IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ශානි මහර බන්ධනාගාර රෝහලට

( ජයන්ත සමරකෝන්)

දැනට රිමාන්ඩ්බාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මහර බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසු  මේ වන විට එම බන්ධනාගාර රෝහලේ අංක  1 වාට්ටුවේ පසුවන බව බන්ධනාගාර  ආරංචිමාර්ග කියයි.

මේ පිළිබඳව කරන ලද විමසීමකදී දැනගන්නට ලැබී ඇත්තේ ඔහු  ආරක්ෂක හේතුන් මත සහ අසනීප තත්ත්වය  පසු වන නිසා එහි රඳවා ඇති බවයි.
 
එම රෝහල් වාට්ටුවේ දැනට මීගමුව බන්ධනාගාරයේ  හිටපු  ප්‍රධාන ජේලර් සරත් බණ්ඩාර සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු 22 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් රඳවා සිටින බවද වාර්තාවෙයි.



අදහස් (8)

ශානි මහර බන්ධනාගාර රෝහලට

de silva Sunday, 02 August 2020 06:10 AM

ලංකාවේ පොලිස් නිලධාරින්ගේ හා බන්ධනාගාර නිලධාරින්ගේ වැඩගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ. පොලිසියේ සේවකයන් උසස් නිලධාරියෙකුට ආයුධ දමලා බොරු නඩු පැටලුවා නම් සාමාන්‍ය ජනතාවත් මොනවා නොකරාවිද? මහා පරිමාණ අපරාධ විශාල කුඩු ජාවාරම් යන සියල්ල කරන්නේ පොලිස් නිලධාරින්ගේ අනුදැනුම මත බව පෙනෙනවා.

:       0       0

විජිත් Sunday, 02 August 2020 07:15 AM

මේ මොහොත ගෙවෙන හැම මිනිත්තුවක්ම ඉතිහාසයේ මිල අධිකම වෙලාවක් කියලයි මට හිතෙන්නේ. ශානි අබේසේකර , වාස් ගුණවර්ධන යන දෙදෙනාම මැදමුලන පවුලට ගොදුරු වෙලා ඉන්නේ. මුලින්ම වාස් ගුණවර්ධනට මිනීමැරුම් චෝදනා ඇතැයි කියමුකෝ. නමුත් සාක්ෂි කොහේ හරි හිරවෙලා තිබුනේ. ඊටත් පස්සේ තමයි කොටි රත්තරන් විකුණන්න ගිහින් වාස් ගුණවර්ධනට අහුවුනේ. මේකෙන් කෝපවුණේ අප්පච්චි.. වාස් ගුණවර්ධනගේ සැඟවිලා හිරවෙලා තිබුණු මිනීමැරුම් සාක්ෂි ඇදලා අරන් එයාව කූඩුවට ඇරියා. ඒ පරීක්ෂණ කලේ ශානි අබේසේකර මහත්මයා. මීනීමරුවෙකුට එයාගෙන් බේරිලා යන්න ඉතාමත් අපහසුයිලු. මේ ශානි අබේසේකරම තමයි ඒ අපරාධය "සාතන්ගේ පුත්තු" කළ බව සාක්ෂි ඇතිවම හෙළිකළේ. මේ දෙන්නම අද හිරේ නොවෙයි ඉන්නේ..." මරු කටේ.." මේ දෙදෙනාගේ ජීවිත මේ වෙනකොට ඉතාම අවිනිශ්චිත තත්වයක තියෙන්නේ.. හිරගෙදර හිටපු රැඳවියන් විසිගණනක් මහා රෑ වෙඩිතියලා මැරුවේත්.. අප්පච්ච්ගේ රහස් සඟවන්නයි..

:       0       0

Asanga Sunday, 02 August 2020 07:45 AM

කවදාද මේ නරි නාටක ඉවර වෙන්නේ? කාවද මේ රවට්ටන්නේ?

:       0       0

siri Sunday, 02 August 2020 08:20 AM

මෙයා අත්අඩංගුවට ගත්තේ හිරේ ඉන්න පොලිස් ලොක්කෙක් සහ එල්ලුම්ගස් ගිය ප්‍රසිද්ධ කෙනෙක් එළියට ගන්න වැඩ පිළිවෙළේ කොටසක් හැටියට කියලා කියන්නේ ඇත්තද? දන්නේ නැති නිසයි අහන්නේ...

:       0       0

Rohana Sunday, 02 August 2020 11:37 AM

තමන්ට පැවරුන රාජකාරිය අකුරටම ඉටුකල මෙවැනි නිලධාරීන්ට බොරු නඩු පටලවා අමාරුවේ දමන්නේ ඇයි? රට ගමන්කරන්නේ කුමන දිශාවටද? මෙවැනි සිද්ධි අසන්නට ලැබීමත් කණගාටුවට කරුණක්.

:       0       0

විජේ Monday, 03 August 2020 08:41 AM

කරන්නෙම මේ වගේ වැඩ නේ?

:       0       0

sharm warn Tuesday, 04 August 2020 05:34 AM

මේ මහත්තයාව නම් වාට්ටුවක රඳවා තැබුවාට අපි වැරද්දක් කියන්නේ නැහැ.

:       0       0

BamunuarachchiWednesday, 05 August 2020 01:20 PM

මෝචරියට කිට්ටු එක නම් වඩාත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site