
(තිළිණි ද සිල්වා)
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සහ ඔවුන් ගැන සොයා බැලීමට ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර ඇතිවූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට ජොර්දාන් පොලිසිය අද (27) එම පිරිසවෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට එම කර්මාන්ත පුරයට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 340 කට ආසන්න පිරිසක් එම නිලධාරීන්ව වටකර ගෙන විරෝධය පළ කර ඇති බව ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.
එම ස්ථානයට පැමිණි එක් තානාපති නිලධාරියෙකු නිවාස අඩස්සියට පත්කර ගැනීමෙන් පසු ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වය පාලනය කිරීමට එරට පොලිසිය පැමිණ මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
ඉන් කිසිඳු නිලධාරියෙකුට හෝ ලාංකික ශ්‍රමිකයෙකුට හානියක් සිදුවී නැතැයිද තානාපති ආරංචි මාර්ග කියයි.
මාස පහකට ආසන්න කාලයක් තිස්සේ මෙම ලාංකික ශ්‍රමිකයින් පිරිස රැකියා අහිමිව සිය නේවාසිකාගාර තුළ සිරවී විවිධ අපහසුතාවට පත්ව සිටීම සම්බන්ධයෙන් එම බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමේදී ඇති වූ අනවබෝධයක් මත ලාංකික ශ්‍රමිකයින් කලබලකාරී ලෙසින් හැසිරීම නිසා තත්ත්වය පාලනයට මෙම කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සහ කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පැවසීය.
ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 340 කට ආසන්න පිරිසක් රඳවා සිටින ස්ථානයේදී එම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවත් ඉන් කිසිවකුට හානියක් සිදුව නැතැයි මන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.
කොරෝනා වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වී මාස කිහිපයක් ගතව ඇතත් ආපසු මව්බිමට යාමට නොහැකි වී ඇති බවත් තමන්ට විවිධ දුෂ්කරතා ඇති බවට එම ලාංකික බලධාරීන් අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන්ට දන්වා ඇති අතර ඒ අනුව එම තානාපති කාර්යාලය නිලධාරීන් තිදෙනෙකු ඔවුන් සිටින ස්ථානයට ගොස් කතා කිරීමේදී ඇති වූ අනවබෝධයෙන් මෙම කලබලකාරී තත්ත්වය ඇති වූ බවද නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයා පැවසීය.
කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති අතර එලෙස රැකියා අහිමිව එරට සිරවී සිටි ලාංකික ශ්‍රමිකයින්ට හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන බවද හෙතෙම කීය.
රැකියා අහිමි වී සිටින මෙම ලාංකික ශ්‍රමිකයින් ගැන තානාපති කාර්යාලය නිරන්තරයෙන් සොයා බලන බවද මංගල රන්දෙණිය මහතා කීය.
කළහකාරී ලෙස හැසිරුණු ලාංකික ශ්‍රමිකයින් කියා සිටින්නේ තමන්ට මාස පහක් තිස්සේ සිය සේවා ස්ථාන වලින් නිසි පරිදි වැටුප් නොලැබුණු බවත් මේවන විට තමන්ට ලැබුණුයේ දිනකට කෑම වේල් දෙකක් පමණක් යැයිද කියා සිටිති.
එබැවින් හැකි ඉක්මනින් තමන්ව දිවයිනට ගෙන්වා ගන්නැයිද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විරුවන්ගේ දෙමාපිය නෑදෑ හිතමිතුරනි, බියනොවී තුනෙන් දෙකේ බලය ඔවුන්ට දෙන්න. ඊටපසු ඒ බලය නිසා ඔබේ දරුවන් ගෙන ඒම ඔවුන්ට පහසුවෙනවා නොඅනුමානයි.
මාස 5ක් තිස්සේ මේ අසරණ මිනිස්සු විඳින දුක අපේ රටේ පාලකයින්ට පේන්නේ නැහැ. ජවිපයේ විතරයි මේ මිනිස්සු ගැන හඬක් නගන්නේ...
තත්ත්වය හරියටම පැහැදිලි නෑ. පොදු ගුණාකාරයක් හැටියට ගතහොත් තානාපති කාර්යාලවල නිලධාරින් පුනරුත්ථාපනය කරලා ගන්න ඕනෑ. පුදුම මාන්නයක් තියෙන්නේ. මානව හිතවාදී කමක් ගෑවිලාවත් නෑ. අකුරට වැඩ. හැබැයි පුලුවන් තරම් හම්බ කරන විදි තමා හොයන්නේ...
මෙයාලා යනකොට නම් අපිට කොකා පෙන්නලා යනවා. අන්තිමට අපට කොකා පෙන්වනවා දැන්...
නිරන්තරයෙන් සොයා බලනවා. අනේද කියන්නේ..? විදේශ අමාත්‍යාංශයේ ‘විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්‘ සඳහා රෙජිස්ටර් වෙන්න නිර්මාණය කළ දොරටුවෙන් රෙජිස්ටර් වුණ අයට උන්නද? මළාද? කියලා බලන්න කෝල් එකක් තියා නිකම්ම මේල් එකක් එවපු නැති අයට, එහෙම අදහසක්වත් නැති නිකම්මු බලයට පත්කළාම වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? කරන්න පුළුවන් එකම දේ තමයි මීටින් එකක් කැඳවලා ‘පාලු වළං බිඳින‘එක.. කරන්න පුළුවන් ලොකුම දේ තමයි සාකච්ඡාවක් කැඳවලා හිස් වැදගැම්මකට නැති කොමිසමක් හෝ කමිටුවක් හෝ පත්කරන එක... මාර සනීපයක් දැනෙන්නේ...
රට සල්ලි ලැබෙනකම් රට විරුවෝ. කරදරයට පත්වුණාම අපේ රටට, අපේ නායකයින්ට මතක නැහැ. කාට කියන්නද?
බොහෝවිට තානාපති සේවය සඳහා පත්කරනු ලබන්නේ ඊට නිසි සුදුසුකම් නොලත්, දැනුම නොලත්, දේශපාලන හිතවතුන්ය. මේ නිසා ඔවුන් තම තමන්ගේ වැඩක් බලාගෙන, තිබෙන වරප්‍රසාද ටිකත් ලබාගෙන යහතින් සිටින එක තමයි මෙතෙක් කල් කෙරුණේ. මේ හේතු නිසා තානාපති සේවයෙන් පිටරට සිටින අපේ මිනිසුන්ගේ ප්‍රශ්න කරදර ගැන සොයාබැලීමට නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එසේ සේවයක් කිරීමට දේශපාලන සුදුසුකම් පමණක් ප්‍රමාණවත් නැහැ. මේ වැනි හේතූන් නිසා තානාපති සේවය පිරිහුණා. මේ හිරවෙලා දුක්විඳපු මිනිසුන්ගේ ප්‍රශ්න ගැන, දුක ගැන, හරිහැටි සොයා නොබැලීම නිසා මේ තත්වය සිදුවූ බව පෙනේ. කෙසේ වෙතත්, මෙවන් දේ සිදුනොවීය යුතු දේවල්...
ලංකා එම්බසි එකෙන් පොලිස් ආරක්ෂාව ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඔතන උද්ඝෝෂණය කරන්න කඳුලු ගෑස් ගහනවා.
අද රට විරුවට වුන දේ, තමන්ගේ රටට එන්න බැහැ තමන්ට ඕන වෙලාවට.
ලෝකෙන් උතුම් රටේ, රට විරුවන්ට නේද ජෝර්දාන් පොලිසිය ලව්වා සංග්‍රහයක් කරලා තියෙන්නේ? පිටරටවල් වල දුක් විඳිමින් කඹුරලා ජීවිතය ගැට ගහ ගනිමින් ලංකාවේ පාලකයින්ට ආවඩන වහල් රට විරුවන්ට ඔහොම වෙලා මදි? ඔලු ගෙඩි තලන්න ඕනා මොළේ පෑදෙන්න .
පිඩාවට පත්වී ඇති සියලුදෙනාගේම මෙරට ඥාතීන් සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන්න. එතුමා පමණයි එදා සිටම මේ සිරවී ඇති අයව ගෙන්නාගන්න කෑ ගහන්නේ. ඔබලාගේ බලය අසීමිතයි. එය පාවිච්චි කරන්න.
සෑම සේවකයෙකුටම ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ රක්ෂණ ආවරණයක් ඇත .... කම්කරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට ජෝර්දාන් රජය ද කැපවී සිටී. දෙපාර්ශ්වය අතර සම්බන්ධතාවය ශ්‍රී ලංකන් තානාපති කාර්යාලය විසින් පලා නොයා ස්ථාපිත කළ යුතුය. මේ නිසා රාජ්‍ය තාන්ත්‍රිකයින් බහුතරයක් නිදාගෙන සිටිති.