
(ඩබ්. ඒ. පියතිලක)
නිරෝධායන නිතී අනුව නිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටියදී ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු හොරෙන් ගොස් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වර්තාවේ. කෙසේ වෙතත් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනා නිරෝධායනය කිරිම සදහා වහාම පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.
මෙසේ ස්වයං නිරෝධානය කර සිටියදී ඡන්දය දමා ඇත්තේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ බිරිඳ වේ.
අද පස්වරුවේ මොවුන් ඡන්දය දමා පැමිණ නිවසට වි සිටියදී පොලිසියට ලැබුණ තොරතුරක් මත පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමග සභාපතිවරයාගෙන් විමසා සිටියදී ඡන්දය දැමිමට තමන් සහ තම බිරිද ගිය බව පිළිගෙන තිබේ. ඒ අනුව සභාපතිවරයා සහ දරුවන් දෙදෙනා නිරෝධායනය කිරිම සදහා පුණානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්තප්‍රිය බණ්ඩාර විජේකොන් මහතා මෙසේ පැවසීය.
‘කොරෝනා රෝගීන් හමු වුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. නමුත් අපේ සභාවයි ලේකම් කාර්යාලයේ සියලු දෙනාම නිවාසවල නිරෝධායනය වෙන්න කියලා සෞඛ්‍ය අංශ අපව දැනුවත් කළා....නමුත් අද අපේ සභාවේ මන්ත්‍රිවරු සහ කාර්යාලයේ අයයි ලේකම් කාර්යාලයේ අයයි ඡන්දය දාලා. පස්සේ මමයි නෝනයි දෙන්නාත් ගිහින් ඡන්දේ දාලා ආවා. “
“රටේ නීතිය හැමෝටම එකයි නම් මේ කාර්යාල දෙකේ මන්ත්‍රිවරු සහ නිලධාරිනුත් නිරෝධායනය කරන්න . සෞඛ්‍ය නිති සහ රටේ නිති රටේ සියලු දෙනාට එක සමාන විය යුතුයි.“ යයිද සුසන්තප්‍රිය බණ්ඩාර විජේකොන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හරක් යවන්න ඕනේ හිරේ. ඒවාට නිසි දඬුවමුත් දෙයි කියලා හිතනවා.
උසස් පෙළවත් නැති අයගෙන් ඔයිට වඩා හොඳ ආකල්ප බලාපොරොත්තු වෙන්න බෑ.
ගමේ පට්ටියේ ලගින්න ලැබී මෙහෙම උගත්, බුද්ධිමත් විදියට හැසිරෙනවා නම් දියවන්නාව අසුචි වලට ගියොත් මොනවා කරයිද?
හොරකමයි, නීතියට වෙට්ටු දැමීමයි අපේ ජාතික ක්‍රීඩාව කරන්න ඕනේ.
මේ මනුස්සයාත් අනිත් අයටත් එරෙහිව අපරාධ නඩු පවරන්න ඕනේ...