
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය, කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුන පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන ඇත.
එමෙන්ම කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුන පිහිටි භූමියේ ආරක්ෂාවේ යෙදී සිටින යුද හුමුදා සෙබලුන්ට පුහුණු පාඨමාලාවන් ලබාදීමටද පියවර ගෙන ඇත.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතා පසුගියදා කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුන පිහිටි භූමියේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී මෙම පියවර ගෙන ඇත.
මේ අනුව 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් සෙනරත් යාපාගේ අධීක්ෂණය පරිදි 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සෙබලුන් විසින් ආරක්ෂාවේ නිරත වන අතර ඔවුන් වෙනුවෙන් විශේෂ වූ ආරක්ෂිත පුහුණු පාඨමාලාවක් ලබා දීමට පියවර ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ යන්තම් ඇති. මේ කුළුන ගලවගෙන ගිහින් පරණ යකඩ වලට විකුන්නොත් කාට කියන්නද.?
කපිතාන් සාලිය ඇල්දෙණිය කොකාවිල් වලදී දිවි දී අදට අවුරුදු කීයක් වුණාද? දැන් තමයි ආරක්ෂාව තරකරන්න යන්නේ.