
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අඹතලේ ප්‍රදේශයේ නිවසක සගවා තිබූ කෝටි 42 කට අධික හොරෙයින් මත්කුඩු, ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
මත්කුඩු කිලෝ 42 කට අධික ප්‍රමාණයක් ,ටී 56 ගිනි අවි,නයින් එම් එම් ගිනි අවි, ටී 56 උණ්ඩ සහ මැගසින් ඒ අතර වන බව පොලිසිය කියයි.
මෙම ගිනි අවි සහ මත්කුඩු අංගොඩ ලොක්කාට අයත් ඒවා බව පොලිසිය කියයි.

COMMENTS
බලන් යනකොට අංගොඩ ලොක්කා ඡන්දයක් ඉල්ලුවත් දිනන ලකුණු තියෙන්නේ...
කුඩු හොයන්න එක්ක ගියවෙලේ පැනලා යන්න හැදුවේ නැද්ද? නැතිනම් තව කුඩුහොයාගන්න තියනවද?
මගේ ලෝකයට සපැමිණි අංගොඩ ලොක්කාට නිවන් සුව පතමි..
නාකොටික් සීසන් 2...
ඔව් රට ඇතුලේ හදන ඒවා නෙමෙයිනේ... එන්නේ එක්කෝ වරායෙන්, නැතිනම් ගුවන් තොටුපළින්... හොයනවා නම් ඉතින් මේවාය සහායදෙන දේශපාලකයින්ගේ, රේගු නිලධාරින්ගේ ඉඳලා මුලු නෙට්වර්ක් එකම හොයන්න ඕනෑ. නැතිනම් මේවා එන එක වළකන්න බැහැ.
අල්ලපු කුඩු නාකොටික් එකේදි පාන් පිටි වේදෝ... !!!
ලංකාවේ මිනිස්සු බත් වෙනුවට කුඩු කන්නත් පටන් අරන්ද?
ඕවා විකුණනවා නම් අපිටත් කියන්න. හොරෙන් විකුණන එක සදාචාර සම්පන්න නෑ. ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්න.
කෝටි ගණන් වටිනා කුඩු අල්ලනවා. මේවාට මොනවා වෙනවද කියලා කවුද දන්නේ?