
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව එම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වේ.
එහෙත් මෙම නියෝග තුළින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසියට හෝ ඊට සහාය වන මහෙස්ත්‍රාත්වරයාගේ විමර්ශන කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
කුරුණෑගල නගරයේ පවතින ‘බුවනෙක හෝටලය' නමින් පැවති කුරුණෑගල රාජ සභා මණ්ඩපයට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරනවාද ? නැත්ද ? යන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය ලබා දෙන ලදී.
තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාවේ නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි යන මහත්වරුන් ඇතුළු පිරිස ගොනු කළ රිට් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිස් ස්ථානාධිපති ඒ.ඇම්.කපිල අධිකාරි , කුරුණෑගල විශේෂ ඒකකයේ ස්ථානාධිපති රංජිත් කුලතුංග , වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
තමා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇති බව ජනමාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණු බවත්, එය නීතීයට පටහැනි බැවින් එම වරෙන්තු බලරහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ සිය රිට් පෙත්සම් මඟින් ඉල්ලා සිටිති.
මේ හේතුවෙන් තමා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් අගෝස්තු මස 7 වනදා නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට සුදුසු වන්දියක් ගෙවන ලෙසට නියෝග නිකුත් කරන්නැයි කුරුණෑගල නගරාධිපතිවරයා සහ කුරුණෑගල නගර සභාවේ නාගරික ඉංජිනේරුවරයා සිය රිට් පෙත්සම් මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය.
COMMENTS
ඕකනේ මම කලිනුත් කිව්වේ දෑත් ශක්තිමත් කල කෙනෙක් ඔය ගොඩනැගිල්ල තියා ශ්‍රී මහා බෝධිය කැපුවත් හිරේ යන්නේ නෑ.
ජොනි ඉන්නකන් ඔය වැඩේ හීනයක්.
මොන නීතියක්ද මේක...
හුරේ......
මේක එකම රට.. එකම නීතියද? එක් විනිසුරු වරයෙක් නිකුත් කළ නියෝජනයක් තවත් විනිසුරුවරුන් අහෝසි කරනවා නම් රටේ නීතිය කොහේද ගිහිල්ලා තියෙන්නේ? එක් පැත්තකින් වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයාට කරන අගෞරවයක් මේක.. ඕනෙක කෙනෙකුට අධිකරණයට ඉදිරිපත් වෙලා තමාගේ නිර්දෝෂභාවය ඔප්පු කළ හැකියි. මේක නම් කොතරම් දුරට සදාචාරයිද?
පේනවා නේද අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ලස්සන..? තාම පටන්ගත්තා පමණයි.
මේ අදහස් ඉදිරිපත් කරන්නේ මොනම දේශපාලනයකටත් බරව නොවේ. එබැවින්, කුමන හෝ දේශපාලන මතයකට පහර ගැසීමක් හෝ ගැතිවීමක් මෙහි නැහැ. රටක සිටිනා මිනිසුන්ගේ නැන නුවණ, විනය හා හැදියාව, සංවර බව හා ගුණයහපත්කම වැනි දේ මත තමයි ඒ රටේ හා ජනතාවගේ වටිනාකම රඳා පවතින්නේ.. ඒ අතින් බලනා විට අපේ රටේ තියෙන්නේ කුමන තත්ත්වයක් දැයි වටහා ගැනීම එතරම් අපහසු නැහැ. එයට ඕනෑතරම් උදාහරණ තියෙනවා.
නීතියට වෙට්ටු දාලා ආපු අයනේ රටේ ඉන්නෙත්.. ඉතින් මේවා සුළු වැඩ. ඡන්දෙ දීපු අයම මේවා බලාගෙන ඉන්නවා නම් හොඳයි. වෙනරටක පුරාවසුතු විනාශ කළා නම් අවුරුදු 10කටවත් හිරේ.
දැන්වත් තේරෙනවද ලංකාවේ තිබෙන්නේ එක නීතියක් නොවෙයි කියලා?
ඔන්න රටේ නීතිය. 2/3 ට ජයවේවා...!!!
නොදන්න නිසයි අහන්නේ... විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය.. තුනක්ද? නැත්නම් දෙකක්ද?
මොකක්ද කිව්වේ..? මට ඇහුණේ නැහැ... රන්ජා මල්ලිගේ හඬපටිය අහිමි වුණේ නැහැනේ..
ආයෙ ඉතින් සාධාරණ නීතියක් බලාපොරොත්තු වෙන්න එපා මිත්‍රවරුනි. මේ රාජපක්ෂ යුගයක්...
කොහොමද අපේ සර් නීතිය නවලා දෙන්නේ... ජොනීලා එවපු අයට සුබ අනාගතයක්...!!! නීතියක් නැහැනේ..
හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ..
20වෙනිදා ප්‍රතිපත්ති ප්‍රකශනයේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ‘එකම රටත්... එකම නීතියක්...‘ යන්න තවම බොහෝදෙනෙකුට අසන්න ලැබී නැති බවයි පෙනෙන්නේ... මේ වැදගත් ප්‍රකාශනය විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රවෘත්ති කියන වෙලාවට නැවත නැවත ප්‍රකාශ කරන්න.
ඔන්න ඕක අතෑරලා දාන්න.. නිකන් බොරුවට..!!!
කවුරු මොනවා කීවත් අපේ රටේ මිනිස්සු කැමති මේ "කැකිල්ලේ නීතියට" තමයි. තමන් හා තමුන් වටේ සිටින අය සුදනන් වී, අනෙකුන් දුදනන් කිරීම අශිෂ්ඨ මිලේච්ඡ ජන සමාජයක පොදු ලක්ෂණයක්. ඒ නිසා, වැඩිපුර ඕවා ගැන නොහිතා, බලය ඇති තැනකට මුට්ටියක් අල්ලලා, ඒ ලැබෙන දෙයින් බඩ පුරවාගෙන ජීවත් වෙන එක තමයි හොඳම ක්‍රමය.
රජතුමාගේ මුස්ලිම් ජාතික බිරිඳ නිසා, එතුමගේ චරිතේ අවුල්... එම නිසා රාජසභාවේ ප්‍රමිතිය අවුල්.
රංජා මල්ලි කියන දේවල්වල යම්කිසි සත්‍යයක් තිබෙන බව මෙම තීන්දුවෙන් පෙනෙනවා.
2/3 ගන්නකම් පොඩ්ඩක් ඉන්න කිව්වේ ඒකනේ අපේ හාමුදුරුවනේ...
විපත් මග. වහල්ලුන්ට මොන පුරාවස්තුද? ඉතුරු ටිකත් කුඩු කරන්න...
කලබල වෙන්න එපා. අත්අඩංගුවට ගැනීම වළක්වලා නොවෙයි අත්හිටුවලා එයාගෙ පෙත්සම විභාග කරලා ඉවර කරන කල්...
මේ විදිහට රට දිහා බලන විට හරිම දුකක් හා බයකුත් දැනෙනවා.
ඕක කරපු කෙනා මාලදිවයිනෙන් සංක්‍රමණය වුණු කෙනෙක් කියලා පත්තරේ තිබුණා.
"එක රටක් එක නීතියක්" අදාළ සාමාන්‍ය ජනතාවටනේ. ජනාධිපතිට ඒ නීතිය අදාළ නැහැ. නගරාධිපතිට මෙහෙම හයියක් කොහොමද? පැහැදිලිවම කුරුණෑගල රාජසභා මණ්ඩපය සමතලා කරන්න නියෝගය දීලා තියෙන්නේ ජනාධිපති. දඬුවමක් ලැබුණාට පස්සේ අභියාචනාධිකරණයට ගියා නෙමෙයි. ගියේ වරෙන්තුව නිෂ්ප්‍රභා කරන්න. එහෙම කරන්න තරම් අභියාචනාධිකරණයට තියෙන අති විශේෂ හේතුව මොකක්ද? මේ ගැන ජනාධිපතිතුමාගේ බෞද්ධ උපදේශක සභාව මොකක්ද දන්නේ නැහැ නේද කිව්වේ? නිර්වින්දනය වෙලා වගේ ඉන්නවා ඇති. පූජනීය නගරවල තියෙන ඉඩම් ටික ඇමරිකානු සමාගම් වලට දුන්නත් මේ විදිහම තමයි. ජනාධිපතිතුමා දන්නවා හාමුදුරුවරුන්ගේ දේශප්‍රේමය නිර්වින්දනය කරන හැටි. හරි ලේසියි. දෙදණ බිම තියන්න විතරයි තියෙන්නේ. සමාජ ජාලා වල තරුණයන් කියනවා ඇඹරිලාලු නිර්වින්දනය වෙන්නේ. මට ඒ පින්තූර මිස් වෙච්ච නිසා හරියට දන්නේ නැහැ. "ලංකා ඉතිහාසයේ කළු දශකය ඇරඹුණු වගයි" කියලා අද ලියනවා. දශකය කිව්වට, ගියපාර නම් රාජපක්ෂ වංශය ජනතාවට එපා වෙන්න දශකයක් ගියා. මේ වතාවේ නම් මාස කීපයකින් වෙයි. අධිකරණ ඇමති මුස්ලිම්. අභියාචනාධිකරණයේ සභාපතිත් මුස්ලිම්. මුළු සිංහල බෞද්ධ ඉතිහාසයම මේ රටෙන් ඩෝසර් කරලා දැම්මත් මෙච්චර තමයි.
ඕකට කියන්නේ 2/3 නීතිය කියලා.
නීතිය, සාධාරණත්වය අගයන පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ඉපදීම ඛේදවාචකයක්...
එක රටක් ! එක නීතියක්! එක රටක්1 එක නීතියක්! දැහැන 1008 වරක් මතුරා 69 ලක්ෂයේ හිස සිට පාදය දක්වා අතගා හිස මුදුණට නෙළන්න. සුවයි. කැපයි. අත්දුටුවයි. සත්තයි!
අර රත්නපුරේ එක්කෙනාටත් තව ටික දවසකින් ඔය ටිකම තමයි. 2/3 දීපු අයගේ ආශීර්වාදයත් තියෙනවනේ... කොන්ද කෙළින් ජනාධිපතිතුමාගේ එක රටක්..., එක නීතියක්, යටතේ ඒවා ඔක්කොම බලාගනී.
මොකක්ද මේකේ තියෙන වැරැද්ද? මේ වගේ පොඩි දෙයක්වත් කරගන්න බැරි නම් ඒ විධායක ජනාධිපතිකමේ ඇති වැඩේ මොකක්ද? අපිට නැවතත් හිටන් කෙනෙක් අවශ්‍ය නෑ..