
( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී අද (22) අලුයම 5.00 ට පමණ වැලි පිරවූ ටිපර් රථයක් මහ කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් කටයුතු බාර මෙරට ප්‍රධාන සමාගමක සේවය කරන පස්දෙනෙකු අනතුරෙන් මියගොස් ඇති බව කියය. ඔවුන් කොළඹ ප්‍රදේශයේ පැවති අවමඟුල් ගෙදරකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී කුරුණෑගල දෙස සිට ධාවනය කළ ටිපර් රථයක ගැටීමෙන් අනතුරට ගොදුරුවී ඇත.


(ඡායාරූප - දිමෙෂ් අධිකාරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිදුවෙන වාහන අනතුරුවලින් වැඩි හරියක් සිදුවෙන්නේ මේ ටිපර් නිසා. මේකට විසඳුමක් සොයන්න මොකද කිසිකෙනෙක් මැදිහත් නොවන්නේ..?
මේ ටිපර් රථ නිසා දවසකට මොනතරම් අනතුරු ලංකාවේ සිදුවෙනවද...? සමහර ටිපර් රියදුරන් කිසිම විනයක් නැතිව තමන්ට පමණක් මහාමාර්ගය අයිති කියා වගේ තමයි ටිපර් රථ ධාවනය කරන්නේ... මම හිතන්නේ ලංකාවේ වාහන අනතුරින් අහිංසක මිනිසුන්ට විශාලතම ජීවිතහානි ගෙන දෙන්නේ මේ ටිපර් රථ කියලා... රජය හරි මැදිහත් වෙලා මුලින්ම මේ ටිපර් රථ ධාවනය කරන ටිපර් රථ රියදුරන්ට යම්කිසි නීති සහ විනය පටිපාටියක් හඳුන්වාදීමට මේ තමයි කාලය කියලා... එය අද දවසේ සිදු කළයුතු පුමුඛතම කාර්යක් හැටියටයි මම නම් හිතන්නේ...
නැවත මෙවන් මරණයන්ට ලක් නොවේවා!!!
පොලිස් වාර්තා එකතු කර බැලුවොත් පෙනේවි දැන් කලක සිට වැඩිම මාරක අනතුරු සිදුකරන්නේ ටිපර් රථ බව... ටිපර් රථවලට වේග සීමාවක් පනවන්න.
රාත්‍රී කාලයේ අවමගුල් ගමන් වලදී රිදුරන්ට නින්දයාමට ඇති ඉඩකඩ වැඩිය. එ් නිසා රියදුරුට මහන්සි හෝ නිදිමත දැනෙයි නම් වහාම වාහනය නවතා විවේක ගත යුතුමයි. එසේ නොවනවිට මෙවැනි මාරාන්තික අනතුරු ඇතිවීමේ ඉඩකඩ වැඩියි.