IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිරගෙවල් 4 කට එස්.ටී.එෆ්

(***සුජිත් හේවා ජුලිගේ සහ ***ජයන්ත සමරකෝන්)

කොළඹ ප්‍රධාන බන්ධනාගාර හතරේ ආරක්ෂාව සඳහා භටයන් 150 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා (S.T.F) අනුඛණ්ඩයක් ඊයේ (24) සිට යොදවනු ලැබීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව මෙසේ යොදවනු ලැබ ඇත්තේ වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ් හා වැලිකඩ කාන්තා අංශය යන බන්ධනාගාර හතරටය.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා විධිමත් අයුරින් පොලිස් විශේෂ කාර්ය බළකා භට කණ්ඩායම් යෙදවුණු පළමු අවස්ථාව මෙයයි.

මේ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් හා ඔවුන් රැගෙන එන ගමන් මලු පරීක්ෂා කිරීම මෙම පොලිස් විශේෂ කාර්ය බළකා භටයන්ට පැවැරෙන රාජකාරිය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවැසීය.

වැලිකඩ බන්ධනාගාර සමූහයෙන් බොහෝ අවස්ථාවලදී මත් ද්‍රව්‍ය, ජංගම දුරකතන, දුරකතන සිම් කාඩ් පත් ඇතුළු තහනම් ද්‍රව්‍ය සොයා ගැනුණු බව කී ආරක්ෂක ලේකම්වරයා මේ ද්‍රව්‍ය බොහෝමයක් ඇතුළු වී තිබුණේ ඒවායේ ප්‍රධාන ගේට්ටුවලින් බවට තොරතුරු අනාවරණය වීම නිසා මෙම විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළ බවද ප්‍රකාශ කළේය.

වැලිකඩ බන්ධනාගාර සමූහයේ ගේට්ටුවල විවිධ අක්‍රමිකතා රැසක් සිදුවී ඇතැයි තොරතුරු අනාවරණය වූ බවද ඔහු කීය.

විශේෂ කාර්ය බළකායේ භටයන් රාජකාරියේ යෙදෙන සෑම ස්ථානයකම බුද්ධි අංශ නිලධාරියකු බැගින්ද යෙදවීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.

බූස්ස හා අඟුණකොළපෑළැස්ස බන්ධනාගාරවල ආරක්ෂාව සඳහාද පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායම් කිහිපයක් මීට දින කිහිපයකට ඉහතදී යොදවනු ලැබූහ.

ගේට්ටුවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකා භටයන් යෙදවීමෙන් ඒ ගේට්ටුවල ආරක්ෂාවට මෙතෙක් යොදවා සිටි බන්ධනාගාර නිලධාරින් බන්ධනාගාර ඇතුළත රාජකාරි කටයුතු සඳහා යොදවා ගැනීමේ හැකියාව ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පාතාලය, කුඩු උවදුර හා සංවිධානාත්මක අපරාධ මැඬීමට කප්පම් ගැනීම නතර කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ හා විධිමත් වැඩ පිළිවෙළක් අරඹා ඇති බවත් මෙම අපරාධ රටේ දිගටම සිදුවුවා නම් කිසිවකුටත් පාරේ බැහැල යන්න බැරි සෝමාලියාවේ වැනි තත්ත්වයක් උදාවන බවත් ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 



අදහස් (1)

සිරගෙවල් 4 කට එස්.ටී.එෆ්

නවීන් Tuesday, 25 August 2020 09:15 AM

කලින් හමුදාවෙ අය දැම්මා. බන්ධනාගාරයේ වැඩ කරන කාන්තාවන් ඒ අයත් එක්ක එකතු වුණා... ඊට පස්සෙ තිබුණු විදියමයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 720 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site