම් කළ යුතු බව අප ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙමු.. "මොහු" කිසිඳු අයුරකින් මෙම තනතුරේ තිබිය යුතු නැත. මක්නිසාදයත් පැය කීපයකට හෝ තමන් උපන් තමන්ගේ මව්බිම අඩපණ කිරීම හා තමන් උපන් රටට ද්‍රෝහියකු වීමයි. අප තරයේ විශ්වාස කරනවා මෙම සිදුවීම එක එක මූසල පක්ෂවල ගිණුමට කිසිදු අයුරකින් බැර නොකොට නිසිලෙස නිවැරදි පිළිතුරු ලබාදිය යුතුය යන්නයි.
ඉතින් එහෙම කෙනෙකුව හුරතල් නොකර කෙලින්ම සේවයෙන් පහ කිරීමයි කළයුතුව ඇත්තේ.... කුමන සුදුසුකම් තිබුණත් කිසිම ආයතනයක රැකියාවකට සුදුස්සෙක් නොවෙයි ඒ පුද්ගලයා. නමුත් ඉතින් ලෝකෙන් උතුම් රටේ සම්ප්‍රදාය අනුව, ඔහුට උසස් වීමක් දෙන්නත් බැරි නැහැ..
අපි දැනගෙන හිටියා පොඩි මිනිහෙකුගේ වැඩක් කියලා...
මීට කලින් පාරකත් රනිල් රජයක් පෙරලී මහින්ද රජයක් ආ ගමන් මේ දේම සිද්දවුණා වගේ මතකයි..
මතක ඇති කාලෙක නොවූ මෙම සිද්ධිය නොසැලකිල්ල නිසා, නොව වැරදීමකින් වුණා කියා සිතන්න බැරිද? නොසැලකිල්ල කියා මෙම සිද්ධියෙන් කෝන්තර පිරිමහගන්න ලෑස්තිවෙන්න එපා.
මේවාට අපි මොනවා කියන්නද තේරෙන්නේ නෑ. දැන් බලයේ ඉන්න අය විපක්ෂයේ ඉද්දි මේක වුණා නම් කෑගහයි. මේක ආණ්ඩුවේ අසමත්කම.. ඉල්ලා අස්වෙලා ගෙදර යන්න ඕනේ කියලා. දැන් වැරැද්ද එක මිනිහෙක්ගේ පිටින් තියලා ඔක්කොම ඇඟ බේරාගන්නවා. ඔච්චර ලොකු තැනක නඩත්තුව ගැන වාර්තා පොතක් නැති නම් මෙච්චර කල් ඕක වැඩකරලා විදුලිය දුන්න එකම ඊටත් වැඩිය පුදුමයක්... එක රටක්, එක නීතියක් කියලා බලය ගත්ත රටේ ආරක්ෂාව අනතුරේ කියලා බලය ගත්ත මේ අය දැන්ම මෙහෙම නම් 69 ලක්ෂයට විතරක් නෙමෙයි, රටේම මිනිස්සුන්ට අබ සරණයි. කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි මෙයාලා කොහොමද නීති රකින්නේ? නිල්ද, කොළද, රතුද නෙමෙයි ප්‍රශ්නේ. මේ විදියට මිනිස්සු ගොනාට අන්දවන එකයි. කවුරු බලයේ උන්නත් ඒ අය මිනිස්සු පත් කරවන්නේ ඔහොම වගකීමක් නැතුව වැඩ කරන්න නෙමෙයි..
අනිතිමට බලලා මල්ලෙන් පැන්නා වගේ. උපරිම දඬුවම් දියයුතුයි. මොකද මේක හරියට මාෆියාවක් වුනා.
මෙන්න වෙලාව පොරොන්දු ඉටුකරන්න. ඉල්ලා අස්වීමට ඩලස් ඇමතිවරයාට වෙලාව ඇවිත්.
මේ කතාව සත්‍යක් නම් මේ විදුලි අධිකාරිවරයා සිදුකොට ඇත්තේ සමාව දිය නොහැකි විශාල වරදක්. හොඳ විදුලි අධිකාරිවරු ඇති. ඒත්, අහංකාර කම හා උද්දච්ච කම ඔළුවට ගත් විදුලි අධිකාරිවරුන් සිටිනවා.
එතකොට දැන් ඇමති අස් වෙන්නේ නැද්ද.?
ස්ථාන මාරුවක් දෙයි නේද.?
සම්පුර්ණයෙන් වැරදි තීරණයක්, විදුලි ඉංජිනේරුවරයා වගකිව යුතුය, විදුලි අධිකාරී යනු කාර්මික නිලදරියෙකි.
කවුද වගකීම අරගෙන ඇයින් වෙන්නේ.
මේක මෙහෙමවෙන බව අපි කලින්ම දැනගෙනයි උන්නේ.
පාස්කු කොමිසම මතක් වූනේ මට විතරද.?
පහත් තැනින් යයි ගලා ජලේ වගේනේ...
අපි ඔක්කොම කලබල වෙන්න ඉස්සෙල්ලා මේක අපක්ෂපාතී පරීක්ෂණයක්ද කියලා දැනගැනීම හොඳයි නේද?
අනිවාර්යයෙන්ම විදුලි අධිකාරිවරයා විදුලි මාෆියාවට සම්බන්ධ කෙනෙක්, විදුලි අධිකාරිට ස්ථාන මාරුවක් දීලා ප්‍රශ්න යටගහවි.
මෙතනට අදාළ නැති දෙයක් මතක් වෙලා තිබෙන්නේ ඔබට පමණයි වගේ..
විදුලි මාෆියාව පවතින්නේ ඉංජිනේරුවන් අත මිසක් කාර්මික නිලධාරීන් අත නොවේ..
විදුලි කණු උඩ සේවකයන් මිය යන්නෙත්, ජනතාව අනතුරට පත්වෙන්නෙත් ඉංජිනේරු මාෆියාව නිසා සේවය පැහැර හරින, අත්දැකීම් නැති ඉංජිනේරුවන් කිහිප දෙනෙක් නිසා ආයතනයම අවමානයට ලක්වෙනවා. පළමුව අදාළ ඉංජිනේරුවා නීතිය ඉදිරියට ගෙන ආ යුතුමය.
පාඨලී හිටියා නම් කමිටු දමන්නේ නැහැ. වගකිව යුතු ඉංජිනේරුවරුන් පළමුව, දෙවනුව සේවකයන්... වරද වුණු තැන හඳුනා ගන්න පුළුවන්. මොරටුව විදුලි ඉංජිනේරුවෙක් නිසා නමුත් දේශපාලන මාෆියාව ඔහුට පහර දුන්නා.
අගමැතිතුමනි, පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරනවා. ඔහු පාලනය කරන කොට විදුලි බල මණ්ඩලය ලාභ ලැබුවා. වෙන ඇමැතිවරු පාලනය කරන කොට පාඩු ලැබුවා කියලා. මෙම ප්‍රකාශය සත්‍යක්ද? මෙය සත්‍යයක් නම් විදුලි බල මණ්ඩලයේ පාඨලී ඉන්නකොට ලාභ ලබන්නෙත් නැති විට පාඩු ලබන්නත් හේතුව කුමක්ද කියලා සොයලා බැලුවා නම් හරි.
රාජකාරියේ අවදානම අනුව වගකීම පහළ සිට ඉහළට බෙදී යායුතුවීම රාජකාරියේ අනිවාර්ය අංගයක් වේ. විදුලි අධිකාරිවරයකුගේ නොසැලකිල්ලේ ප්‍රතිඵලය මගින් මුලුරටේම විදුලි විසන්ධිවීමක් සිදුවිය හැකිබව ප්‍රධානීන් පිළිගන්නේ නම් එවන් කාර්යයක් විදුලි අධිකාරිවරයෙකුට බාරදී පසෙකටවී සිටීම.. ඔහුට එම කාරිය සඳහා වගකීම පවරා බලා සිටී.. ඔහුට ඉහළ නිලධාරින්ගේ නොසැලකිල්ල නොවේද? ඔවුන් හට නොසැලකිල්ල යන වරද යටතේ ලැබෙන දඬුවම කුමක්ද?