IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


නව කතානායක මහින්ද යාපා


(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා ද, නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතාද පත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(19) පස්වරුවේ තීරණය කළේය.

නියෝජ්‍ය කාරක සභාවේ සභාපති ධූරයට අංගජන් රාමනාදන් මහතා පත්කිරීමට ද ආණ්ඩු පක්ෂය තීරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

මේ අතර, පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පත්කිරීමට එහිදී තීරණය කර ඇත.



අදහස් (5)

නව කතානායක මහින්ද යාපා

Kuma Wednesday, 19 August 2020 02:45 PM

අග්‍රඵලය නෙලාගෙන නිහඬව බලාසිටින කෙනාට මොනවත් නැත්ද?

:       8       123

සෙනෙවිරත්න Wednesday, 19 August 2020 03:37 PM

බෑණා ගැනද කියන්නේ?

:       107       7

JayamalThursday, 20 August 2020 02:07 AM

එතුමාට අග්‍රඵල ලැබෙන්නේ ව්‍යවස්ථාව හැදුවට පස්සේ කියලා තමයි ආරංචි... එතුමා වෙනුවෙන් අලුත්ම තනතුරක් හදනවලු. 2/3 ඉල්ලුවේ ඒකටත් එක්ක තමයි.

:       57       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 20 August 2020 12:52 AM

මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක ලෙස පත්වෙනවා කියා ආරංචියක් පැතිර ගියා. එය එසේ වේයැයි කියා බොහෝදෙනා කළකිරීමෙන් සිටිනා බවක් පෙනුණා. ඒත්, මහින්ද යාපා මහතා මේ සඳහා පත්වූ එක හොඳ දෙයක්. එතුමා හොඳ දේශපාලනඥයෙක්. සියඹලාපිටිය මහතාත් හොඳයි.

:       1       163

gagana Thursday, 20 August 2020 08:02 AM

අග්‍රඵලය කෙසේවෙතත් මනුස්සයාව එකත් පසෙක තියන එක රටට හිතකරයි. මොකද ආත්ම ගරුත්වයක් නැති ගේම්කරුවෙකු ලඟ තබා ගැනීම ඇඟට ගුණ නෑනේ නේද?

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 290 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site