IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අලව්වේ අනතුරකින් 5ක් මරුට

 

 ( පුෂ්පකුමාර ජයරත්න )​

කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේදී අද (22) අලුයම 5.00 ට පමණ වැලි පිරවූ ටිපර් රථයක් මහ කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව අලව්ව පොලීසිය පවසයි.​

  මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් කටයුතු බාර මෙරට ප්‍රධාන සමාගමක සේවය කරන පස්දෙනෙකු අනතුරෙන් මියගොස් ඇති බව කියය. ඔවුන් කොළඹ ප්‍රදේශයේ පැවති අවමඟුල් ගෙදරකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී කුරුණෑගල දෙස සිට ධාවනය කළ ටිපර් රථයක ගැටීමෙන් අනතුරට ගොදුරුවී ඇත.

(ඡායාරූප - දිමෙෂ් අධිකාරි)



අදහස් (5)

අලව්වේ අනතුරකින් 5ක් මරුට

ලුම්බිණි Saturday, 22 August 2020 03:57 AM

ලංකාවේ සිදුවෙන වාහන අනතුරුවලින් වැඩි හරියක් සිදුවෙන්නේ මේ ටිපර් නිසා. මේකට විසඳුමක් සොයන්න මොකද කිසිකෙනෙක් මැදිහත් නොවන්නේ..?

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 22 August 2020 04:47 AM

මේ ටිපර් රථ නිසා දවසකට මොනතරම් අනතුරු ලංකාවේ සිදුවෙනවද...? සමහර ටිපර් රියදුරන් කිසිම විනයක් නැතිව තමන්ට පමණක් මහාමාර්ගය අයිති කියා වගේ තමයි ටිපර් රථ ධාවනය කරන්නේ... මම හිතන්නේ ලංකාවේ වාහන අනතුරින් අහිංසක මිනිසුන්ට විශාලතම ජීවිතහානි ගෙන දෙන්නේ මේ ටිපර් රථ කියලා... රජය හරි මැදිහත් වෙලා මුලින්ම මේ ටිපර් රථ ධාවනය කරන ටිපර් රථ රියදුරන්ට යම්කිසි නීති සහ විනය පටිපාටියක් හඳුන්වාදීමට මේ තමයි කාලය කියලා... එය අද දවසේ සිදු කළයුතු පුමුඛතම කාර්යක් හැටියටයි මම නම් හිතන්නේ...

:       0       0

විජේ Saturday, 22 August 2020 06:37 AM

නැවත මෙවන් මරණයන්ට ලක් නොවේවා!!!

:       0       0

dhamneth Saturday, 22 August 2020 07:30 AM

පොලිස් වාර්තා එකතු කර බැලුවොත් පෙනේවි දැන් කලක සිට වැඩිම මාරක අනතුරු සිදුකරන්නේ ටිපර් රථ බව... ටිපර් රථවලට වේග සීමාවක් පනවන්න.

:       0       0

Rohana Saturday, 22 August 2020 07:48 AM

රාත්‍රී කාලයේ අවමගුල් ගමන් වලදී රිදුරන්ට නින්දයාමට ඇති ඉඩකඩ වැඩිය. එ් නිසා රියදුරුට මහන්සි හෝ නිදිමත දැනෙයි නම් වහාම වාහනය නවතා විවේක ගත යුතුමයි. එසේ නොවනවිට මෙවැනි මාරාන්තික අනතුරු ඇතිවීමේ ඉඩකඩ වැඩියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 67 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site