
ලබන 20 වැනි දා පවත්වන පළමු පාර්ලිමේන්තු රැස්වීමේ දී පක්ෂ දෙකකට හිමි මන්ත්‍රී ආසන දෙකක් හිස්ව තබන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙතෙක් නම්කර නොමැති වීමෙන් මෙම ආසන දෙක හිස්ව තබන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසීය.
පසුගිය මහ මැතිවරණයේ දී එම පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරය බැගින් හිමි විය.
කෙසේ වෙතත් එම පක්ෂ දෙකෙන් මෙතෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර නොමැති බැවින්, මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් එම නම් ගැසට් කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන් එලෙසම "තව පුටු 200ක්" විතර ඔය දියවන්නාව පට්ටියෙන් "සදහටම අයින් කරලා දාන්න" පුලුවන් නම් මොනතරම් මුදල් කන්දරාවක් ලංකා මාතාවට ඉතුරු වෙනවද? රටේ දියුණුවට වියපැහැදම් කිරීමට.. එසේ වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි...!!
මේ ආසන දෙකම දිගටම හිස්ව තියන්න ඕනේ...
ආසන 2000ක් 3000ක් දක්වා වැඩි කළත් මේ අය එපා නම් කියන්නේ නැහැ..
නියමිත කාලසීමව තුළ අදාල මන්ත්‍රීවරු නම්කළ නොහැකිනම් එම මන්ත්‍රීධුර අහෝසි කිරීම හෝ ඊළඟ පක්ෂයට ලබාදිය යුතුයි. පක්ෂයේ මන්ත්‍රීවරයා තෝරාගන්න බැරි මිනිස්සු කොහොමද රටට බලපාන තීන්දු තීරණ ගන්නේ..?
දූෂිත දේශපාලුවන් හිටියත් එකයි, නැතත් එකයි. ඔවුන්ව නඩත්තු කරන්න මහජන මුදල් කාබාසිනියා වෙන එකනේ සිද්ද වෙන්නේ...
චොකා මල්ලි සහ පිල්ලෙයාන් අයියා සිටිය යුතුම දෙදෙනෙකි.. අපායේ...!!!