IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ජෝර්දානයේ සිරවී සිටින ලාංකිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

(තිළිණි ද සිල්වා)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සහ ඔවුන් ගැන සොයා බැලීමට ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර ඇතිවූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට ජොර්දාන් පොලිසිය අද (27) එම පිරිසවෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල  කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට එම කර්මාන්ත පුරයට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 340 කට ආසන්න පිරිසක් එම නිලධාරීන්ව වටකර ගෙන විරෝධය පළ කර ඇති බව ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.

එම ස්ථානයට පැමිණි එක් තානාපති නිලධාරියෙකු නිවාස අඩස්සියට පත්කර ගැනීමෙන් පසු ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වය පාලනය කිරීමට එරට පොලිසිය පැමිණ මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ඉන් කිසිඳු නිලධාරියෙකුට හෝ ලාංකික ශ්‍රමිකයෙකුට හානියක් සිදුවී නැතැයිද තානාපති ආරංචි මාර්ග කියයි.

මාස පහකට ආසන්න කාලයක් තිස්සේ මෙම ලාංකික ශ්‍රමිකයින් පිරිස රැකියා අහිමිව සිය නේවාසිකාගාර තුළ සිරවී විවිධ අපහසුතාවට පත්ව සිටීම සම්බන්ධයෙන් එම බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමේදී ඇති වූ අනවබෝධයක් මත ලාංකික ශ්‍රමිකයින් කලබලකාරී ලෙසින් හැසිරීම නිසා තත්ත්වය පාලනයට මෙම කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සහ කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පැවසීය.

ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 340 කට ආසන්න පිරිසක් රඳවා සිටින ස්ථානයේදී එම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවත් ඉන් කිසිවකුට හානියක් සිදුව නැතැයි මන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කොරෝනා  වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වී මාස කිහිපයක් ගතව ඇතත් ආපසු මව්බිමට යාමට නොහැකි වී ඇති බවත් තමන්ට විවිධ දුෂ්කරතා ඇති බවට එම ලාංකික බලධාරීන් අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන්ට දන්වා ඇති අතර ඒ අනුව එම තානාපති කාර්යාලය නිලධාරීන් ⁣තිදෙනෙකු ඔවුන් සිටින ස්ථානයට ගොස් කතා කිරීමේදී ඇති වූ අනවබෝධයෙන් මෙම කලබලකාරී තත්ත්වය ඇති වූ බවද නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති අතර එලෙස රැකියා අහිමිව එරට සිරවී සිටි ලාංකික ශ්‍රමිකයින්ට හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන බවද හෙතෙම කීය.

රැකියා අහිමි වී සිටින මෙම ලාංකික ශ්‍රමිකයින් ගැන තානාපති කාර්යාලය නිරන්තරයෙන් සොයා බලන බවද මංගල රන්දෙණිය මහතා කීය.

කළහකාරී ලෙස හැසිරුණු ලාංකික ශ්‍රමිකයින් කියා සිටින්නේ තමන්ට මාස පහක් තිස්සේ සිය සේවා ස්ථාන වලින් නිසි පරිදි වැටුප් නොලැබුණු බවත් මේවන විට තමන්ට ලැබුණුයේ දිනකට කෑම වේල් දෙකක් පමණක් යැයිද කියා සිටිති.

එබැවින් හැකි ඉක්මනින් තමන්ව දිවයිනට ගෙන්වා ගන්නැයිද  ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (13)

ජෝර්දානයේ සිරවී සිටින ලාංකිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජයන්ත මිලානො Monday, 27 July 2020 06:47 PM

රට විරුවන්ගේ දෙමාපිය නෑදෑ හිතමිතුරනි, බියනොවී තුනෙන් දෙකේ බලය ඔවුන්ට දෙන්න. ඊටපසු ඒ බලය නිසා ඔබේ දරුවන් ගෙන ඒම ඔවුන්ට පහසුවෙනවා නොඅනුමානයි.

:       0       0

Sanath Kandy Monday, 27 July 2020 07:18 PM

මාස 5ක් තිස්සේ මේ අසරණ මිනිස්සු විඳින දුක අපේ රටේ පාලකයින්ට පේන්නේ නැහැ. ජවිපයේ විතරයි මේ මිනිස්සු ගැන හඬක් නගන්නේ...

:       0       0

සේන Monday, 27 July 2020 07:33 PM

තත්ත්වය හරියටම පැහැදිලි නෑ. පොදු ගුණාකාරයක් හැටියට ගතහොත් තානාපති කාර්යාලවල නිලධාරින් පුනරුත්ථාපනය කරලා ගන්න ඕනෑ. පුදුම මාන්නයක් තියෙන්නේ. මානව හිතවාදී කමක් ගෑවිලාවත් නෑ. අකුරට වැඩ. හැබැයි පුලුවන් තරම් හම්බ කරන විදි තමා හොයන්නේ...

:       0       0

sk Tuesday, 28 July 2020 01:13 AM

මෙයාලා යනකොට නම් අපිට කොකා පෙන්නලා යනවා. අන්තිමට අපට කොකා පෙන්වනවා දැන්...

:       0       0

69 lakshen ekek Tuesday, 28 July 2020 01:30 AM

නිරන්තරයෙන් සොයා බලනවා. අනේද කියන්නේ..? විදේශ අමාත්‍යාංශයේ ‘විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්‘ සඳහා රෙජිස්ටර් වෙන්න නිර්මාණය කළ දොරටුවෙන් රෙජිස්ටර් වුණ අයට උන්නද? මළාද? කියලා බලන්න කෝල් එකක් තියා නිකම්ම මේල් එකක් එවපු නැති අයට, එහෙම අදහසක්වත් නැති නිකම්මු බලයට පත්කළාම වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? කරන්න පුළුවන් එකම දේ තමයි මීටින් එකක් කැඳවලා ‘පාලු වළං බිඳින‘එක.. කරන්න පුළුවන් ලොකුම දේ තමයි සාකච්ඡාවක් කැඳවලා හිස් වැදගැම්මකට නැති කොමිසමක් හෝ කමිටුවක් හෝ පත්කරන එක... මාර සනීපයක් දැනෙන්නේ...

:       0       0

ලුම්බිණි Tuesday, 28 July 2020 01:34 AM

රට සල්ලි ලැබෙනකම් රට විරුවෝ. කරදරයට පත්වුණාම අපේ රටට, අපේ නායකයින්ට මතක නැහැ. කාට කියන්නද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 28 July 2020 01:58 AM

බොහෝවිට තානාපති සේවය සඳහා පත්කරනු ලබන්නේ ඊට නිසි සුදුසුකම් නොලත්, දැනුම නොලත්, දේශපාලන හිතවතුන්ය. මේ නිසා ඔවුන් තම තමන්ගේ වැඩක් බලාගෙන, තිබෙන වරප්‍රසාද ටිකත් ලබාගෙන යහතින් සිටින එක තමයි මෙතෙක් කල් කෙරුණේ. මේ හේතු නිසා තානාපති සේවයෙන් පිටරට සිටින අපේ මිනිසුන්ගේ ප්‍රශ්න කරදර ගැන සොයාබැලීමට නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එසේ සේවයක් කිරීමට දේශපාලන සුදුසුකම් පමණක් ප්‍රමාණවත් නැහැ. මේ වැනි හේතූන් නිසා තානාපති සේවය පිරිහුණා. මේ හිරවෙලා දුක්විඳපු මිනිසුන්ගේ ප්‍රශ්න ගැන, දුක ගැන, හරිහැටි සොයා නොබැලීම නිසා මේ තත්වය සිදුවූ බව පෙනේ. කෙසේ වෙතත්, මෙවන් දේ සිදුනොවීය යුතු දේවල්...

:       0       0

Sachin Tuesday, 28 July 2020 02:33 AM

ලංකා එම්බසි එකෙන් පොලිස් ආරක්ෂාව ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඔතන උද්ඝෝෂණය කරන්න කඳුලු ගෑස් ගහනවා.

:       0       0

pradeepa Tuesday, 28 July 2020 07:14 AM

අද රට විරුවට වුන දේ, තමන්ගේ රටට එන්න බැහැ තමන්ට ඕන වෙලාවට.

:       84       20

බද්රානි Tuesday, 28 July 2020 08:31 AM

ලෝකෙන් උතුම් රටේ, රට විරුවන්ට නේද ජෝර්දාන් පොලිසිය ලව්වා සංග්‍රහයක් කරලා තියෙන්නේ? පිටරටවල් වල දුක් විඳිමින් කඹුරලා ජීවිතය ගැට ගහ ගනිමින් ලංකාවේ පාලකයින්ට ආවඩන වහල් රට විරුවන්ට ඔහොම වෙලා මදි? ඔලු ගෙඩි තලන්න ඕනා මොළේ පෑදෙන්න .

:       342       27

සපුමල් (Sapumal)Wednesday, 29 July 2020 09:53 AM

මේ තීරයේ ලියන හැමෝම මේ භද්‍රානිගේ උපදෙස් අරන් තමයි ලියන්න ඕනේ හොඳද? මුඩුක්කු වචන සෙට් එක නොවරදවාම ගන්න අමතක කරන්න එපා හොඳේ. මෙයා තමාගේ ගෙදර මනුස්සයාට දාන පාට් තමයි මේ දාන්නේ. ඒ මනුස්සයා පව් නේද?

:       0       0

සමරසේකර - ගම්පහ Tuesday, 28 July 2020 09:09 AM

පිඩාවට පත්වී ඇති සියලුදෙනාගේම මෙරට ඥාතීන් සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන්න. එතුමා පමණයි එදා සිටම මේ සිරවී ඇති අයව ගෙන්නාගන්න කෑ ගහන්නේ. ඔබලාගේ බලය අසීමිතයි. එය පාවිච්චි කරන්න.

:       92       20

sunil Tuesday, 28 July 2020 03:08 PM

සෑම සේවකයෙකුටම ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ රක්ෂණ ආවරණයක් ඇත .... කම්කරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට ජෝර්දාන් රජය ද කැපවී සිටී. දෙපාර්ශ්වය අතර සම්බන්ධතාවය ශ්‍රී ලංකන් තානාපති කාර්යාලය විසින් පලා නොයා ස්ථාපිත කළ යුතුය. මේ නිසා රාජ්‍ය තාන්ත්‍රිකයින් බහුතරයක් නිදාගෙන සිටිති.

:       13       87

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31733 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14193 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 208 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site