IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැලිකඩ බන්ධනාගාරයට සී.සී.ටී.වී

(ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාරයට නොබෝ දිනකින් සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවිකරන බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය.

බන්ධනාගාරයේ සිදුවන පාතාල ක්‍රියාකාරකම් හා කප්පම් ජාවාරම් ඇතුළු අපරාධ සැලසුම් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම මැඩපැවැත්වීම සඳහා මෙලෙස සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කර ඇති බවද බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේය.

 



අදහස් (8)

වැලිකඩ බන්ධනාගාරයට සී.සී.ටී.වී

Bayiya Monday, 24 August 2020 09:01 PM

බන්ධනාගාරය තුළ සිග්නල් තදබදයක් ස්ථාපනය කරන්නේ නම්, එහාට මෙහාට යාමට අවශ්‍ය නැති අතර ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් සෙවීම අවශ්‍ය නොවේ. නමුත් ඔවුන්ගේ ප්‍රභූ සිරකරුවන්ට එය බලපා ඇති බැවින් කිසිවෙකු එසේ නොකරයි. මේ සියල්ල නාට්‍ය පමණි.

:       1       31

sunil gikiyanage Tuesday, 25 August 2020 01:40 AM

මම හිතුවේ මේ වෙනකොට හැමතැනම කැමරා හයිකරලා පෝන් ගේන ඒක නවත්වලා කියල. බලපුවාම ඒ්වා ඉබිගමනේ

:       0       21

sam Tuesday, 25 August 2020 03:45 AM

සී.සී.ටී.වී වඩා ලාභදායී වන අතර, සෑම තැනකම සවි කර ආවරණය කළ යුතුය.

:       0       20

vikum Tuesday, 25 August 2020 04:52 AM

මෙච්චර කාලයක් කැමරා තිබ්බෙ නැද්ද, අහනකොටත් විලි ලැජ්ජාවේ සන්තෝ්සේ බෑ, එලවලු කඩෙත් සීසීටිවී කැමරා දාලා තියෙන යුගයක, බන්ධනාගාරයවලට එහෙම එවා නැලූ... අනේ මගේ කට.......

:       0       46

Kamal Koyrala Tuesday, 25 August 2020 05:32 AM

පමා වී හෝ ගත්ත හොඳ අදහසක්.

:       0       19

siri Tuesday, 25 August 2020 07:37 AM

රෝහලටත් එක්කද? ඒක පාලනය කරන්නේ එල්ලුම්ගස් ගිය ප්‍රබලයෙක් කියලයි ආරංචි. ඒකයි ඇහුවේ...

:       0       7

de silva Tuesday, 25 August 2020 07:52 AM

අනිවාර්යයෙන් යන්ත්‍ර සවිකරන්න. අලුතෙන් හදන සිරකඳවුරු ජනශූන්‍ය කලාපවල ඉදිකරන්න.

:       0       5

kamal Tuesday, 25 August 2020 08:56 AM

ඇති යාන්තම් සීසීටීවී කැමරා කියලා දෙයක් තියනවාද කියලා දැනගත්තා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 720 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site