හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ජනාධිපති කොමිසමේ නිලධාරීහු පිරිසක් ඒ මහතා පදිංචි කොළඹ පිහිටි නිවසට පැමිණියහ.

පාස්කු ප්‍රහාර සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔවුන් මෙලෙස පැමිණ ඇතැයි දැනගන්නට තිබේ.  

ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපතිවරයාට කොමිසමට පැමිණෙන ලෙස දැන්වුවද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ එම නිලධාරීන්ට නිවසට පැමිණ ප්‍රකාශය සටහන් කර ගන්නා ලෙසයි.