IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ්

(ටෝනි කරුණානායක )


මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ  මහතා හෙට (04) දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිගමුව වැඩ බලන මහෙස්ත්‍රාත්  කේ.ජී.ගුණදාස මහතා අද (03) නියම කළේය.

මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින්  අනුරුද්ධ සම්පායෝ මහතා  අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තු නිකුත් කර දින 11කට පසු මිගමුව පොලිසියේ නිලධාරි න් විසින් කුරුණෑගල නගරයේ දී ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබුණි .

මිගමුව බන්ධනාගාරයේ සිදු වූයේ යැයි කියන එම විෂමාචාර සිද්දීන් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත  මිගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර් වරුන් වන ප්‍රශාද් කාලිංග කලුඅග්ගල , උපාලි සරත් බන්ඩාර ,සහ නිශාන්ත සේනාරත්න යන සැකකරුවන් 04 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබේ .

මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් පැමිනිල්ල මෙහෙය වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  දිලිප පිරිස් මහතා ඉකුත් 29 වෙනිදා මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පොලිසිය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.



අදහස් (7)

සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ්

Prabath Monday, 03 August 2020 02:57 PM

වැඩිය දඟලන්න දෙන්න එපා.

:       12       113

විජිත් Monday, 03 August 2020 03:07 PM

තවත් ගෝලයෙක්..!!!

:       0       139

siri Monday, 03 August 2020 04:04 PM

මෙයා සැඟවී හිටියේ කුරුණෑගල ප්‍රධාන දේශපාලකයකුට සහ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ උදව්වෙන් කියන්නේ ඇත්තද.?

:       0       164

Shan Monday, 03 August 2020 06:44 PM

පගාවට බර කෙනෙක් කියලා කියන්න පුළුවන්.

:       0       116

Asanga Tuesday, 04 August 2020 04:35 AM

මෙයාට මොකද විශේෂ සැලකිල්ලක් තියෙන්නේ.

:       0       191

RaveendraTuesday, 04 August 2020 05:34 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.. මෙම රජයේ සේවකයාගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීමේදී කිසියම් හෝ දෙස්පාලුවෙකුගේ මුර හොදින්ම පැහැදිලි වෙන්නේ අපට පමණද ? මහජන බදුමුදල් වලින් " බඩ වියත " රැකගන්නා මෙවන් මිනිසුන්ට ස්වබාවධර්මයා විසින් නන්නත්තාර වෙන්නම දඩුවම් දෙන බව නම් ඉරහදමෙන් විස්වාසය..

:       0       229

Nihal Wednesday, 05 August 2020 05:02 AM

එයාට ශීතකරණයක් දෙන්න කව්රුත් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site