
(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයට නොබෝ දිනකින් සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවිකරන බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය.
බන්ධනාගාරයේ සිදුවන පාතාල ක්‍රියාකාරකම් හා කප්පම් ජාවාරම් ඇතුළු අපරාධ සැලසුම් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම මැඩපැවැත්වීම සඳහා මෙලෙස සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කර ඇති බවද බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරය තුළ සිග්නල් තදබදයක් ස්ථාපනය කරන්නේ නම්, එහාට මෙහාට යාමට අවශ්‍ය නැති අතර ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් සෙවීම අවශ්‍ය නොවේ. නමුත් ඔවුන්ගේ ප්‍රභූ සිරකරුවන්ට එය බලපා ඇති බැවින් කිසිවෙකු එසේ නොකරයි. මේ සියල්ල නාට්‍ය පමණි.
මම හිතුවේ මේ වෙනකොට හැමතැනම කැමරා හයිකරලා පෝන් ගේන ඒක නවත්වලා කියල. බලපුවාම ඒ්වා ඉබිගමනේ
සී.සී.ටී.වී වඩා ලාභදායී වන අතර, සෑම තැනකම සවි කර ආවරණය කළ යුතුය.
මෙච්චර කාලයක් කැමරා තිබ්බෙ නැද්ද, අහනකොටත් විලි ලැජ්ජාවේ සන්තෝ්සේ බෑ, එලවලු කඩෙත් සීසීටිවී කැමරා දාලා තියෙන යුගයක, බන්ධනාගාරයවලට එහෙම එවා නැලූ... අනේ මගේ කට.......
පමා වී හෝ ගත්ත හොඳ අදහසක්.
රෝහලටත් එක්කද? ඒක පාලනය කරන්නේ එල්ලුම්ගස් ගිය ප්‍රබලයෙක් කියලයි ආරංචි. ඒකයි ඇහුවේ...
අනිවාර්යයෙන් යන්ත්‍ර සවිකරන්න. අලුතෙන් හදන සිරකඳවුරු ජනශූන්‍ය කලාපවල ඉදිකරන්න.
ඇති යාන්තම් සීසීටීවී කැමරා කියලා දෙයක් තියනවාද කියලා දැනගත්තා...