
(නිමල කොඩිතුවක්කු)
දහනවවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු කණ්ඩායම්වලට එක වේදිකාවකට එන්නැයි සමගි ජන බලවේගය ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(28)පැවසීය.
තුනෙන් දෙකේ බලයෙන් ජනතාවට යහපතක් කරනවා වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට සහ අමාත්‍ය ධුර වැඩිකර ගැනීමට දරන උත්සාහය පිළිබඳ විපක්ෂය කනගාටුවට පත්වන බවද රාජකරුණා මහතා සඳහන් කළේය.
රටත් ජනතාවත් පිළිබඳ සිතා කටයුතු කරනවා වෙනුවට 2015ට පෙර මෙන් එක පවුලක් ඉලක්ක කර ගනිමින් රටේ පාලනය ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීය.
''වත්මන් රජයට ලැබී තිබෙන තුනෙන් දෙකේ බලය ප්‍රජාතන්ත්‍ර විරෝධී පවුල් පාලනයක් වෙනුවෙන් යොදා ගන්නා ආකාරයක් පේන්න තියෙනවා. මේ අය බලයට පත්වූ වහාම දහනමය අහෝසි කර අලුත් ව්‍යවස්ථාවක් ඇති කිරීම ගැන කතා කරනවා.
2015ට පෙරත් තුනෙන් දෙකක බලයක් ලබාගෙන කළ ව්‍යවස්ථා සංශෝධනයකින් කළේ පවුල් පාලනය ශක්තිමත් කිරීම සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. අදත් මේ අය ඒ දේම කරනවා.
19 වන සංශෝධනය ඉවත් කිරීම බලපාන ප්‍රදාන කාරණා කිහිපයක් මේ රජයට තියෙනවා. 19 ඉවත් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාට යළිත් පාර්ලිමේන්තු වරම් ලබා දීම සඳහායි. පාර්ලිමේන්තු වරම් ලැබුණට පස්සේ ඔහුට මහින්ද රාජපක්ෂ ට පස්සේ තිබෙන බලවත්ම අමාත්‍යංශය ලැබේවි.
ඒත් එක්කම 19 අහෝසිකර අමාත්‍යධුර සීමාවන් ඉවත් කර ගැනීමේ උත්සාහයක් තියෙනවා. දැනටමත් අමාත්‍යධුර නොලැබී සතුටින් ඉන්න අයට කියලා තියෙනවා 19 සංශෝධනය කිරීම තුළින් අමාත්‍ය ධුර ලබා දෙනවා කියලා. ජ්‍යෙෂ්ඨයන් වුණත් මහින්ද රාජපක්ෂ සමග හිටගත්තෙ නැති අයට අමාත්‍ය ධුර ලබා දීලා නැහැ. ඒ අයට දැන් යළිත් කැරට් අලයක් පෙන්වලා තුනෙන් දෙක තහවුරු කරගන්න මේ අය උත්සාහ කරනවා.
ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙක රටේ යහපත වෙනුවට තමන්ගේ තම පවුලේ උදවියගේත් යහපැවැත්මට යොදාගෙන තිබෙනවා. දේශපාලන භේදයකින් තොරව මෙයට එරෙහිව ඡන්දෙ දෙන්න කියලා අපි සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.
ස්වාධීන කොමිෂන් සභා අනවශ්‍ය බවට අද මේ අය පෙන්වමින් යනවා. ස්වාධීන කොමිෂන් සභාවල යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් පාර්ලිමේන්තු හමුවට ඉදිරිපත් කරලා ඒවා නිවැරදි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැතුව 19 මුළුමනින්ම අහෝසි කරන යෝජනාවට අපි විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලුම කණ්ඩායම් වලට මේ සටන වෙනුවෙන් අපිත් එක්ක එක වේදිකාවකට එන්න කියලා අපි යෝජනා කරනවා.
ආර්ථිකය විශාල අර්බුදයට ලක්වෙලා තිබෙන අවස්ථාවක වත්මන් රජය අතුරු අතුරු සම්මත ගිණුම මගින් විශාල ණය මුදලක් ලබා ගන්න කටයුතු කරනවා. ආර්ථිකය කඩාවැටිල රට ණය උගුලක හිර වෙලා තියෙද්දි 19 අහෝසි කරලා තව අමාත්‍යංශ වැඩිකළොත් ඒ වියදම දරා ගන්න වෙන්නෙත් රටේ අහිංසක ජනතාවටයි. මේ අතුරු අතුරු සම්මත ගිණුමෙන් වෙන්කල මුදල් වලින් 36% ක් වෙන් කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ කියන එක ම පවුලේ පිරිසකටයි. මේ ආණ්ඩුව ලබාගන්න මහන්සි වෙච්ච අනිත් ඇමතිවරුන්ට කරන්න තියෙන්නේ උඩ බලාගෙන ඉන්න එක විතරයි.
එක රටක් එක නීතියක් කියාගෙන බලයට ආපු මේ ආණ්ඩුවෙ පිරිස පුත්තලම ඉස්සන් වගාවක් සඳහා අභය භූමියක අක්කර දෙකකට වඩා නීති විරෝධීව විනාශ කරලා තියෙනවා. ඔක්සිජන් ඕනේ නැහැ කියපු අමාත්‍යවරයෙක් තමයි මේ දිස්ත්‍රික්කයේ නායකත්වය ගෙන කටයුතු කළේ.
කුරුණෑගලට වෙච්ච දේම තමයි අද පුත්තලමටත් වෙන්නේ. ඒ අයගේ පිරිස්වලට නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. අනෙක් පැත්තෙන් සිංහරාජ විනාශ කරමින් මාර්ගයක් ඉදි කරමින් යනවා. ඇයි මේවට රටේ නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ කියල අපි මේ රජයෙන් විමසනවා'' යැයි මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය.
COMMENTS
19 නිසා තමයි අගමැතියි, ජනපතියි 2019දී පාස්කු බෝම්බේ පිපිරෙනකම් කඹ ඇද්දේ... ඕක සුද්ද කරන්න තමයි මිනිස්සු ඡන්දේ දුන්නේ.. ඒනිසා රටට යහපතක් වන විදිහට ඔය 19 වෙනස් කරන්න ඕනෑ.
අපි 19 අහෝසි කරන්න කියලා කණ්ඩායමක් හදලා එකම වේදිකාවට ගොඩවෙනවා රට වෙනුවෙන්...
අමන රැළ. මහජනතාව සත්‍ය තේරුම් අරගෙනයි මේ තරම් බලයකින් මේ රජය පත් කරගත්තේ... 19 කියන තොණ්ඩුව විසිකරලා දාලා රටට වැඩක් කරන්න පුලුවන් විදිහට ගරු ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් වෙන්න ඕනෑ. විදෙස් ගැත්තන්ට, ඩයස්පෝරාවෙන් ඩොලර් ලැබෙනවුන්ට, නිවටයින්ට ඕන 19.
සමගි ජනබලවේගය හෝ වේවා, එජාපය හෝ වේවා... හැම තිස්සේම බලන්නේ බලයට එන්නේ කොහොමද කියන එක විතරයි. ඔය ඔක්කොම කණ්ඩායම්වලට බලය තියෙනකොට රටට මුකුත් කරන්න කිසිම වේදිකාවකට එන්න කිව්වේ නැහැ. රට නැත්තටම නැති කළා. දැන් පොඩ්ඩක් රට හොඳ පැත්තකට යනවා පේනකොට ඒක හරස්කරන්න නම් ඔක්කොම දහන් ගැට දානවා. දැන් මෝඩ මිනිස්සු ඉන්නේ ටික දෙනයි. මිනිස්සුන්ගේ හිත ගන්නනම් වැඩක් කරලා පෙන්නන්න. කාට වුණත් එච්චරයි.
නැවතත් රට විනාශ වෙනකම් දඟලන්න ආසනම් ඔබලා නැවත දිනපු වේලාවක ඕවා කරගන්න. දැන් බහුතරයක් මහජනතාවගේ කැමැත්තට ඉඩදෙන්න.
19 වෙනස් කරන්න හදන්නේ රජපවුලේ පාලනය දිගටම පවත්වාගෙන යාමට මිස රටට වැඩක් කිරීමට නොවේ..
ආනේ.. යහපාලනය කාලයේ විනාශ වෙච්ච රට මෙච්චර ඉක්මණට රෙපෙයාර් කරලත් හමාරයිනේ. අපි දැනන් හිටියේත් නැහැ.
19 නිසා රට අරාජික වුණා. පාලනය බිඳ වැටුණා. සිරිසේන රවටා ඔහුගේ බලය පැහැර ගැනීමට රාජපක්ෂ විරෝධී ශ්‍රී ලනිප කණ්ඩායම මෝඩයාට අන්ධගෙන... පනතක් රටට වුණු සේවයක් නැත.. ශ්‍රීලනිප රාජපක්ෂ විරෝධීන් සතුටු කිරීමට බව පෙන්වා ඔවුන්ව මුලාකර ජනාධිපති බලතල පවරාගත්තා. අවසානයේදී සිරිසේනට පාඩම් උගන්වන්න ඔවුන්ම පත්කළ ලේකම්වරු පොලිස්පති මගින් දහස් ගණනක් ජීවිත බිල්ලට දෙන්නට පාරකපපු අදූරදර්ශී නඩයට සහාය ලැබෙන්නේ මුස්ලිම් කොන්ග්‍රසය සහ ද්‍රවිඩ පක්ෂ පමණි. 69 ලක්ෂයක් ජනතාවට තේරෙන මෙම අවදානම 19 අවලංගු කොට විනාශ කළයුතුය. බහුතර ජනතාවගේ පැතුම එය වුණත් යල්පැනගිය වයෝවෘද්ධ කැබිනට් එකටඑය කළ හැකි වන්නේ නැහැ. මේ දේශපාලකයා 19 කියවා නැහැ. දැකලත් නැහැ. තේරුම්ගන්න දැනුමකුත් නැහැ.
ඔව් ඔව් එක හොඳයි.. කැඳවන්න කැඳවන්න.. ඒ වගේම පුල්ලි මාස්ටර්ලගේ මෙන්ම බටහිර හාදයින්ගෙන් නුඹලාට ලැබෙන ගතමනාව ගැනත් මිනිසුන්ට දැනගැනුමට ඔය කටවල් ටික මේ වගේම ඇරියොත් ඔක්කොගේම ශරීර කුඩුවලට ගුණයි. එලෙසම මේ ගොයියාගෙන් මෙසේද විමසීමට කැමැත්තෙමු. පුල්ලි මාස්ටර්ලගේ මෙන්ම අර "ඌරු මාංශ අනුභව කරන හිවල් නරින්ගේ" ඡන්ද ගොඩ බලාගෙන නෙවෙයි නේද මේ කෑමොර දෙන්න යන්නේ?
පාස්කු බෝම්බ පිපුරුවේ 19 වැනි ව්‍යවස්ථාව නිසා නොව, රටේ ආරක්ෂක ඇමැති, ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඇතුලු පිරිස තම රාජකාරිය හරියට ඉටුකළ නිසා...
රටකාපු සෙට් එක එළවලා රට හදන්න තමයි ජනාධිපතිතුමාට ජනතාව බලය දුන්නේ.. මෝඩ හොරු සෙට් එක ආයෙත් කකුලෙන් අදින්න හදනවා.. රට හදන්න හදනකොට.. පර සුද්දන්ට මේ රට හදන්න බැහැ. ඉන්න ජනාධිපතිතුමාට විතරයි රට ගොඩදාන්න පුළුවන්...
අපි ඡන්දෙ දුන්නේ...!!! අයින් කරන්න තමයි. ඔයාලාට හම්බ වුණේ 23% නේද? දැන් ඔයාලට ඒකත් නැතිවෙනවා මේකට විරුද්ධ වුණොත්... අපි ඡන්දෙ දුන්නේ ඔයා කියන එක අහන්න නෙමෙයි...
එකම වේදිකාවට ගෙනැල්ලා නටනවා හලෝ. ඔහේලා මොන බම්බුවක් කරන්නද හලෝ... පොදුජන පෙරමුණට ආසන 150කට වැඩිය තියෙනවා. ඔහේලට කරන්න පුළුවන් දෙයක් නැහැ හලෝ..
දෙයියන්ගෙ නාමෙට දැන්වත් ටිකක් පැත්තකට වෙලා ඉන්නවද මහත්තයො...? මෙච්චර කල් කරපු හරියෙන් මේ රටට දැන් සිදු වෙලා තියෙන වින්නැහිය පේනවද..? රටක් ගැන හිතන්නේ නැතිව තම තමන්ගේ බලය ගැන හිතන්න ගිහින් රටකට වෙන්න ගිය විපත්තිය දැන්වත් තේරෙනවද...? මිනිස්සු 19 අහෝසිකරන්න කියලා නෙමේද එතකොට මේ 2/3 බලයක් වත්මන් ආණ්ඩුවට දුන්නේ...? හරි නම් අර පාස්තු ප්‍රහාරයෙදි මියගිය සහ තුවාල ලබපු හැම ජීවිතයක් වෙනුවෙන්ම බලයේ උන්නු ඔහේලා හැමෝම වග කියන්න ඕනෑ... රටක් එක්ක දැන්වත් සෙල්ලම් කරන එක නවත්ත ගන්න..
ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට පෙර පවත්නා රටේ ආර්ථික තත්වය අනුව විදේශ මුදල් නැති බව අපි දනිමු. රජය විසින් නියම ස්වභාවය වසා දමා ඇත.
ඇයි ආයිමත් 18 අලුත් නමකින් 20 කියලා ගේන්නද හදන්නේ.. ශ්‍රී ලංකාවට බුදු සරණයි..!!!
දැන් මෙයා වේදිකාවට නගින්න ගිහින් නේද පහුගිය ඡන්දෙදී හොම්බෙන් ගියේ..?
මයින් පැටව් කෑගසාවි, පාංකිරිත්තෝ අඬාවි... ඒත් වසන්තට නං ඕවා එකක්වත් අදාල නැති බව සත්තයි..
මුලු රටම 19 වෙනස් කරනවට කැමැතියි. අකමැති ඔයයි, පුතාණොයි, කොටි ටිකයි, අයි.එස්. ලායි විතරයි..
යහපාලන තරුණ මන්ත්‍රීවරුන් පැරදුණාට පසුව රට ගොඩ ගන්න පුදුම උත්සායක් ගන්නේ... විපක්ෂයේ රාජකාරි කරන්න. අපේ කෙනෙක් නොවෙයි කියලා කොන් කරන්නේ නෑ. පරිණාමයට පහසුවෙන් දක්කගෙන යන්නට පුලුවන් නිසා ජනතාව වෙනුවෙන් බුද්ධිමත් තීරණ ගන්න. 19 වෙනුවෙන් පෙළගැහිලා ඵලක් නෑ.
මේ වගේ අය පාර්ලිමේන්තු යැව්වේ කවුද? හැමදේටම විරුද්ධ නෙමෙයි, ඒකෙ තියන රටට වැඩදායී කොටස ඉතුරු කරලා වැඩක් නැති ඒවා ඉවත් කරන්න කතා කරන්න. උගත් කමක් නැති කෙනෙක් විපක්ෂ නායක වෙනකොට ඔහොම තමයි..
කුලියට වැඩ කරන අය සති අන්තයේ නෑ වගේ...
තමුන්ගේ ආණ්ඩුවේ පොලිස්පතිව අස් කරන්න බැරි ව්‍යවස්ථාවකින් ඇති වැඩේ මොකක්ද කියලා කියමුකෝ බලන්න...